උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන් යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න්, යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගිතා ප්‍රධානී ලිබුසේ සුකු‍පෝවා යන මහත්ම මහත්මීන් මන්නාරම සිලාවතුර දිස්ත්‍රික් රෝහ‍ලේ ළමා වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වන අයුරු

යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) උතුරු පළාතේ දරුවන්ගේ සහ එම ප්‍රජාවගේ තිරසර සෞඛ්‍ය සම්පන්න බව වැඩිදියුණු කිරීම දහා වැදගත් ව්‍යාපෘති තුනක් සාර්ථකව අවසන් කර ජනතා අයිතියට පත්කර ඇත. මන්නාරම සිලාවතුර දිස්ත්‍රික් රෝහ‍ලේ ළමා වාට්ටුව, පෙරියමඩු නැගෙනහිර ප්‍රදේශයේ ජලසම්පාදන යෝජනා ක්‍රමය සහ වව්නියාව ආසිකුලම් ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය එම ව්‍යාපෘති ත්‍රිත්වයයි.

යුරෝපා සංගමය සහාය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ (UNICEF) ආයතනය විසින් ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘති නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා, පළාත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන් මහතා, යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගිතා ප්‍රධානී ලිබූසේ සුකු‍පෝවා මහත්මිය සහ උව්ඛිජ්ජ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටීම් සට්න් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

තමන් ජීවත් වන්නේ කුමන පරිසරයක වුවත් සියලු දරුවන්ට ළමා කාලයක්, අනාගතයක් සහ තමන්ට හැකි උපරිම තත්ත්වයට ළඟාවීමේ අවස්ථාවක් උරුම බව අපගේ විශ්වාසයයි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අපිරිසිදු ජලය සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ඔවුන්ට ලබාදීම ඉතා වැදගත් වෙනවා. අප අද දින ජනතා අයිතියට පත්කළ මෙම ව්‍යාපෘති තුන මගින් විශේෂයෙන් යුද්ධයට මැදිවූ ප්‍රදේශවල දරුවන්ට ජීවිත ජය ගනිමින් තමන්ට මෙන්ම රටටත් යහපත් උදාකරලීමට හැකිවෙනවා. අප සමග මෙම ප්‍රයත්නයේදී අත්වැල් බැඳගත් යුරෝපා සංගමයටත්, ශ්‍රී ලංකා රජයටත් අපගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි යනුවෙන් උව්ඛිජ්ජ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න් මහතා සඳහන් කළේය.

මෙහිදී ලිබූසේ සුකු‍පෝවා මහත්මිය පැවසුවේ පිරිසිදු ජලය සහ සෞඛ්‍ය සේවා ප්‍රවේශය මානව හිමිකම් අතර අවියෝජනීය සාධකයක් බවයි. යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට එම මානව අයිතිවාසිකම් උදාරලීම සඳහා උව්ඛිජ්ජ් ආයතනයත් ශ්‍රී ලංකා රජයත් සමග සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳ අප ඉතා සතුටු වෙනවා. ශ්‍රී ලංකා රජයේ මගපෙන්වීමත් උව්ඛිජ්ජ් ආයතනයේ තාක්ෂණික සහයෝගයත් යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයත් මත සමාජයේ විශාල පිරිසකට මෙම ව්‍යාපෘති ප්‍රතිලාභ ලබාදෙනු ඇති අතර ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති තවත් බිහිවනු ඇතැයි අප බලා‍පොරොත්තු වෙනවා යනුවෙන්ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මන්නාරම දිසා රෝහ‍ලේ අලුතින් කළ ළමා වාට්ටුව ළමුන් 1600 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව 27000කට අධික පිරිසකට ප්‍රතිලාභ සලසන අතර ආසිකුලම් ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය 4000කට අධික පිරිසකට අත්‍යවශ්‍ය මාතෘ සහ ළදරු ‍පෝෂණ සේවා ඇතුළු සෞඛ්‍ය සේවා ලබාදෙයි. මෙම ව්‍යාපෘති දෙකම මව්වරුන් සහ දරුවන්ගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදෙන අතර එමගින් යුද්ධය පැවැති ප්‍රදේශවල ජනතාවගේ මාතෘ හා ළමා මරණ අනුපාතිකය අඩු කිරීමට දායකත්වය ලබාදෙයි. පෙරියමඩු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාපනය කළ ජලසම්පාදන සහ පයිප්ප ජාලය එම ප්‍රදේශයෙ පවුල් 120කට ආසන්න ප්‍රමාණයක 500කට අධික පිරිසකට තිරසර පිරිසිදු පානීය ජලය පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත.

 වමේ සිට දකුණට - මන්නාරම සිලාවතුර දිස්ත්‍රික් රෝහ‍ලේ වැඩබලන වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.කේ.ආර්. ගුණපාල, මුසාලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඔස්මන් චාල්ස්, යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න්, යුරෝපා සංගමයේ නියොජිත මණ්ඩලයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගිතා ප්‍රධානී ලිබූසේ සුකු‍පෝවා, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන්, මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ආර්.ජූඩ්, මන්නාරම නියෝජ්‍ය කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එන්. හිල්රෝය ි පීරිස් යන මහත්ම මහත්මීන් උත්සවයට සහභාගි වූ අයුරු.
වමේ සිට දකුණට – මන්නාරම සිලාවතුර දිස්ත්‍රික් රෝහ‍ලේ වැඩබලන වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.කේ.ආර්. ගුණපාල, මුසාලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඔස්මන් චාල්ස්, යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න්, යුරෝපා සංගමයේ නියොජිත මණ්ඩලයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගිතා ප්‍රධානී ලිබූසේ සුකු‍පෝවා, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන්, මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ආර්.ජූඩ්, මන්නාරම නියෝජ්‍ය කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එන්. හිල්රෝය ි පීරිස් යන මහත්ම මහත්මීන් උත්සවයට සහභාගි වූ අයුරු.