අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමි වී ඇත.

එම නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය අද (12) ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත.

අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ වෙනත් ඕනෑම පුද්ගලයකුට මෙම කාර්්‍යාලය වෙත ඒ පිළිබඳ  පැමිණිලි කිරීමේ හැකියාව පවතියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගිය 11 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරය අමතමින් සිදු කළ කතාවේදී ශී‍්‍ර ලංකා රජය අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බව සඳහන් කර ඇත.