දියණියගේ ආභරණයක් උකස්කර මුදල් යොදවා වගාකළ අක්කර තුනක ලූණු වගාව වර්ෂාව හේතුවෙන් විනාශවී යාම නිසා සිත් තැවුලට පත් හබරණ – පුවක්‌පිටිය ප්‍රදේශයේ ගොවි මහතෙක් පෙරේදා (12) සිය දිවි හානි කරගෙන තිබේ.
මෙසේ මියගොස්‌ ඇත්තේ පුවක්‌පිටියේ පදිංචි කිරියාගේ ගුණරත්න නමැති පනස් හත් හැවිරිදි දෙදරු පියෙකි.
ඉඩෝරය පැවති දිනවල වගා ලිඳක් ආධාරයෙන් අසීරුවෙන් වගාකළ ලොකු ලූණු වගාව දිලීර රෝගයක් නිසා විනාශවීමට යාමේදී ඔහු විසින් සිය යතුරු පැදියද උකස්කර පළිබෝධනාශක යොදවා ඇති අතර, මේ දිනවල අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව නිසා අක්කර තුනක වගාබිම මුළුමනින් විනාශවී ඇත.
දඹුල්ල මූලික රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්‌ෂක ඩී. ඩබ්ලිව්. ජේ. බණ්‌ඩාර මහතා ඉදිරියේ මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණ.