මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ධාවකයකු වූ අෂාන් සිල්වා නැවතත් සුපිරි දක්ෂතා පෙන්නුම් කරමින් දක්ෂතම මෝටර් රථ ධාවන ශූරයා සම්මාන ලබද්දී ප්‍රථම වරට යතුරුපැදි දක්ෂතම ධාවකයා ලෙස ඉවෝන් ගුරුසිංහ පසුගියදා නිමාවූ වලව සුපර් කේ‍රාස් තරගාවලියේ කැපී පෙනෙනම ධාවකයන් ලෙස සම්මාන ලැබිය.

7 වැනි වරටත් යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සංවිධානයට ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය පණ පෙවූ මෙම තරගාවලියේ මෝටර් රථ ධාවන අංශයේදී එස්.එල්/ජී.ටී. 3500සීසී-1 හා එස්.එල්/ජී.ටී. 3500සීසී-2 ඉසව් දෙකෙහිම ජයග්‍රහණය තහවුරු කිරීමට අෂාන් සිල්වා සමත් විය.

එස්.එල්.ජී/ටී 3500සීසී ඉසව්වේ කුෂාන් පීරිස් පෙර දින හොඳම කාලය වාර්තා කරමින් පෙරමුණේ සිටියද පළපුරුදු අෂාන් සිල්වා උපක්‍රමශීලී කුෂාන් පසුකර යමින් ප්‍රදර්ශනාත්මක තරගයක නියැළීම විශේෂත්වයක් විය. කෙසේ වුවත් දෙවැනි ස්ථානය සඳහා පසුව කුෂාන් සහ පසිඳු පීරිස් අතර තියුණු තරගයක් නිර්මාණය වීම ප්‍රේක්ෂකයන්ට හොඳ ආස්වාදයක් ගෙන එනු ලැබිය.

මේ අතර යතුරුපැදි අංශයේ පළපුරුදු ක්‍රීඩක ගයාන් සඳරුවන් එම්.එක්ස් 250 රේසිං 250සීසී ඉසව්වේ ජය ගත්තද එහි දෙවැනි තරගයෙන් ඉවෝන් ගුරුසිංහ ගයාන් සඳරුවන් අබිබවා යෑම කැපී පෙනුණි.

මේ අතර කාගේත් අවධානයට යොමුවූ යතුරුපැදි ඉසව්වක් වූයේ ජේ. කාණ්ඩයේ එම්.එක්ස් 50සීසී (ටී 2) අවුරුදු 13න් පහළ ඉසව්වයි. මෙහි ප්‍රථම හා දෙවැනි ස්ථානයන් නිවුන් සොහොයුරන් වූ මිනුක හා රවිනු රත්නායක ලැබිම කැපී පෙනුණි. එහි තෙවැනියා ලෙස ඇසළ මදනායක සම්මාන ලැබිය.

නිහාල් විජේරත්න යතුරුපැදි එම්. කාණ්ඩයේ සීසී ස්ට්‍රේල් ට්‍රේල් (4 ටී) සන්නද්ධ සේවා හා විවෘත අංශ දෙකෙහිම ජය ගැනීමද විශේෂත්වයක් විය.

රිවිර මීඩියා කෝපරේෂන් මෙවරද මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය වලව සුපර් කේ‍රාස් සඳහා දෙනු ලැබූ අතර පළපුරුදු ධාවකයන් තියුණු තරගයක් ලබාදීම තුළ ප්‍රේක්ෂකයන්ට උපරිම වින්දනයක් ගෙනදීමට සමත් විය.

