සිංගප්පූරුවේ නව ජනපති ලෙස හලීමා යාකොබ් මැතිනිය නම් කර තිබේ.

මේ වසරේ එරට ජනපතිවරණය සඳහා සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් සිටි අපේක්ෂකයන් තිදෙනාගෙන් එම තනතුර සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා වන්නේ ඇයයි.

මේ නිසා ඇයට මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍ය නොවන බව මැතිවරණ බලධාරීන් විසින් තීරණය කර තිබේ.

63 හැවිරිදි හලීමා යාකොබ් එරට මැලේ ප‍්‍රජාව නියෝජනය කරයි.

සිංගප්පූරුවේ 8 වැනි ජනපති වන හලීමා යාකොබ් එරට ප‍්‍රථම කාන්තා ජනපතිවරියයි.

ඇය මීට පෙර එරට පාර්ලිමේන්තුවේ කතානායකවරිය වශයෙන්ද කටයුතු කළාය.

ඇය සිය නව තනතුරේ හෙට (14) දිව්රුම් දීමට නියමිතය.

කෙසේ වෙතත් හලීමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවී ජනපති ධූරයට හිමකම් ලැබීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්ද එරට තුළ ඇති වී තිබේ.