අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන ජාතික පාසල් අර්ධ මැරතන් තරගාවලිය 23 දින සවස 4.00ට දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කිරීමට මෙවර සූදානම් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය කියා සිටී.

මෙම මැරතන් ධාවන තරගය සඳහා වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහස් පන්සිය දෙනෙක් සහභාගි වීමට නියමිතව තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතා කියා සිටියේ කිලෝමීටර් 21 පිරිමි සහ කාන්තා තරග දෙකට අමතරව කිලෝමීටර් 5 පිරිමි සහ කාන්තා තරග දෙකක්ද සංවිධානය කර තිබෙන බවය.

දශක තුනක් පුරා සාර්ථකව පැවැත්වෙන මෙම මැරතන් ධාවන තරගය නෙස්ටමෝල්ට් මැරතන් තරගය ලෙස නම්කොට තිබේ.

ජාතික පාසල් මැරතන් තරගාවලිය දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණය අසලින් ලබන 23 වැනිදා පස්වරු 4.00ට ආරම්භ වන බවත්, පස්වරු 6.00ට පමණ නිමා කිරීමට සූදානම් කර තිබෙන බවත් සඳහන් වේ.

මේ තරග සඳහා සහභාගි වන සියලුම තරගකරුවන් රක්ෂණයකට භාජනය කොට තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. එම රක්ෂණ හිමිකම් මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ‍පොලිසිය වෙත භාරදීමද සිදු කරනු ලැබිය. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ‍පොලිසිය සඳහන් කළේ 23 වැනි පස්වරු 4.00 සිට ‘ඒ’-9 ප්‍රධාන මාර්ගය ‘ඒ’-6 ප්‍රධාන මාර්ග විනාඩි කිහිපයකට දඹුල්ල නගරය වසා දැමීමට සිදුවන බවයි. මෙම මාධ්‍ය හමුවට ග‍ලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි, ක්‍රීඩා නිලධාරී අතුල ජයවර්ධන, සහකාර ‍පොලිස් අධිකාරී එන්.ජේ. වීරසිංහ, දඹුල්ල මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ. අනුග්‍රාහක චෙක්පත නෙස්‍ලේ සමාගමේ උප සභාපති බන්දුල එගොඩග් විසින් ධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතාට ලබා දුන් අවස්ථාව

සමිලා කරුණාරත්න