ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ දෙවැනි සතියට අයත් තවත් තරග 3 ක් අද (13) පැවැත්වෙන අතර වැසිබර අයහපත් කාලගුණය හේතුකොටගෙන පසුගියදා පැවැත්වීමේ හැකියාව ලැබි තිබුණේ තරග 3 ක් පමණකි.

එහිදී අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේ ‍පොලිස් පිල හා නාවික හමුදාව අතර පැවති තරගයෙන් සත්කාරක ‍පොලිස් කණ්ඩායම ගෝල 1-0 ක ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබිය.

මෙම තරගයේ ජයග්‍රාහී ගෝලය එස්. ඩී. එස්. ද සිල්වා විසින් 89 වැනි විනාඩියේ දී වාර්තා කරන ලද අතර තරගයේ 50 වැනි විනාඩියේ දී ‍පොලිස් පි‍ලේ ආර්. අමලදාසන්ට රතු කාඩ්පතින් දඬුවම් කොට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා නියම කර තිබිණි.

මේ අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. ක්‍රීඩාංගණයේ නිව්යංග් හා සුපර්සන් අතර පැවති තරගයේ දී දෙපිලම එක ගෝලය බැගින් වාර්තා කිරීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.

එසේ වුවත් තරගයේ පළමු භාගය අවසන් වෙද්දී 28 වැනි විනාඩියේ දී අෆීස් ඔලයෙමි වාර්තා කළ ගෝලය උපකාර කර ගනිමින් සුපර් සන් පිලට ඉදිරියෙන් සිටීමේ හැකියාව ලැබි තිබිණි.

එහෙත් 77 වැනි විනාඩියේ දී හර්ෂණ විදුරංග වාර්තා කළ ගෝලයෙන් සත්කාරක නිව් යංග් පිලට පරාජයෙන් ගැලවීමට අවස්ථාව ලැබිණි.

බම්බලපිටිය ‍පොලිස් ක්‍රීඩාංගණයේ දී ජාවා‍ලේන් ප්‍රහාරයට ගොදුරු වූ ‍පොලිස් පිලට ගෝල 3-0 ක පරාජයක් හිමිව තිබූ අතර ජවා‍ලේන් ජයග්‍රහණය තහවුරු කරමින් එමානුවෙල් උච්ච්ෙන, එම්. රිස්කාන් හා එම්. නජිබ්ඩීන් ගෝල වාර්තා කරන්නට සමත් වූහ.

මේ තරගයේ දී කේ. ජී. එස්. කුමාර රතු කාඩ්පතින් දඬුවම් ලැබිම නිසා ‍පොලිස් පිලට තරගයේ අවසන් භාගයේ දී තරග කරන්නට සිදුව තිබුණේ ක්‍රීඩකයන් 10 දෙනකු සහිතවය.
මෙම තරගාවලියට අයත් අද පැවැත්වෙන තරග
බ්ලූස්ටාර් – ක්‍රිස්ටල් පැලස් තරගය – කළුතර දී පස්වරු 3.30
සොන්ඩර්ස් – යුද හමුදාව – තරගය – කැලණිය පස්වරු 3.30
ගුවන් හමුදාව -නිගම්බු යූත් – තරගය – රත්මලාන – පස්වරු 3.30

අරුණ වීරමන්