සොබාදහමින් නිර්මිත සතුන් නොමැතිව හුදකලාවේ මේ ලෝකයේ වසන්නට මිනිසා සිතන්නේ නම් එය මුළාවකි. ඒ සතුන් අතරිනුත් බල්ලා සහ පූසා ආදී කාලයේ පටන් මිනිසාට සමීපය. උන් මිනිසා විශ්වාසවන්ත ස්වාමියකු සේ සලකා හැමවිටෙකම මිනිසාගේ ඇසුරේ ජීවත් වූහ. එහෙත් ඒ තරමට විශ්වාස කරමින්, ඒ තරමට සෙනෙහස දක්වමින්, ඒ තරමටම රැුකවරණය දෙමින් ළඟින් ඉන්නා බල්ලාට අවසානයේ බොහෝ මිනිසුන් සලකන්නේ නපුරු විදිහටයි. තුච්ඡු ලෙසටයි. අකාරුණිකවයි.

ගෙදර හදන බල්ලාට බැරිවූ කලට ගේට්ටුවෙන් පිටතට යනතුරු බලා හිඳ හෝ ගේට්ටුවෙන් පිටතට තල්ලූකර ගේට්ටුව වසා දමන්නේ ඒ නිසාය. ආයේ ඒ බල්ලාට ඒ ගේට්ටුව ඇරෙන්නේ නැත. ඉඳුල් ටිකක් සොයා එන නන්නාඳුනනා බල්ලාට කෑම වෙනුවට කැට මුගුරුවලින් සංග‍්‍රහ කරන්නේත් ඒ නිසාය. පව්සිදුවේ යැයි බියෙන් ගෙදර බැල්ලියට වඳ සැත්කම නොකර පැටවුන් ලැබෙනතුරු හිඳ බැල්ලිය ගෙදර තබාගෙන පැටවුන් ටික පාරට ගෙන ගොස් දමන්නෙත් ඒ නිසාය. එවිට පැටවුන් අනතුරට ලක්වී මිය යාමෙන් ඔවුන්ට පව් සිදුවන්නේ නැත. උන් අහම්බෙන් හෝ ලොකු වී වීදි සුනඛයන් ලෙස පත්වී මිනිසුන්ගෙන් පහර කද්දී, මැරුම් කද්දී ඒ උපාසක   මිනිසුන්ට පව් සිදුවන්නේ නැත. මේවා සිදුවන්නේ අපේ ධර්මද්වීපයේය.

පිටරටත් මිනිස්සු  සතුන් හදති. ඒත් ඒ සතුන්ට මීට වඩා මානුෂීය ලෙසින් සලකති. විශේෂයෙන් දියුණු රටවල වීදි සුනඛයන් දක්නට නැත. ගෙදර හදන බල්ලා සිටිය යුත්තේ ගෙදරය. බැරිවීමකින් හෝ පාරට සතෙකු දැමූ කල ඔවුන්ට දඬුවම් කරන්නට ඒ රටවල නීති ඇත. බල්ලෙකු බළලෙකු හදනවා නම් නිවස ඇතුළේ වුවද ඒ සතාගේ අයිතිය තහවුරු කළ යුතුය. හඳුනා ගැනීමේ සලකුණු තැබිය යුතුය. ඒ සියල්ලටත් වඩා හදවතින්ම එන ආදරය, කරුණාව සුරක්ෂිතභාවය ඒ සතා මියෙන තුරුම ලැබේ.

වෙනස ඇත්තේ එතැනය. විශේෂයෙන් මිනිස් ආකල්පවලය. එමෙන්ම අපේ රටේ සත්ත්ව නීතී නැතිකමය. ඒ නිසා අද වන විට වීදි සුනඛ ගහනය අඩු කරන්නට දියුණු රටවල මෙන් වන්ද්‍යාකරණය පමණක් ක‍්‍රමවත් ලෙස සිදු නොකර විවිධ ක‍්‍රමවලින් ලංකාවේ වීදි සුනඛ ගහනය නැති කරන්නට රජයත් යටි උගුල් අටවයි.

