විසිවැනි සංශෝධනයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළ පළාත් සභා මන්තී‍්‍රවරුන් අතරින් මේ වන විට පළාත් සභාවල තනතුරු දරන මන්තී‍්‍රවරුන්ගේ එම තනතුරු අහෝසි කිරීමේ දේශපාලන තීන්දුවක් ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයකුගේ කොළඹ පිහිටි නිවසක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (12* පැවැති රහසිගත දේශපාලන හමුවකදී මෙම තීරණයට එළැඹ ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් ඊයේ (13* දකුණු පළාත් කී‍්‍රඩා යෞවන කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවූ වීරසුමන වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබුණි. ඔහු ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි.

මේ අතර බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් බස්නාහිර පළාත් සභානායක සුනිල් ජයමිණි පළාත් සභාවේ ගිණුම් කාරක සභාව නියෝජනය කරන මෙරිල් පෙරේරා යන මහත්වරුන් ඊයේ (13* එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළ සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාටද ඉදිරියේදී එම තනතුර අහිමි වීමට ඉඩ ඇතැයි පැවැසේ

මේ සම්බන්ධයෙන් ඊයේ (13* බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන සංවිධායක ධුරය අහිමි වූ ගුණසිරි ජයනාත් මහතාගෙන් ‘රිවිර’ කළ විමසීමේදී එ් මහතා සඳහන් කළේ තමන් ඇතුළු විසිවන සංශෝධනයට එරෙහිව ඡුන්දය දුන් පළාත් සභාවේ තනතුරු දරන තිදෙනෙක් එම තනතුරුවලින් ඉවත් කර ඇති බව පළාත් සභා සභාපති සුනිල් විජේරත්න මහතා දැනුම් දුන් බවයි.

විසිවන පළාත් සභා සංශෝධනයෙන් මහ ඇමැතිවරයාගේ හා ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කර එ් බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් සිදුවන නිසාත් එමගින් පාර්ලිමේන්තුවට හිතුමතේ පළාත් සභා විසුරුවා හැරීමටත් පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීමටත් හැකිවන හෙයින් ඊට විරෝධය පා එම සංශෝධනයට විරුද්ධව තමන් ඇතුළු පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කළ බවද එ් මහතා සඳහන් කළේය.

මේ ආකාරයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්්ථා සංශෝධනයට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කළ අය ධුරවලින් ඉවත් කර ඇත්තේ අගමැතිවරයාගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා බවද එ් මහතා කීය.

බස්නාහිර පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කරන ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේ පළාත් සභාවේ රීති අනුව ගිණුම් කාරක සභාවෙන් තමා ඉවත් කළ නොහැකි බවයි. අවශ්‍ය නම් ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් දරන තනතුරෙන් පමණක් තමන්ව ඉවත් කළ හැකි බවද එ් මහතා කීවේය.

පළාත් සභා මන්තී‍්‍රවරුන් ඉල්ලීම් කරන ආකාරය අනුව පළාත් සභාවේ කාරක සභාවලට මන්තී‍්‍රවරුන් පත් කරන අතර බස්නාහිර පළාත් සභාවේ ගිණුම් කාරක සභාවට මන්තී‍්‍රවරු 11 දෙනෙක් ඇතුළත් වෙති. නීත්‍යනුකූලව ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වන මහ ඇමැතිවරයා විසින් වැඩ බලන සභාපතිවරයකු පත් කරන බවත් එ් අනුව තමන්ව ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කෙරුණ බවද එ් මහතා පැවසීය.

කාරක සභාවක් නියෝජනය කරන මන්තී‍්‍රවරයෙක් ඉවත් කිරීමේ හැකියාව ඇත්තේ පිට පිට වාර තුනක් කාරක සභාවට සහභාගි නොවීම හෝ පළාත් සභාවේ රීති උල්ලංඝනය කිරීමක් නිසා හෝ යැයිද කී එ් මහතා තමන්ව කාරක සභාවෙන් ඉවත් කර ඇත්තේ විසිවන සංශෝධනයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීම නිසා යැයිද පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස කොළඹ දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර සුමිත් සොයිසා මහතා මේ වනවිටත් පත් කර ඇතැයිද එ් මහතා මීට පෙර ගිණුම් කාරක සභාවට පිට පිට වාර ගණනක් නොපැමිණීම හේතුවෙන් කාරක සභාවෙන් ඉවත් කරන ලද මන්තී‍්‍රවරයකු බවද එ් මහතා පෙන්වා  දෙයි.

