රවි කරුණානායක ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඉස්මතු වූ දේශපාලන කරුණු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල සමග පැවැත් වූ සාකච්ඡාවකි.

ප‍්‍ර රවී කරුණානායක ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
පි අස්වුණාට වඩා එ්කාබද්ධ විපක්ෂය විසින් අස් කළා කියන එකයි නිවැරදි. මීට හරියටම සතියකට කලින් රටේ තත්ත්වය බැලූවොත් රවි කරුණානායක ඇමැතිතුමා තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබනවා මම කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ. මට අස්වෙන්න හේතුවක් නැහැ කියලා. එ් වගේම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කබීර් හෂීම් ඇමැතිතුමා, පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්්මන් කිරිඇල්ල මැතිතුමා කියනවා ඔහු තවම වරදකරුවෙක් වී නැහැ. ඔහුට අස්වෙන්න හේතුවක් නැහැ. විශ්වාස භංගයේදී අපි ඔහුව ආරක්ෂා කරනවා. එහෙමයි මේ සටන ඇරඹුනේ. රවී අස්වෙන්නේත් නැහැ. එජාප නායකයෝ ඔහුට අස්වෙන්න ඉඩ තියන්නෙත්් නැහැ. නමුත් අපේ විශ්වාස භංග යෝජනාවේ බාහිර කරුණු අපි අනනාවරණය කිරීමෙන් ලොකු ජනතා මතයක් ඇති වුණා, ඔහු අස්විය යුතු බවට. එ් අනුව ආණ්ඩුවේ ඉන්න නිල්පාට, කොළ පාට අලි දෙවර්ගයටම කියන්න සිද්ධ වුණා විශ්වාසභංගයට එ් අය සහාය පළ කරන බව. විශ්වාස භංගයෙන් පැරදි ගෙදර යනවාට වඩා අස්වීම නම්බුකාර නිසයි එතුමා අස්වුණේ. එ් නිසා එ් තුළ යහපාලනයක් පෙන්වීමට වඩා විපක්ෂයේ සටන්කාමීත්වයයි පෙන්වන්නේ.

ප‍්‍ර: එ්කාබද්ධ විපක්ෂය ගෙනාපු විශ්වාසභංගය මේ සිද්ධියත් එක්ක නිෂ්ඵල දෙයක් බවයි කථානායනවරයාගේ දැනුම් දීමෙන් ගම්‍ය වෙන්නේ ?
පි විශ්වාසභංගය ගෙනාවේ නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් විශ්වාසභංගයයට සහාය දෙන බවට ප‍්‍රකාශ කරන්නේ  නැහැ. එහෙම නොකළා නම්  රවි කරුණානයක මහතා හිටියේ ඉල්ලා අස්වෙන්න නෙවෙයි.

ප‍්‍ර: ජනතාවගේ මුදල් දේපළ දේශපාලන බලයෙන් තමන්ගේ පෞද්ගලික වුවමනාවන් ස`දහා යොදා ගන්න අයට මේ සිදුවීම අනතුරු ඇඟවීමක්
පි හොරුන්ට මේක හො`ද පණිවුඩයක්. අපි දැක්කා වංචා ¥ෂණ චෝදනා එල්ල වෙන සෑම කෙනෙක්ම රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. රුපියල් 25000ට වැඩිය රාජ්‍ය දේපළකට හානියක් කළොත් ඔහුට ඇපත් නැහැ. නමුත් කරුණානායක මහතා ඉදිරිපෙළින් පසු පෙළට යාම පමණයි සිද්ධ වුණේ. ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම අනිවාර්යයනේ සිදුවිය යුතුයි.

ප‍්‍ර: එ් කියන්නේ තවමත් සැබෑ බැ`දුම්කර සොරුන් නිදැල්ලේ ?
පි ඇමැතිකමෙන් අස්වීමට වීරත්වයක් ආරූඪ කරලා චෝදනාවලින ගැලවී යන්න ඉඩ දෙන්න බැහැ. ඔහුගේ වංචාව බැ`දුම්කර වංචාවට සම්බන්ධයක් නැහැ. එ්ක පරිබාහිර කාරණයක්. සැබෑ බැ`දුම්කර හොරු ටික මේ වන තුරුත් නිදැල්ලේ හැසිරෙනවා.