පසුගිය දිනවල මොරටුව සරසවියෙන් ඇරඹි සුනඛ සංහාරයේ කතාබහ ජයවර්ධන පුර සරසවිය, කළුබෝවිල රෝහල, රාගම රෝහල, කළුතර ගුරු පුහුණු අභ්‍යාස විද්‍යාලය, වැනි තැන් දක්වාත් දුරට ගියේ මුලින්ම මිරිහාන පොලිසියේ සිටි අසරණ බල්ලන්ට මරණ දණ්ඩනය දී ලබා දුන්  පූර්වාදර්ශය නිසාය. එතැනින් නොනැවතෙන රජය පාරේ බල්ලන් ඉක්මනින් එලොව යවන්නට තවත් ක‍්‍රමවේදයකට යළිත් අත තබා ඇත. ඒ එදා අනුරාධපුරයේ නෙල්ලිකුලම්හි ඇරඹුවා සේම දළදා මාලිගා ඉඩමක ද බලූ අනාථාගාරයක් අරඹන්නට යෑමයි. ප‍්‍රශ්නය බලූ අනාථාගාරයක් ඇරඹීම නොවේ.

අනාථාගාරයක් කියා ඇරඹුවාට ඒ අනාථාගාරය තුළ බලූ අනාතයින්ට කිසිදු රැුකවරණයක් නොලැබීමයි. නිසි ක‍්‍රමවේදයකට කෑම, වතුර, ලෙඩට බෙහෙත් හෝ උන්ගේ ආරක්ෂාවක් නොලැබී අනාථාගාරය තුළදීම වැඩිකල් නොයා බලූ අනාථයන්ට එහා ලොවට යන්නට සිදුවීමයි. ඊට හොඳම පෙන්වාදීම වන්නේ 2013  වසරේ රජයෙන් ඇරඹි අනුරාධපුරයේ නෙල්ලිකුලම් සුනඛ මිතුරු නිවහනයි. රජයෙන් ඇරඹුවත් අවසානයේ සතුන්ට සිදුවන අපරාධය බලා හිඳින්නට නොහැකිවූ ර්හ දෙ යදචැ ිරස ක්බන්, සංවිධානයේ සභාපති ඉරාකි කොඩිතුවක්කු ප‍්‍රමුඛ සත්ත්ව සුබසාධන ක‍්‍රියාකාරීහු නෙල්ලිකුලම් සුනඛ මිතුරු නිවහනට ඔවුන්ගේ කරුණාවේ දෑත් දිගු කළහ. ඒ සිදුවීම ඉරාකි කොඩිතුවක්කු අදටත් මතක් කරන්නේ කම්පාවෙනි.

”අනුරාධපුරයේ නෙල්ලිකුලම ”සුනඛමිතුරු නිවහන” පටන් අරන් තිබුණේ 2013 මැයි 03 වැනිදා. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ් සංකල්පයකට අනුව මානව ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ යටතේ නියමු ව්‍යාපෘතියක් විදිහට. මේක ඉදිවෙලා තිබුණේ අනුරාධපුර පූජා නගරයේ හිටපු අයාලේ යන බල්ලන්ගෙ රැුකවරණ මධ්‍යස්ථානයක් විදිහට. ඒත් ඇත්තටම ඒ අහිංසකයන්ට එතැනින් කිසිම රැුකවරණයක් නම් ලැබිලා තිබුණෙ නෑ. අපිට ඒ සත්තු විඳින දුක දැනගන්න ලැබුණේ සුනඛ මිතුරු නිවහන පටන් අරන් මාස හයකට පස්සේ. මමත්  තවත් සත්ත්ව සුබසාධන ක‍්‍රියාකාරීන් වන නිර්මලී ප‍්‍රනාන්දුත්, ක්ෂිනුකා චන්ද්‍රසේකර සහ සාගරිකා රාජකරුණාත් නෙල්ලිකුලම් සුනඛ මිතුරු නිවහනට ගියේ 2014 මුල. අපි යනකොට අනාථාගාරෙ බල්ලෝ 200 ක් විතර හිටියා. ඒ සත්තුන්ගේ ඇඟවල් පුරාමයි පොළොවෙයි පුදුමාකාර මැක්කෝ තොගයක් හිටියෙ. අපි ගිහින් හිටගත්තම අපේ කකුල් උඩ මැක්කෝ නගිනවා. ඒ වගේම මේ බල්ලෝ සියලූ දෙනාම ලෙඩින් හිටියෙ. පාවෝ සහ කසන චර්ම රෝගයක් හැමෝටම බෝවෙලා තිබුණා. ඒ අතරෙ පක්ෂගාත රෝගය හැදුණ සත්තුත් හිටියා. ලෙඩ නැති එක බල්ලෙක් එතැන හිටියෙ නෑ.