තරග ප්‍රතිඵල
යතුරුපැදි – ර් කාණ්ඩයේ 125ජජ ස්ට්‍රේල් ට්‍රේල් (4 ඊ) සන්නද්ධ සේවා
1. නිහාල් විජේරත්න-යුද, 2. නිලංක මාවෙල-ගුවන්, 3. කසුන් විජේරත්න-ගුවන්
ර් කාණ්ඩයේ 125ජජ ස්ට්‍රේල් ට්‍රේල් (4 ඊ) විවෘත
1. නිහාල් විජේරත්න-යුද, 2. නිලංක මාවෙල-ගුවන්, 3. කසුන් විජේරත්න-ගුවන්
බ් කාණ්ඩයේ එම්.එක්ස් 65-85ජජ (4 ඊ) 13න් පහළ
1. ගගන ප්‍රනාන්දු, 2. නිසල මලින්ද ජයවර්ධන, 3. දමිත ජයවර්ධන
එම්.එක්ස් රේසිං 125ජජ (2 ඊ) සන්නද්ධ සේවා
1. බුද්ධික කසුන් සිල්වා, 2. ළහිරු ජීවන්ත, 3. ඉන්දික බස්නායක
බ් කාණ්ඩයේ එම්.එක්ස්. 50ජජ (2 ඊ) 13න් පහළ
1. මිනුක රත්නායක, 2. රිවිනු රත්නායක, 3. ඇසළ මදනායක
ර් කාණ්ඩයේ ස්ට්‍රේල් ට්‍රේල් 100-250ජජ-1
1. ඉවෝන් බියංජි ගුරුසිංහ, 2. සනුක සඳරුවන්, 3. මධුර පීරිස්
බ් කාණ්ඩයේ එම්.එක්ස්. 65-150ජජ 16න් පහළ
1. විනුෂ්ක සිල්වා, 2. භානුක රත්නායක, 3. ස්ටෙෆාන් ප්‍රනාන්දු
ර්ඔ කාණ්ඩයේ 125ජජ (2 ඊ)
1. බුද්ධික කසුන් සිල්වා, 2. ළහිරු ජීවන්ත, 3. බිනුල කිතලගම
එම්.එක්ස්. 250ජජ-1
1. ගයාන් සඳරුවන්, 2. ඉවෝන් බියංජි ගුරුසිංහ, 3. ජැක් ගුණවර්ධන
ර් කාණ්ඩයේ ස්ට්‍රේල් ට්‍රේල් 100-250ජජ (4 ඊ)-2
1. සනුක සඳරුවන්, 2. ළහිරු ජීවන්ත, 3. ඉවෝන් බියජි ගුරුසිංහ
එස්. එම්. සුපර් මෝටාඩ් විවෘත-1
1. උද්දික ශ්‍රීමාල් මලවිගේ, 2. ඉමල් මංචනායක, 3. සචිර රාජකරුණා
එම්.එක්ස්. 250 රේසිං 250ජජ-2
1. ඉවෝන් බියාජි ගුරුසිංහ, 2. ගයාන් සඳරුවන්, 3. ජැක් ගුණවර්ධන
මෝටර් රථ
එස්.එල්/ඊ 1000ජජ නිසාන් මාච්
1. චාමික රණතුංග, 2. දුලිප් පල්ලියගුරු, 3. මංජුල වීරසිංහ
එස්.එල්/එන් 1300ජජ ෆෝඩ් ‍ලේසර් මැස්ඩා
1. කුෂාන් පීරිස්, 2. නිශාන්ත සේනාධීර, 3. උපුල්වන් සේරසිංහ
එස්.එල්/ඊ 1275ජජ මිනි මෝටර් රථ
1. නීල් වීරසිංහ, 2. ලුතිනන් කර්නල් දුමින්ද ජයසිංහ, 3. චානක රත්නායක
එස්.එල්/ඒ 1050ජජ නවීකරණය කරන ලද මෝටර් රථ
1. අජිත් කීර්ති, 2. පසිඳු පීරිස්, 3. එස්.ඩී. සමරසිංහ
එස්.එල්/ජී.ටී. 3500ජජ-1
1.  අශාන් සිල්වා, 2. කුෂාන් පීරිස්, 3. පසිඳු පීරිස්
5500ජජ ට්‍රක් හා ජීප් රථ-ඩීසල්
1. ඉෂාක් වහාබ්, 2. ඩබ්ලිව්. ප්‍රියන්ත, 3. ලුතිනන් කර්නල් මහින්ද වීරකෝන්
එස්.එල්/ඒ මිනි 07 මෝටර් රථ
1. කේ. පරමේෂ්වරන්, 2. ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. තිසර, 3. අජිත් කීර්ති
එස්.එල්/එම් කාණ්ඩයේ 2200ජජ සුභාරු ලෙගසි
1. චමින්ද වීරසූරිය, 2. නවීන් හල්වතුර, 3. බුද්ධික රුක්ලන්ත
එස්.එල්/එන් ෆෝඩ් ‍ලේසර්/මැස්ඩා  1500ජජ
1. උපුල්වන් සේරසිංහ, 2. තරිඳු ධර්මරත්න, 3. ධම්මික ගොඩගේ
5500ජජ ට්‍රක් හා ජීප් රථ-විවෘත
1. ඉෂාක් වහබ්, 2. ඩබ්ලිව්. ප්‍රියන්ත, 3. ලුතිනන් කර්නල් දුමින්ද ජයසිංහ
එස්.එල්/ජී.ටී 3500ජජ-2
1. අශාන් සිල්වා, 2. පසිඳු පීරිස්, 3. ඉෂාක් වහබ්

ඡායාරූප – ඒෂාන් දසනායක