පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතු සඳහා ලැබුණු මුදල් යොදවා වකුගඩු රෝගීන් වෙනුවෙන් බැංකු ගිණුම් ඇරඹූ බවත්, එමෙන්ම දුර බැහැර සිට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සහ භාරකරුවන්ට නේවාසික වීම සඳහා පහසුකම් නොමැතිව පවත්වන අසීරුතා වැළැක්වීම සඳහා ඔවුන් වෙනුවෙන් නේවාසික පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ස්ථාපිත කරන ලද 250 වැනි ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

”අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොරොව්පතාන රිටිගහවැව ගම්මානයට පැමිණිලා අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් රජය විශේෂඥ වෛද්‍යතුමන්ලා ඇතුළු සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටයන් සෑම කෙනකුගේම උපදෙස් මත අපේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විජය ගුණරත්න මැතිතුමත් ඒ වගේම නාවික හමුදාපතිතුමා ඇතුළු ආරක්ෂක ප‍්‍රධානීන්, පොලිසිය, යුද හමුදාව මේ සෑම කෙනකුගේම අනුග‍්‍රහය තුළ කරන පුළුල් ජාතික වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

වකුගඩු රෝගය වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමත්, රෝග නිවාරණ අංශ, රෝග වැළැක්වීමේ අංශ ශක්තිමත් කිරීමත් යන කරුණු පදනම් කරගෙන පසුගිය අවුරුදු 25 කට වැඩි කාලයක් තුළ සෑම රජයක්ම ව්‍යාපෘති රාශියක් ආරම්භ කළා. ඒ වැඩසටහන් කොතෙක් ක‍්‍රියාත්මක වුවත් එහි යම් යම් අඩුපාඩුකම් සහ දුර්වලතාවන් රාශියක් තිබුණු බව අපිට පෙනී ගියා. ඒ දුර්වලතාවන් සහ අඩුපාඩු මගහැරීමටත් වකුගඩු රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීම සහ නිවාරණ අංශ ශක්තිමත් කිරීම සඳහා තමයි ජනාධිපති කාර්යාලයේ මේ සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවනු ලැබුවේ. මෙහිදී මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කරන අසේල ඉද්දවෙල මහත්මයා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ කණ්ඩායමක් ඒකරාශී වෙලා වකුගඩු රෝග නිවාරණයට උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක වෙනවා.

මුලින් මේ රෝගය හැඳින්වූයේ රජරට වකුගඩු රෝගය කියලා. නමුත් උතුරුමැද පළාත්වලට අමතරව රටේ තුනෙන් දෙකක ප‍්‍රදේශයක් තුළ වකුගඩු රෝගය පැතිරී තිබෙන නිසා රජරට වකුගඩු රෝගය යනුවෙන් හැඳින්වීම ඉවත් කරන්න සිදුවෙලා තිබෙනවා. රටේ තුනෙන් එකක ප‍්‍රදේශයක තමයි මේ සම්බන්ධයෙන් ඉතාම අවම ලෙස වාර්තා වෙන්නේ. මේ අනුව බලන විට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මේ සම්බන්ධයෙන් කළ යුතු කාර්යයන් වගේම අනිකුත් අංශ අධ්‍යාපන, කෘෂිකර්ම, පරිසර, මහවැලි, වාරිමාර්ග ඒ වගේම ජලාපවහන හා ජලය බෙදීම් කටයුතු කරන අමාත්‍යාංශ, ආයතන සියල්ල ජනාධිපති කාර්යාලයේ කාර්යය සාධන බළකායක් සමග මේ වැඩසටහන් කරගෙන යනවා. මේ සේවාවන් කොතෙක් විධිමත් කළත්, කාර්යක්ෂම කළත්, රෝගීන්ගේ වර්ධනය අපට තවම අවම කර ගැනීමට නොහැකි වීම ගැටලූවක්.