ඒ පළමුවෙනි දවසෙ අපි හැම දෙයක්ම දැනගත්තා. දැකගත්තා. අපි  එතැන ලොග් සටහන් බැලූවා . 2013 ජුනි මාසෙ ඉඳලා 2013 දෙසැම්බර් මාසෙ  වෙනකොට ගැහැනු සතුන් 276 කුත් පිරිමි සතුන් 133 කුත් ඇතුළත්ව මුළු සතුන් 419 එතැන ඉඳලා තියෙනවා. ඒකෙන් නිදහස් කළා කියලා තිබුණා සත්තු 95 ක්. සත්තු 251 ක් මියගොස් තිබුණු බව සඳහන් වෙලා තිබුණා.

එතන තිබුණෙත් ඛේදවාචකයක්. මාස හයකට සත්තු 251 ක් මැරිලා. පැටව් පනස්ගාණක් වෙනම තැනක කොටු කරලා හිටියා.  ඒ ගොල්ලන් ඔක්කෝටමත් පාවො. අපි එතැන ඉන්නැද්දීම බලූපැටව් දෙන්නෙක් ලේ පාචනය වෙලා මැරුණා.
මේ අය මේ අනාථාගාරෙ හදලා තිබුණෙ අනුරාධපුරේ හමුදා කඳවුරුවල.

ඉතුරුවෙන කෑම මේ සත්තුන්ට  කන්න දෙන්න ප්ලෑන් කරලා. ඉතින් ලොකු බැරල් එකක් බාගෙට කපලා ඒක ඇතුලට තමයි හමුදා කඳවුරුවල ඉතුරු කෑම ටික බල්ලන්ට ගෙනත් හලන්නේ. ඒ කෑම කියලා දුන්නට ඇත්තටම ඒවා කුණු බක්කිවලට දාන කුණු. ඉතුරු වුණ ඉඳුල් එක්ක ලන්ච් ෂීට්, කෙසෙල් ලෙලි, අඹ ලෙලි, ප්ලාස්ටික් වතුර බෝතල්, ඒ කුණු ගොඬේ තිබුණා. අර බැරල් බාගෙට කකුල් දෙක තියලා කාලා  බල්ලන්ගෙ බඩවල් කැපිලා. අනික පුංචි පැටව් ඒකට උස නෑ. චණ්ඩි බල්ලො කොහොම හරි කෑවා. අහිංසකයින්ට කන්නත් නෑ. සමහර සත්තු බඩගින්නෙ මැරුණෙ ඒකයි.

අනික වතුර. බැරල් එකක් දෙකට පලලා දාලා තිබුණ වතුර එක තද දුඹුරු පාටවෙලා  මදුරු කීටයෝ  පිරිලා ඒකෙ. ඒකෙනුත් පුංචි පැටවුන්ට නම් වතුර බොන්න බෑ.

මේ සත්තු බාරව එක්කෙනෙකුත් සත්තු බලාගන්න දෙන්නෙකුත් හිටියා. ඒ බලාගන්න අයත් සත්තු මරලා තිබුණා සවල්වලින් ගහලා. එතකොට ගමේ මිනිස්සු ගහලත් සත්තු මැරිලා තිබුණා. සත්තු කොටුකරලා තිබුණ දැල කැඩුණ තැනකින් බල්ලො එළියට පැනලා ගම පුරා යනවා. ඒකෙන් ගමටත් මැක්කො හැදිලා. සත්තු කන්න බොන්න හොයන එක ඒ මිනිස්සුන්ට වදයක් වෙලා තිබුණෙ. ඒ හින්දා ඒ මිනිස්සුන්ගේ පහරදීම්වලින් බල්ලෝ මැරිලා තිබුණා. අපිටත් ගමේ මිනිස්සු ගහන්න ආවා අපි තව බල්ලෝ දාන්න ආවා කියලා හිතාගෙන ..”

