පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත නොකරන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් සිදුකරන ලද වැඩ වර්ජනය නිසා දඹුල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියහ.

13 වැනි දින උදෑසන දඹුල්ල රෝහලට ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ  විශාල රෝගීන් පිරිසක් ප‍්‍රතිකාර ගැනීමට පැමිණ සිටින ආකාරයයි.

එමෙන්ම වෛද්‍යවරුන් ප‍්‍රතිකාර කිරීමක් සිදුවන ආකාරයක් දැක ගැනීමට ද නොහැකි විය. ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පෝලිමේ සිටින රෝගීන්ගේ වැඩ වර්ජනය පිළිබ`දව අප විමසීමක් කළෙමු.

අප ඔවුන්ගෙන් විමසා හිටියේ මෙම වැඩවර්ජනයට හේතුව දන්නවා ද, යන්නයි, එමෙන්ම සයිටම් වචනය සිද්ධිය පිළිබ`දව අවබෝධයක් තිබේද යන්නයි, මෙහි පුද්ගලයන් දෙදෙනකු හැර සියලූ දෙනාම වැඩවර්ජන හේතුව නොදැන සිටීම විශේෂත්වයකි.

බහුතරයක් රෝගීන් කියා සිටියේ වැඩවර්ජනයට හේතුව නොදන්නා බවත් ඇතැමුන් කියා සිටියේ පඩි වැඩි කරගැනීම සඳහා වර්ජනය කරන බවත් සයිටම් කියන වචනය ප‍්‍රවෘත්ති මගින් අසා තිබුණත් එහි තේරුමක් නොදන්නා බවය.

තරුණ බාල මහලූ වැඩිහිටි මේ සියලූ දෙනාගෙන්ම විමසීමේදී එකම පිළිතුර ලැබීම විශේෂත්වයකි. එක් රෝගියකු පමණක් කියා සිටියේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය බවට පත්කර ගන්නා බවයි. කෙසේ වෙතත් අවබෝධයට ගත යුත්තේ මහජනතාවට තවමත් මේ කිසිදු දෙයක් නිසියාකාරව නොතේරෙන බවය.
ඔවුන්ට අවශ්‍ය රෝගය ස`දහා  ප‍්‍රතිකාර ලබාගැනීම පමණක් බවය.

සමිලා කරුණාරත්න