රෙඩ් බුල් විශ්වවිද්‍යාල කි්‍රකට් තරගාවලියට ඉන්දියාව සහ පාකිස්තානය නියෝජනය කරමින් සහභාගි වී සිටින කණ්ඩායම් දෙක අතර පවතින ආත්මීය බැඳීම ඉතාමත් ශක්තිමත් එකක් විය. එම නිසා තරගාවලියේ ආරම්භක දිනය වූ අද (10) එම කණ්ඩායම් දෙක අතර පැවැති තරගය ඉතාමත් යහපත් තත්ත්වයේ පැවැති අතර තරගය ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකේ කී්‍රඩකයන් එක්ව සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

එම තරගයේදී ඉන්දියාවේ පූනේහි මරත්වාද මිත්‍ර මණ්ඩල් වානිජ විදුහලට (එම්.එම්.සී.සී. කණ්ඩායම) එරෙහිව කඩුලූ 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පාකිස්තානයේ කරච්චිහි නසීමාබාද්, ජින්නා රජයේ විදුහල (ෙජ්.ජී.සී.එන්. කණ්ඩායම) සමත් විය. එම තරගය මේ වසරේදී පැවැති ඉහළම මට්ටමේ තරගයෙන් ලෙස හැ`දින්විය හැකි ශ+රයන්ගේ කුසලාන කි්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය සිහිකරවන්නක් විය.

ඕවර 3.1 කදී ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගනිමින් හසන් මෝසින් දැක්වූ දක්ෂතාව නිසා එවර ලන්ඩන්හිදී සිදුවූ අයුරින්ම මෙම තරගයේදීද ඉන්දියාව අඩු ලකුණු සං්‍යාවකට සීමා කිරීමට පාකිස්තානයට හැකි විය. ෙජ්.ජී.සී.එන්. කණ්ඩායමේ පන්දු රකින්නන් අතින් ඉතා පහසු උඩපන්දු දෙකක් ගිලිහී ගියද, මෝසින්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එම්.එම්.සී.සී. ඉනිම ඕවර 17 ක් අවසානයේ ලකුණු 81 කට සීමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 82 ඉතා පහසු ඉලක්කයක් හඹාගිය ෙජ්.ජී.සී.එන්. කණ්ඩායම ඕවර 14.5 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය.

එදින පැවැති අනෙක් දකුණු ආසියානු ගැටුමේදී බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයට (යූ.එල්.ඒ.බී. කණ්ඩායම) වඩා ඉදිරියෙන් සිටීමට › ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම) සමත් විය. එම තරගය ඉකුත් වසරේදී පැවැති රෙඩ් බුල් විශ්ව විද්‍යාල කි්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ නැවත විකාශනයක් බඳු විය. එහෙත් මෙවර පැවැති තරගයේදී බී.එම්.එස්. කණ්ඩායමේ ජයග්‍රාහී පරතරය ලකුණු 47 ක් විය.

ඉකුත් වසරේදී (2016) සිදුවූ අයුරින්ම මේ වසරේදීද ජාත්‍යන්තර මට්ටමේ කී්‍රඩකයකුගේ පැමිŒම නිසා බී.එම්.එස්. කණ්ඩායම සැලකිය යුතු ලෙස ශක්තිමත් විය. බී.එම්.එස්. කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලබාගත් ලකුණු 188 රැකගැනීමේදී ලකුණු 18 කට කඩුලූ 3 ක් බිඳහෙළීමට, ඉකුත් වසරේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් අමිල අපොන්සු සමත් විය. සිය පළමු ඔවරයේදී කඩුලූ 2 ක් දවාගැනීමට සමත් වූ අමිල, එහිදී යූ.එල්.ඒ.බී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ අසිර් ඉන්සේසර් (16) සහ ජසීම් උද්දීන් (32) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පිහිටුවා තිබූ ලකුණු 57 ක සම්බන්ධතාව බිඳ දැමීමටද සමත් විය.
එම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටීම හැඳින්විය හැකි අතර ඉන් අනතුරුව යූ.එල්.ඒ.බී. කණ්ඩායමට යළිත් හිස එසවීමට අවස්ථාවක් නොලැබිණ. එහිදී ඕවර 20 අවසානයේ ඔවුන්ට කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පම‚.