අවුරුදු හතරකට පෙර සිදුවූ අමිහිරි මතකයක් ඉරාකි සිහිපත් කළේ එවන් දෙයක්  යළිත් කිසිවකු නොකළ යුතු බව හැමෝටම දැනගන්නටයි. සියල්ල දැක, බලා, අසා දැනගත්තාට පසු ඉක්මන් විසඳුමක් මේ අසරණ සතුන් වෙනුවෙන් දියයුතු නිසා ඔවුහු මහ ඇමැතිවරයා සහ නගරාධිපතිවරයාත් හමුවූහ.

”අපි එක්ක කතා කරපු මහ ඇමැතිත් නගරාධිපතිත් අපි මේකට මැදිහත් වෙනවට බොහෝම කැමැති වුණා. ඒ වෙනකොට ඔවුන්ටත් මේ බලූ අනාථාගාරෙ ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. හාමුදුරු නමක් එක්ක ගමේ මිනිස්සු  උද්ඝෝෂණය කරනවා මේ අනාථාගාරය අයින් කරන්න කියලා. ඉතින් මේ සත්තු සුව කරලා, ඔපරේෂන් කරලා මුදා හැරලා මේ ප‍්‍රශ්නෙ විස`දලා දුන්නොත් මහඇමැති අපට සම්මානයක් දෙනවා කිව්වා. අපිට වැඩ කරන්න නෙල්ලිකුලම් සුනඛ  මිතුරු නිවහන ලිඛිතව බාර දුන්නා.

අපි කොළඹ ඇවිත් දවස් දෙක තුනක් ඇතුළත ඔක්කොම සත්තු සංවිධානවලට කතා කරලා මේ සිද්ධිය ගැන දැනුවත් කළා. හැමෝම මේ ප‍්‍රශ්නෙට එකතු වුණා . ඒ උදව් එක්ක දෙවෙනි වතාවෙ අපි ගිහින් ලොකු සත්තුන්ට බෙහෙත් කළා. සමහර ලොකු සත්තුත්, පාවෝ හැදිලා හිටපු පැටව්  පනස් ගාණක් විතර අපි කොළඹ අරන් ආවා.  ඒ ගොල්ලන්ට දිවා ? නැතුව බෙහෙත් කළා. සත්තු පැටව් පණ අදිනකොට අපි පාන්දර දෙකට තුනටත් ඩොක්ටර්ස්ලට කතා කරනවා බලාගෙන ඉන්නම බැරුව. ඒත් මොනවා කළත් ඒ අයගෙන් එකම එක පැටියයි අපිට බේරගන්න පුළුවන් වුණේ. ඇහේ සැරව එන ලොකු ගෙඩියක් තිබ්බ එයාටත් හමේ ලෙඩකුත් හැදිලා තිබ්බා. එයාව අපි ඇනිමල් ිදි එකට දුන්නා. අදටත් එයාගෙ ඇෙඟ් ලොම් එන්නෑ. කන් කැඩිලා.

ලොකු සත්තුත් බෙහෙත් කළාට ගොඩක් මැරුණා. අපි යනකොට දහය දොළහ මැරිලා ඉන්නවා. සමහරදාට සත්තු මැරිලා දවස් දෙකතුන ගිහින් කුණු වෙන්නත් ළඟයි.  වළ දාලාවත් නෑ. කොහොමහරි අපි ලොකු සත්තු 80 ක් විතර බෙහෙත් කරලා ඔපරෙෂන් කරලා සත්තු හිටිය තැන් කියලා සැක කරන තැන්වලට මුදා හැරියා. ඒ සත්තු අදටත් ඒ තැන්වල ඉන්නවා. සමහර අය අපි ගියාම අඳුනගෙන ළඟට එනවා. ඒ සත්තු තවම  බයයි.. එයාලා ලැබුවෙ නරක අත්දැකීමක්නේ.