තරාතිරම නොබලා ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම කළ යුතුයි. බැ`දුම්කර හොරුන්ට නිදැල්ලේ හැසිරීමට පමණක් නෙවෙයි විදෙස් ගමන් තහනමක් නැති නිසා  ඕනම වෙලාවක රට අත් හැර යන්න පුළුවන්. එ් වගේම මේ අය තමන්ගේ මුදල් යොදා දැවැන්ත ආයෝජන කරමින් මේ මුදල් ලංකාවෙන් පිට කරනවා. මුදල් රාජ්‍ය භාරයට ගැනීමක් මේ වනතුරු සිද්ධ වෙලා නැහැ. මොන සොයා ගැනීම වුණත් වසර දෙකහමාරකට පෙර සිදුවුණු මේ වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් ඉන්නේ ඉතාම මන්දගාමී තැනකයි.

ප‍්‍ර: අනාගතයේ දේශපාලනඥයෝ මේ සිද්ධිය පාඩමක් කර ගනියිද?
පි මම හිතන්නේ නැහැ. එහෙම වෙන්න නම් ඉදිරිපෙළින්් පසුපෙළට විසිකරලා ප‍්‍රශ්නය වහනවා වෙනුවට ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කර ද`ඩුවම් කළ යුතුයි. පසුගිය කාලයේ කොඩි කණු බෙදුවා නැතිනම් ජනාධිපතිවරයාගේ මුහුණ යොදා ලිත් මුද්‍රණය කළා වගේ චෝදනා නිසා රක්ෂිත බන්ධනාගාරගත කර නඩු පැවරුවා නම් ඇයි මෙවැනි දැවැන්ත වංචාවන් කරන අයට නඩු නොපවරන්නේ. එ් නිසා නීතිය කි‍්‍රයාත්මක නොකර මෙවැනි මාධ්‍ය සංදර්ශනවලින් මන්තී‍්‍රවරුන් අතර වැරදි කිරීමට භීතියක් ඇතිවේ යැයි මා නම් සිතන්නේ නැහැ.

ප‍්‍ර: මූල්‍ය වංචාවන් ගැන චෝදනා එල්ල වුණු මන්ත‍්‍රීවරු එ්කාබද්ධ විපක්ෂයේත් ඉන්නවා. එ් අයට එරෙහි පරික්ෂණවලදීත් ඔබතුමාලා සහාය දක්වනවාද?
පි මම හැමදාමත් කිව්වා අපේ කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඔවුන්ට ද`ඩුවම් කරද්දී ආරක්ෂා කරන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. රවි කරුණානායක ඇමැතිවරයාගේ සිද්ධියට සමකළ හැකි එක සිදුවීමක් එ්කාබද්ධ විපක්ෂය පැත්තෙන් කියන්න. අපේ කාටවත් එවැනි චෝදනා නැහැ. රාජපක්ෂවරු සියලූ දෙනා බරපතළ වංචා පිළිබ`ද කොමිෂම ඉදිරියට ආවා. දිනේෂ් ගුණවර්ධන විමල් වීරවංශ වැනි පක්ෂ නායකයින් ආවා. මේ කිසිවෙක් කොමිසම ඉදිරියේ තමන්ගේ ඇ`දුම් ගලවා තබා නිරුවතින් එළියට  ආවේ නැහැ. මේ කිසිවෙක් මම දන්නේ නැහැ මට මතක නැහැ වගේ තොත්ත බබා චරිත ර`ගපාන්න උත්සාහ කළේ නැහැ. එ් නිසා එ්කාබද්ධ විපක්ෂයේ කිසිවකුට අල්ලසක් ලෙස නිවසක් මිලදී ගැනීමක් ගැන කොමිසමක් ඉදිරියේ පිළිගැනීමකට ලක් වෙන්න සිදු වෙලා නැහැ.