මම සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ ලංකාවේ වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණයක් කරලා මේ සම්බන්ධයෙන් අදාළ වාර්තාව නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදුන්නේ. ගෙවී ගිය දශක දෙකක කාලය තුළ අපේ රටේ විශ්විවිද්‍යාල ක්ෂේත‍්‍ර අනිකුත් පර්යේෂණ ආයතන සියල්ලම මේ සඳහා විවිධ පර්යේෂණ, අධ්‍යනයන් කරමින් වකුගඩු රෝගය ඇතිවීම, වැළැක්වීම මෙයට හේතු කාරක වන්නා වූ කරුණු පිළිබඳව නිර්දේශ රාශියක් ලබාදීලා තිබෙනවා.

ඒ පිළිබඳව අවසන් නිගමනයන් නොයෙකුත් වාද විවාද සහ තර්කයන් තිබුණත් තිබෙන නිර්දේශවලින් බහුතරයක එක`ගතාව වන්නේ රසායනික ද්‍රව්‍ය, වල්නාශක, කෘමි නාශක, පොහොර මේ සඳහා බලපාන බව. ඒ නිසා තමයි අපේ පාසල් දරුවෝ ඉදිරිපත් කළ වැඩසටහන්වලත් පානීය ජල අවශ්‍යතාව, එහි පිරිසිදුකම ගැන ඇතුළත් වෙලා තිබුණේ. ඒ වගේම වල්නාශක, කෘමි නාශක, පොහොර රසායනික ද්‍රව්‍ය භාවිතයේදී ගොවි ජනතාව විදියට පිළිපැදිය යුතු විවිධ උපදෙස් රාශියක් දීර්ඝ කාලයක සිට ලබාදෙන්නේ. මේ පිළිබඳව කළ හැකි සෑම කාර්යයක්ම උපරිම ලෙස ඉෂ්ට කරන්න අපේ රජය කැපවී කටයුතු කරනවා. අපේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා දොස්තර පාලිත බණ්ඩාර මහත්මයාගේ ඉදිරිපත් කිරීම තුළත් මෙහි සේවාවන් සහ පසුබිම පිළිබඳව පැහැදිලි කළා. අපි මේ වැඩසටහන අඛණ්ඩව තව තවත් ඉදිරියට ශක්තිමත් කරමින් අරගෙන යනවා. මේ රෝග තත්ත්වයන් වැළැක්වීම, නිවාරණය, ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කරනවා වගේම මේ ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබෙනවා. බොහෝ දුරට මේ රෝගයට ගොදුරු වී සිටින්නේ අඩු ආදායම්ලාභී සාමන්‍ය පොදු ජනතාවයි. මේ රෝගය පිළිබඳව ඉහළ ආර්ථිකයක් තිබෙන පුද්ගලයින් සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ ඉතාමත් කලාතුරකින්.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෛද්‍ය සේවාවන්වල සහ අනිකුත් අංශවල උපදෙස් සහ මගපෙන්වීම් මේ රෝගයට ලක් වී සිටින ගම්මානවල ජනතාවට ඉතාමත් අවශ්‍ය වෙනවා. රජය වගේම රාජ්‍ය නොවන අංශ, ස්වෙච්ඡුා අංශ, විවිධ ආයතන රාශියක් මේ පිළිබඳව විශාල කැපවීමක් කරනු ලබනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා පෙන්වපු අනුරාධපුරයේ සහ මහනුවර ඉදිකරන ගොඩනැගිලි ඉදි කරන්නේ රජයේ මුදල්වලින් නෙවෙයි. මේ වනවිටත් ඒවායේ තුනෙන් එකක පමණ වැඩ අවසන්වෙලා. නුවර සහ අනුරාධපුර රෝහල්වලට එන රෝගීන්ගේ භාරකරුවන්ට ඉන්න තැනක් නැහැ. ඒවගේම නේවාසික නොවන රෝගීන්ට රුධිර පරීක්ෂාවන්, විවිධ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට ඉන්න තැනක් නැහැ.

ජනාධිපති කාර්ය සාධන බළකාය පසුගිය අවුරුදු දෙකේ කරන ලද ඉල්ලීම් අනුව රුපියල් මිලියන 600 ක පමණ පරිත්‍යාගවලින් තමයි අනුරාධපුරය සහ මහනුවර ගොඩනැගිලි දෙක ඉදි වෙන්නේ. එක් ගොඩනැගිල්ලක් සඳහා රුපියල් මිලියන 300 ක් පමණ වැය කරනවා. ඒ පෞද්ගලික අංශය සතු මුදල්.