අපි මෙතෙන්ට එනකොටත් සත්තු 251 ක් මැරිලා හිටියා. පැටව් පනස් ගාණකුත් කොළඹ ගෙනාව ලොකු සත්තුත්, බලූ අනාථාගාරෙදී බෙහෙත් කරද්දිත් මැරුණ සත්තුත් එක්ක සත්තු හාරසීයකට එහා අපි දැනුවත්ව මැරුණා. අන්තිම සතත් සුව කරලා මුදාහැරියට පස්සෙ අනාථාගාරෙ වහලා දැම්මා. අර මැරුණ සත්තු මොන දුකක් විඳින්න ඇද්ද කියලා හිතෙද්දි අදටත් මට හරි දුකයි.. ”

බල්ලන් සුවපත් කර බලූ අනාථාගාරය වසා දැම්මා කියා එතැනින් ඉරාකිලාගේ මෙහෙය අවසන් කළේ නැත. 2014 ජූනි, අගෝස්තු මාසවල ඔවුහු අනුරාධපුර නගරයේ වන්ද්‍යාකරණය නොකළ බල්ලන් සොයා වන්ද්‍යාකරණය කළහ.

නැවත කවදා හෝ ගැටලූවක් ඇතිවෙතැයි සිතා දිස්ත‍්‍රික් වෛද්‍යනිලධාරි කාර්යාලය හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධකොටගෙන අනුරාධපුරයේ ගම්මානවල නිවෙස්වල සිටිනා ගැහැනු සතුන් ද සොයමින් වන්ද්‍යාකරණ සැත්කම සිදු කළාය. මේ හැම අවස්ථාවකදීම පශු ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ බල්ලන් අල්ලන්නන් පිරිසක් ද ඔවුන් සමග ගියහ. අවසානයේ ඔවුන්ගේ මට්ටමින් මේ සඳහා රුපියල් ලක්ෂ දහයක පමණ වියදමක් සිදුව තිබුණි.Untitled-14

”මේ වෙලාවෙ අපට රජයෙන්  ජලභීතිකා එන්නත දුන්නා. ලංකාවෙ සියලූම වගේ සත්ත්ව සංවිධාන එකතු  වීම අපිට විශාල ශක්තියක් වුණා. අපි දන්නෙ නෑ අපි නවත්තපු තැනින් මේ වෙනකල්වත් රජයේ පශු වෛද්‍යවරයෙක් විසින් ඒ පළාතේ සත්තුන්ට වන්ද්‍යාකරණ සැත්කම් කරනවද කියලා. ඒවා එහෙම කරන්න  ඕන.

නැත්තම් ආයෙත් මේ  ප‍්‍රශ්නය අනුරාධපුරේ ඇතිවෙනවා. කොහොම නමුත් සත්තු පාරට වැටෙන්න හේතුව මිනිස්සුමයි. ගෙදර බැල්ලි පැටව් දැම්මම ඒ පැටව් ටික එක්කො පන්සලට, බස් හෝල්ට් එකක් ළඟට, ඒත් නැත්නම් ගේට්ටුවෙන් එළියට දාන්නෙ මිනිස්සුමයි.  ගෙදර හදන සතා වයසට ගියාම, ලෙඩ වුණාම පාරට දාන අමන මිනිස්සුත් අපේ රටේ ඉන්නවා. එහෙම දාන සත්තු තමයි වීදි සුනඛයෝ වෙන්නේ.. මිනිස්සු විසින්ම තමයි සත්තුන්ට මේ ඉරණම අත්කරන්නේ .