ප‍්‍ර: පාර්ලිමේන්තුවේ කරපු කතාවලින් අපිට හිතෙන්නේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ දෙකත් එ්කාබද්ධය හොරු කියනවා. හොරු නොවන පිරිසක් ඉන්නවා නම් එ් ජනතා විමුක්ති පෙරමුණ විතරද?
පි රවි කරුණානායක ඇමැතිතුමාගේ ආකාරයේ වංචාවන් ජවිපේ නායක අනුර කුමාර දිසානයක කරලා තියෙනවා. ජවිපේ විපක්ෂයේ සිටියදී විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාගෙන් ජවිපෙ නායකයා ලක්ෂ 25 තෑග්ගක් ලබා ගත්ත බව ප‍්‍රසිද්ධියේ පිළිගන්න සිද්ධ වුණා. එ් වගේම පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව වැඩ කිරීමට වැසිකිළියක් තුළ දී සල්ලි ගත්ත බවට චතුර සේනාරත්න මන්තී‍්‍රවරයා කරපු ප‍්‍රකාශයකුත් තිනෙවා. ඉන්දියානු තානාපති කාර්යාලයෙන් ඩොලර් මිලියන ගණනක් ජවිපෙ මැතිවරණ ස`දහා ලබා දුන් බවටත් රාවය පුවත් පතේ ප‍්‍රධාන සිරස්තලය ලෙස පළවුණා. එ් නිසා කාගේ කාගෙත් කිල්ලෝටයේ හුණු ටික ටික තියෙන බවයි.

ප‍්‍ර: විපක්ෂයට එක් වෙන්න හිටිය ඇමැතිවරු දැන් සද්ද බද්දයක් නැහැ?
පි කිසිසේත්ම නැවතිලා නැහැ. ඔවුන් එකතු වෙන්නේ සැප්තැම්බර් මාසයේ. තාම සැප්තැම්බර් මාසය උදාවෙලා නැති නිසා එ් එකතු වී සැප්තැම්බර් මාසයේදී සිද්ධ වෙයි.

ප‍්‍ර: සැප්තැම්බරයේ වෙනසක් වෙනවා?
පි අනිවාර්යෙන් සිදු වෙයි. ඔවුන්ගේ පිටවීමට අවශ්‍ය පසුබිම දැන් දන් තීව‍්‍ර වෙමින් තිබෙනවා. අපිට පේනවා ජනාධිපති කොමිසම මගින් ජනාධිපති රවී කරුණායක මහතාට පහර දුන් බව එජාපය විශ්වාස කරනවා. එ් නිසා එජාපයේ පසුපෙළ මන්තී‍්‍රවරු ශී‍්‍රලනීපයට පහර දීමේ පළමු පියවර ලෙස ඌව මහ ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට ගියා. මේ සිදු වෙන්නේ එජාප නායකයාගේ ආශිර්වාදයෙන්. එ් කියන්නේ ආණ්ඩුව ඇතුළේ ශී‍්‍රලනීප එජාප සීතල යුද්ධය ඇරඹිලා. එ් විතරක් නොවේ රවි කරුණානායක දිගින් දිගටම කියනවා තමන්ට එරෙහිව කුමන්ත‍්‍රණ කළේ තමන්ගේම මිතුරන්ලූ. එතුමාගේ දියණිය කියනවා අපේ තාත්තා විතරක් නොවේ හොරා තව හොරු ඉන්නවා ඇයි අපේ තාත්තාට විතරක් ඇ`ගිල්ල දිගු කරන්නේ කියලා. මේවායින් පේන්නේ එජාපය ඇතුළෙත් කුලල් කා ගැනීමක් තියෙන බවයි.

ප‍්‍ර: විපක්ෂයේ කණ්ඩායම්වල අවධානය මේ වගේ ප‍්‍රශ්නවලට යොමුවන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේන්න සුදානම් වෙනවා?
පි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා යෝජනාව පරාජය කිරීමේ පියවරක් ලෙසයි ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු පිරිසක් දිනා ගැනීමට කටයුතු කරන්නේ. ශී‍්‍රලනීප ඇමැතිවරු 17 ක් විපක්ෂයට එකතු වෙනනවා. ඒකෙන් ව්‍යවස්ථා සංශෝධනයට අත්‍යවශ්‍ය 2/3 බලය අහිමි වෙනවා. එ් නිසා මේ  වෑයම අනිවාර්යයෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමක් තමයි.

සාකච්ඡා කළේ-රන්මලී සෝමසිරි