පැමිණෙන රෝගීන්ට සහ රෝගීන්ගේ භාරකරුවන්ට නේවාසික නොවන අයට රෝහලේ ඈත දුර ප‍්‍රදේශවල සිට පැමිණි විට ඉන්න තැනක් නැති නිසා නොයෙකුත් අපහසුතාවන්වලට මුහුණ දෙනවා කියලා ඒ රෝහල්වලට ගිය විට වෛද්‍යවරු කරුණු ඉදිරිපත් කළා. ඒ ගොඩනැගිලි දෙක සෑදීමට මූලික වශයෙන්ම හේතු වුණේ ඒ කාරණාවයි. මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදල් මේ වකුගඩු රෝගීන් සඳහා අරමුදලක් ආරම්භ කරනවා ඒ අරමුදලට දාන්න කියලා පසුගිය ජනාධිපතිවරණයේදී මම ඉල්ලීමක් කෙරුවා. මම ජනාධිපතිවරණයේදි පෝස්ටර් ගහන්නේ නැතිව කටවුට් බැනර් දාන්නේ නැතිව ඒ මැතිවරණය කළ යුතුයි කියලා රටේ සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කළා. ඒ සඳහා ලැබුණු මුදල්වලින් බැංකු ගිණුමක් ආරම්භ කළා. 2015 අයවැය යෝජනාවෙන් ඒ බැංකු ගිණුම රජයේ ජාතික වකුගඩු අරමුදල විදියට නම් කරලා රජයේ දායකත්වය ඒ සඳහා ලබා දුන්නා. රාජ්‍ය නොවන අංශවලින් ඊට ලැබුණු දායකත්වයෙන් පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලින්ගේ මුදල්වලින් තමයි මිලියන් 600 ක මුදල් යොදවලා මේ ගොඩනැගිලි දෙක ඉදි කරගෙන යන්නේ. ඒ තුළ අපි විශ්වාස කරනවා ඒ රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සුබසාධන කටයුතු ශකිත්මත් කරන්න.  මීට අවුරුදු කිහිපයකට පෙර තිබුණු යුදමය තත්ත්වයන් සමග ඇති වුණු බලපෑම් නිසා හොරොව්පතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය වැනි ගම්මාන ආරක්ෂා කරන්න වගේම යුද්ධය ජයග‍්‍රහණය කරන්න යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක බළකා රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් අති විශාල කැපකිරීම් කළා.

මේ රණවිරුවන් කැපවීම් කළ ප‍්‍රදේශයක් විදියටත් රණවිරුවන් විශාල වශයෙන් ජීවත්වන ප‍්‍රදේශයක් විදියටත් මේ ප‍්‍රදේශයට පැමිණි අවස්ථාවේ අද මේ කාරණාවට බාහිරව යමක් කිව යුතු වෙනවා.

රණවිරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව රජය ගෙනියන ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත්. රණවිරු දඩයම කියමින් රජයට චෝදනා කරනවා. ඒ රණවිරුවන් දඩයම් කියලා කියන්නේ රණවිරුවන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණ නෙවෙයි.

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරලා ජයග‍්‍රහණය ලබපු සැබෑ රණවිරුවන් සැමවිටම රජය ආරක්ෂා කරනවා. හමුදාපතිවරාගේ සිට අවසාන රණවිරුවා දක්වා ආරක්ෂා කිරීම අපේ රජයේ වගකීමක්. ඒ ප‍්‍රතිපත්තිය මම බොහෝම පැහැදිලිව මීට පෙර ප‍්‍රකාශ කළා. පසුගිය සතියේ අපේ පක්ෂ සංවත්සර උළෙලත් මේ පිළිබඳව මම රටට ප‍්‍රකාශයක් කළා. ඇතැම් වෙලාවට රජයට විරුද්ධ අය නොයෙකුත් විවිධ අසත්‍ය චෝදනා බොරු ප‍්‍රචාර මේ සම්බන්ධයෙන් ගෙනියනවා. ආණ්ඩුව රණවිරුවන් දඩයම් කරනවා. රණවිරුවන්ට හිරිහැර කරනවා. කරදර කරනවා. මේ විදියේ නොයෙකුත් විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවගේම මම දැක්කා පසුගිය සතියේ පුවත්පතක දේශපාලන කටයුතුවලට එක්වෙලා සිටින හමුදාවෙන් විශ‍්‍රාම ගිය හමුදා නිලධාරියෙක් රජයට විරුද්ධව ප‍්‍රකාශයක් කරලා තිබෙනවා එයාගේ ජීවිත කාලය තුළ දැකපු ඉතාම පිළිකුල් සහගත දේ තමයි මේ ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ට එළවා එළවා පහර දීම කියලා. ඒ ආබාධිත රණවිරුවන්ට ඵළවා එළවා පහර දීම කියන සිද්ධියේදී ඒ ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙක් මෙහෙයෙව්වේ කවුද? ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරන අය.

