මියන්මාරයේ (බුරුමයේ)  රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව අද (13) සවස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම් දුන්හ.

මේ අවස්ථාවේ මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බව ද ඔවුහු පැවසුහ.

පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තවාදී කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිලිබඳ ශ්‍රී  ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බව නියෝජිත කණ්ඩායම දැනුම් දුන්හ.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩ බලන  මියන්මාර තානාපතිතුමා පැවසුවේ අන්තර්ජාතික මාධ්‍ය සහ  සමාජ ජාලාවල පළ වූ ඇතැම් ජායාරුප මීට දශයකට පමණ පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ දී  ලබාගත් ඒවා බවත් මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත් ය.

මියන්මාර ජනාධිපතිතුමාට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට බාර දුන්නේය.

මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ශ්‍රී ලංකා මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති කුමාර සේමගේ  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

m1m2

SHARE

8 COMMENTS

  1. පාලනය බෞද්ධ වුවත් වාර්ගික ශුද්දයක් අනුමත කල නොහැකියි. ශ්‍රී ලංකාවේ ජාතිවාදය පතුරනවා මදිවට වෙනත් රටවල ජාතිවාදයටත්, ආගම්වාදයටත් උඩ ගෙඩි දෙනවා.

  2. නිශාන්ත මහත්මය නොමග ගිහින්. මියන්මාරයේ වාර්ගික යුද්දයක් තියෙනවා කියන්නේ සැඟවුණු අරමුණු ඇති පිරිසක්. ඇත්තටම එහෙම දෙයක් එහෙ නෑ.

  3. මේගොල්ලෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුද??? මටනම් සැකයි… මොකද උගත් අය ජාතිවාදයට උදවු කරන්නේ නෑ

  4. මේ මහත්වරු මියන්මාරයේ ඇත්තටම සිදුවෙන දෙය සොයාබලා ජාතිවාදී ලේබල් අලවනවානම් හොඳයි. ඔවුන් ක්‍රියාත්මකවී ඇත්තේ අවිහිංසාවාදී බවුද්ධ ප්‍රතිපත්ති ප්‍රයෝජනයට ගෙන වර්ධනයවූ ආක්‍රමණයට හා බවුද්ධ සංහාරයට විරුද්ධවයි. මියන්මාරයේ සිදුවන බික්ෂු ඝාතන ගැන ඔය මහත්වරු කියන්නේ කුමක්ද ?තවත් රටක අන්‍යආගමිකයින්ට තම භුමියේ සෙවන ලබාදුන්නට ප්‍රතිඋපකාරයද ස්වදේශිකයින් මරා දමමින් ඔවුන්ගේ ආගම විනාශකරමින් තවතවත් භුමිය ආක්‍රමණය කිරීම ? මරික්කාර්ගේ උද්ඝෝෂණය එතකොට ජාතිවාදය නෙමෙයිද ? මරික්කාර්ට නිදහසේ වාර්ගික උද්ඝෝෂණයක යෙදීමේ අයිතිය ඇතුවා වගේම මේ අයගෙත් ප්‍රතිඋත්තර බැඳීමත් ඔවුන්ගේ අයිතිවාසිකමක්.

  5. methane acharyawaru innawada kiyala sakayake tibe?? ugath aya jathiwadayata idadenne natha??palanya baudda wuwath wargika udddayake anumatha kala nohaka. Ahinsaka nirauda minusune sha kanthawane maradamima baudda darshanyata anuwa anumatha kala nohake?? diyunuthakshnyake sahita ugayaka manasa diyununovima pudumayake?? wairayane wairaya nosansidey?? methane inna bohodena daranamathya yalpanagiya mathyakey. onama pudgalayakuta thamanae kamathey agamake adhiamta aitheyyake atha rata kumake wuwath.

  6. Nisantha He is not a sinhalish parson . he is doing his job very well . he is our muslim brother. anyway nisantha my dear brother to you thuruwan saranai .

LEAVE A REPLY

Previous articleහෙට දිව්රුම් දෙන සිංගප්පූරුවේ නව ජනපති
Next articleරෙඩ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය - ශ්‍රී ලංකා පිලට පිට පිට තෙවැනි ජයත්