ඊයේ (10) කවුඩුල්‍ලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී අපූරු සිදුවීමක් සිදුවිය. ජනාධිපතිවරයා වේදිකාවේ අසුන්ගෙන සිටියදී ජනතාව අතරින් කුඩා දැරියක් මතු විය. ඇය ඉදිරියට දිව එනවිට ජනාධිපති ආරක්ෂක නිලධාරීන් දැරිය නතර කිරීමට උත්සුක විය. එය දුටු ජනාධිපතිවරයා ඇයට තමන් කරා එන්නට ඉඩ දෙන්නැයි ආරක්ෂක නිලධාරීන්ට කිය. එවිට “මෛත්‍රී සීයේ…” කියමින් ජනපතිවරයා වෙත දිව ආ මෙම පුංචි දැරිය කිසිදු බියක් සැකක් නොමැතිව ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවට පැන්නාය. ජනාධිපතිවරයාද සිනාමුසු මුහුණින් සිඟිත්තිය සුරතල් කළේය. ටික වේලාවක් යන විට අසල සිටි මහින්ද අමරවීර ඇමැතිවරයා එම කුඩා දියණිය අමතා, “දැන් ඇති නේද ඔඩොක්කුවෙන් බහිමු නේද” කියා කියූ විට එක එල්‍ලේම “මට බැහැ…” කියූ දැරිය උත්සවය අවසන් වන තෙක්ම ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවේ රැඳී සිටියාය. මේ ඒ අපූරු දසුන ජනාධිපති මාධ්‍ය ඒකකයේ කපිල ආරියවංශගේ කැමරාවේ සටහන් වූයේ මෙසේය.