තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් ජනපි‍්‍රය පාසල්වල ගුරු දිනය සැමරීම සඳහා සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බව දෙමව්පියන් පවසති.

ගුරු දිනය යොදා ඇත්තේ ගුරුවරයා යනු කවරෙක්ද යන්න සමාජයට හා දරුවන්ට හ`දුන්වාදී ගෞරවාන්විතව හෙළ  සිරිතට අනුව බුලත් හුරුල්ලක්දී පායුග වැ`ද ගෞරව කිරීමට වුව ද එය විනාශ වන ආකාරයට පාසල්වල විවිධ වැඩසටහන් සකස් කර සිසු මනස වියවුල් කිරීමක් වර්තමානයේ දක්නට ලැබෙන බවට සමාජ මතයක් ගොඩනැගී ඇති බවද දෙමව්පියෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

අධ්‍යාපන ඇමැතිවරයා විසින් පාසල්වල කිසිදු කටයුත්තක් ස`දහා මුදල් එකතු කිරීම තහනම් කර තිබියදී මෙසේ මුදල් එකතු කරන්නේ කාගේ අවශ්‍යතාවන් මතදැයි තමන්ට ගැටලූවක් පවතින බව මොවුහු පවසති. මේ හේතුවෙන් අසරණ දෙමව්පියන් දැඩි අසීරුතාවයකට පත්වන අතර දරුවන් තුන් හතර දෙනකු සිටින පවුල්වලට මෙය ඉතාමත් අසීරු බවත් දරුවන්ට අසාධාරණයක් වේයැයි බියෙන් කෙසේ හෝ මෙම මුදල දීමට දෙමව්පියන් උත්සාහ ගන්න බවත් දෙමාපියෝ කියති. ඉහළ ශ්‍රේණිවල  සිසුන් ලවා මෙය සිදු කරන බවත් විදුල්පතිවරුන් මේ බව දැන දැන නොදන්නාසේ සිටින බවත් අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඇතැම් පාසල්වල ගුරු දිනය සැමරීමට එක් සිසුවකුගෙන් රුපියල් 100 බැගින් එකතු කිරීමට කටයුතු කරගෙන යන බවයි.

තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ පැවසීය.
”පාසල් ළමුන්ගෙන් කිසිදු ආකාරයක මුදල් එකතු කිරීමක් කරන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම කිසියම් පාසලක එවැනි සිදුවීමක් වෙන බවට මා වෙත වාර්තා වුවහොත් මා ඒ පිළිබ`දව වහා කි‍්‍රයාත්මක වෙනවා.”

නුවන් ජයසේකර / සූරියවැව