අද අපි මේ ස්ථානයේදීම වකුගඩු රෝගී පවුල් සඳහා නිවාස ආධාර දීමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් ක‍්‍රියාත්මක කරනවා. වකුගඩු රෝගීන් සිටින පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළේ අදත් එක් අදියරක් ක‍්‍රියාත්මක කරනවා. ඒවගේම ගෘහස්ථ ජල පෙරන 600 ක් ලබාදීම සංකේතවත් කරලා අද ඒ කටයුතු මෙහිදී ආරම්භ කරනවා. ඒවගේම ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති ගම්මාන 10 ක මේ අවස්ථාවේ විවෘත කරනු ලැබුවා. ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පද්ධති සඳහා ප‍්‍රතිලාභී පවුල්වලට අවශ්‍ය සහතික ලබාදීමේ කටයුත්ත අපි කරනවා. අපේ නාවික හමුදාව ජල පෙරණ යන්ත‍්‍ර සකස් කිරීම ආරෝ ප්ලාන්ට් සකස් කිරීම, ඒවා නිෂ්පාදනය කිරීම, සවි කිරීම් කටයුතු කරනවා. අද විවෘත කළේ වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ස්ථාපිත කරන ලද 250 වන ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතියයි.

මම මීට අවුරුදු එකහමාරකට කලින් මේ කටයුත්ත පටන් ගත්තේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ කළ වකුගඩු රෝගීන් සඳහා කරන වැඩපිළිවෙළේ ප‍්‍රධාන අංශයක් විදියට. අපි සම්පූර්ණයෙන්ම මුදල් ලබාදීලා ඒ කටයුතු ශක්තිමත් කළා.

නාවික හමුදාවේ ඉතාමත්ම දක්ෂ ඉංජිනේරුවරු කාර්මික ශිල්පීන් ඒ සඳහා සහයෝගය අපට ලබා දුන්නා. ඔවුන් ඉතාම හොඳින් ඒ කටයුත්ත කරනවා. නාවික හමුදාපතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමා ඇතුළු සියලූදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. අපේ මේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට නාවික හමුදාව ලබාදෙන ශක්තිය සහ ධෛර්ය පිළිබඳව සහ යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ඇතුළු සෑම අංශයක්ම මේ මහජන සුබසාධන කටයුතුවල සම්බන්ධයෙන් කරන කැපවීම අගය කරනවා. ඒ අනුව අපට මේ කටයුතු තව තවත් ශක්තිමත් කරන්න පුළුවන්කම තිබෙනවා. අපි සැමවිටම රෝගීන් සඳහා කටයුතු කරනවා වගේම රෝග වැළැක්වීම පිළිබඳව අවශ්‍ය මූලික අංශ ශක්තිමත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.

මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්න තව තවත් හඳුනාගෙන අඩුපාඩුකම් සකස් කරන්න මේ අවස්ථාව ලැබීම ඉතාමත්ම වැදගත් වෙනවා. අඩුපාඩු සකස් කරගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන බව සඳහන් කළ යුතුයි. මෙහිදී ප‍්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු අනිකුත් වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මේ අංශභාරව කටයුතු කරන සෑම කෙනකුටමත් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ සෑම කෙනකුගේම තිබෙන ඉහළ කැපවීම පිළිබඳව ජනතාවගේ සහ රජයේ ගෞරවය ඒ සෑම කෙනෙක් වෙතම පිරිනමනවා.

Untitled-4 Untitled-3