ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර ඡුන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (19* පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේ ය.

ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් මෙලෙස තුනෙන් දෙකක බහුතර ඡුන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වා ඇති බවද එ් මහතා පැවසීය.

කතානායක කරු ජයසූරිය මහතාගේ් ප‍්‍රධානත්වයෙන් ඊයේ (19* දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැුස්වූ අතර,  නිවේදන දැනුම්දෙන අවස්ථාවේදී එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙමින් කතානායකවරයා මෙසේ පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලැබී තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබෙනවා. එම පනත් කෙටුම්පතේ කොටස් දෙකක් 12(1* සහ 14(1* වගන්තිය අනනුකූල වන බවත් ප‍්‍රකාශ වෙනවා. මේ සඳහා තුනෙන් දෙකක බහුතර ඡුන්දය ලබගැනීම සහ ජනමත විචාරණයකින් සම්මත කරගැනීම අවශ්‍ය වෙනවා යැයි ද කතානායකවරයා නිවේදනය සභාව වෙත ඉදිරිපත් කරමින් පැවසීය.

මේ අවස්ථාවේ නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නඩු තීන්දුවේ පිටපත් සියලූ පක්ෂවලට ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර කතානායකවරයා එය අනුමත කළේය.

රන්මලී සෝමසිරි