එසේම සුමිත් සොයිසා මහතා පළාත් සභාවට පත්ව ඇත්තේ සරත් සුමනසේකර මන්තී‍්‍රවරයාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට බවත් පැවසීය. වසර 7ක් ගිණුම් කාරක සභාවේ අත්දැකීම් ඇති කාරක සභාවේ කටයුතු අතපසු නොකළ තමා ඉවත් කර එ් වෙනුවට අඩුම තරමේ මහජන ඡුන්දයෙන් එකවර පළාත් සභාවට පත්වීමේ හැකියාවක් නැති පුද්ගලයකුට කාරක සභා සභාපතිකම ලබා දී ඇතැයිද එ් මහතා ස`දහන් කළේය.

කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ඉවත් කරන අවස්ථාවක එ් වෙනුවට පත්කළ යුත්තේ එතෙක් කාරක සභාවේ සිටි වෙනත් මන්තී‍්‍රවරයකු වුවත් සුමිත් සොයිසා මන්තී‍්‍රවරයා පත්කරන අවස්ථාවේ කාරක සභාවේ සාමාජිකයකු නොවන බවද එ් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර දකුණු පළාත් ක‍්‍රීඩා යෞවන කටයුතු ග‍්‍රාම සංවර්ධන සංස්කෘතික කලා කටයුතු සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක නිවාස හා ඉදිකිරීම් ඇමැති වීරසුමන වීරසිංහ මහතා ඇමැති ධුරයෙන් ඉවත්කොට එම ඇමැති ධුරය සඳහා දකුණු පළාත් ප‍්‍රධාන ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට ඇත.

දකුණු පළාත් ප‍්‍රධාන ඇමැති ෂාන් විජේලාල්ද සිල්වා මහතා ඊයේ (13* පෙරුවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඉදිරියේ ප‍්‍රධාන ඇමැති ධුරයට අමතරව ක‍්‍රීඩා යෞවන කටයුතු ග‍්‍රාම සංවර්ධන සංස්කෘතික කලා කටයුතු සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට දකුණු පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත‍්‍ර, එච්.ඩබ්ලිව්. ගුණසේන, යූ.ජී.ඞී. ආරියතිලක යන මහත්වරු එක්ව සිටියහ.

වීරසුමන වීරසිංහ මහතා මාතර දිස්ත‍්‍රික්කයෙන් එ.ජ.නි. සන්ධානය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත් විය. ඔහු ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙකි. වීරසුමන වීරසිංහ ඇමැතිවරයා ඊයේ උදෑසන පැවැති පළාත් කැබිනට් රැුස්වීමටද සහභාගි වී තිබේ. එම කැබිනට් රැුස්වීමෙන් පසු ඔහු ගාල්ල ලබු¥ව දක්ෂිණ පායේ පිහිටි අමාත්‍යාංශයේ රැු`දී සිටියදී ඇමැති ධුරයෙන් ඉවත් කළ බව ඇමැතිවරයාට දැන ගන්නට ලැබී ඇත.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා රැුස්වීමට ඉදිරිපත් කළ අවස්ථාවේ වීරසුමන වීරසිංහ ඇමැතිවරයා එම පනතට විරුද්ධව ඡුන්දය ලබා දුන්නේය.

ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන මට කනගාටුවක් නැහැ. මම දැන් වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට. මම මේ ඇමැති ධුරය තුළින් විශාල වැඩ කොටසක් කළා යැයි වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

රන්මලී සෝමසිරි/ලලිත් කංකානම්ගේ – ගිංතොට / සමන් කුමාර – බූස්ස