නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් බද්දේගම පොලිසියට ගැටලූකාරී තත්ත්වයක් ඇතිවී තියෙනවා. නීති විරෝධී මත්පැන් යටතට ගැනෙන, කසිප්පු, සීනි කරිඤ්ඤ වැනි දේවල් සම්බන්ධයෙන් බද්දේගම පොලිසියෙන් වැටලීම් කළා. නමුත් මෑත කාලීනව අභියාචනාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවක් එක්ක මේ වන විට පොලිසියට නඩු පැවරීමට බලයක් නොමැති බව සඳහන් කරමින් සමහර අධිකරණවල නඩු භාර ගන්නේ නැතැයි බද්දේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත දිසානායක මහතා පැවසීය.

බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේදී ඒ මහතා එසේ පැවසීය. වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන සම සභාපතිතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර, සහකාර ප‍්‍රාදේශීය ලේකම් තනුජා අබේවර්ධන යන මහත්ම මහත්මීන් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැුසකගේ සහභාගීත්වයෙන් බද්දේගම සම්බන්ධීකරණ කමිටුව බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී පසුගිය 11 දා පැවැත්විණි.

පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය.
”පසුගිය සතියේ සිට බද්දේගම මහෙස්ත‍්‍රාත් අධිකරණය නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු භාර ගන්නේ නෑ.  රජයේ අරක්කු මුදලට විකිණීම සම්බන්ධයෙන් වන නඩුත් භාර ගන්නේ නෑ. සමහර අධිකරණවල නඩු භාර ගන්නවා. නමුත් ශී‍්‍ර ලංකාවේම සමහර අධිකරණවල නඩු භාර ගන්නේ නෑ. මහෙස්ත‍්‍රාත් අධිකරණ නීති එකිනෙකට වෙනස්. අපට කළ හැකි දෙයක් නෑ. බද්දේගම මහෙස්ත‍්‍රාත් අධිකරණය පසුගිය සතියේ සිට නඩු භාර නොගැනීම නිසා ගැටලූ රැුසක් ඇතිවෙලා.

සුරාබදු නිලධාරීන්ට මත්පැන් සම්බන්ධයෙන් වැටලීම් කිරීමට සහ නඩු පැවරීමට බලතල තියෙනවා. නමුත් ඉතිහාසයේ ඉ`දන් මේ කාර්යය කළේ පොලිසියෙන්.

පොලිසිය නඩු පැවරීම්වලින් ඉවත් වෙන්න ගත්තාම මහජනතාව පීඩාවට පත්වේවි. ගාල්ල දිස්ති‍්‍රක්කයටම සුරාබදු කාර්යාල තියෙන්නේ එකයි. එහි නිලධාරීන් ඉන්නේ ටික දෙනයි. ඒ නිලධාරීන්ට හැකියාවක් නැහැ සම්පූර්ණ දිස්ති‍්‍රක්කයම ආවරණය වන සේ වැටලීම් කිරීමට. මේ කාර්යය පහසුවෙන්ම කළ හැකිවන්නේ පොලිසියටයි. ජනතාව තොරතුරු දෙන්නේ පොලිසියට.  මේ ආකාරයෙන් නීති විරෝධී  මත්පැන් සම්බන්ධ නඩු පැවරීම්වලින්  පොලිසිය ඉවත් වුණොත් ලොකු ගැටලූවක් වෙනවා.

 ඕෂධ කමලනාථ – බද්දේගම