පසුගිය කාලයේ සමහර රාජ්‍ය ආයතනවල බල්ලන් අතුරුදන් වුණා. අතුරුදහන් වෙන සත්තුන්ට මොකද වෙන්නෙ කියන කතාව එළියට එන්නෙ මොරටුව විශ්වවිද්‍යාලෙ සිද්ධියෙන්. මේ බල්ලන් ඝාතනයට එරෙහිවත් සත්ත්ව සංවිධාන පෙළ ගැහුණා. අද මේ සමහර සිද්ධීන්ට එරෙහිව නඩු විභාග වෙනවා. ඒ අතරේ පහුගියදා පැවති පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ සත්ත්ව සුබසාධන උපදේශක කමිටු රැුස්වීමේදී අතිරේක ලේකම්වරයා දැනුම් දුන්නා දළදා මාළිගාව හා ඒ අවට සිටින සුනඛයන් රඳවන්න අනාථාගාරයක් හදන්න දළදා මාළිගාවට අයත් ඉඩම් අක්කරයක් මහනුවර මහනගර සභාවට දීලා තියෙනවා කියලා. මේ ඉල්ලීම මහනගර සභාවෙන් ඉල්ලලා ඉඩම දීලා තියෙන්නෙත් දළදා මාළිගාවෙන් . අනුරාධපුරේදී හමුදා කඳවුරුවලින් කෑම දෙන්න සැලසුම් කළා වගේ මේ අනාථාගාරෙට දෙන්න සැලසුම් කරලා තියෙන්නේ නුවර හෝටල්වලින් ඉවත දාන කෑමයි.  ඒ රැුස්වීමට  සහභාගිවෙලා හිටපු සත්ත්ව සුභසාධන ක‍්‍රියාකාරීන්ට අතිරේක ලේකම්වරයා මේක කිව්වේ අපිට මොන විදිහටද ඒකට උදව්  කරන්න පුළුවන් කියලා දැන ගන්නයි. අපි හැමෝම ඒ යෝජනාව ප‍්‍රතික්ෂේප කළා.

ඇත්තටම බලූ අනාථාගාර ක‍්‍රමය ලෝකය ප‍්‍රතික්ෂේප කරපු ක‍්‍රමයක්. ඒ ක‍්‍රමය ලෝකෙන් තුරන් කරගෙන යනවා. එහෙම ලෝකය ප‍්‍රතික්ෂේප කරපු ක‍්‍රමයක් තමයි මේ අය ආයෙත් ගේන්න හදන්නේ. ඇයි ලංකාව ආපස්සට යන්න හදන්නේ. තැනින් තැනින් එකතු කරන් බල්ලො එක තැනකට එකතු කළාම හපා ගන්නවා. එක්කෙනකුට ලෙඩක් හැදුනොත් ඔක්කොටෝම ලෙඩ හැදෙනවා. කන්න බොන්න යද්දි ශක්තිවන්තයා හැම වෙලාවෙම කනවා බොනවා. අනිත් අය පැරදෙනවා….
බල්ලො ගහනය වැඩි නම් ලෝකයේ අනෙක් රටවල්වල වගේ වන්ද්‍යාකරණය කරන්න පුළුවන්. රජයේ වන්ද්‍යාකරණ වැඩ පිළිවෙළ එක දිගට අවුරුදු පහක් කරනවා නම් බල්ලො ගහනය අඩු කරන්න පුළුවන්.

නෙල්ලිකුලම් බලූ අනාථාගාරයේ අමිහිරි අත්දැකීම් අපිට තවම මතකයි. ඒ සත්තු දුක් වින්ද හැටි අපේ ඇස් ඉස්සරහ පණ ඇදලා මැරුණ හැටි අමතක කරන්න බෑ. ඒ හින්දා  අපි අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ දළදා මාළිගා ඉඩමෙ බලූ අනාථාගාරයක් හදන එක නවත්තන්න. අපේ රටට බලූ අනාථාගාර එපා කියලයි. ..”
ඉරාකි ඒ නගන්නේ: ඇගේ හ`ඩ පමණක් නොවී. සත්ත්ව සුබසාධක සංගම් සියල්ලේම මනාපයයි. කැමැත්ත සහ  ඉල්ලීමයි.

ඇගේ කතාව ඇත්තය. අපේ රටට බලූ අනාථාගාර අවශ්‍ය නැත. සතා වසන්නේ කොහෙද ඒ සතාට  නිවහනට වන්නේ එතැනය. හිසට සෙවණක් තිබුණද නැති වුවද එකය. පාරේ ඉන්න සතුන් ප‍්‍රමාණය වැඩි නම් එ් සතුන්ට වන්ද්‍යාකරණය රජය මගින් ලබා දිය හැක. එවිට බලූ අනාථාගාර ඉදිකරමින් අයාලේ යන සතුන් කූඩු කරන්නට කිසිවෙකුටත් සිදු වන්නේ නැත.

බියංකා නානායක්කාර

Untitled-13 Untitled-12 Untitled-11 Untitled-10 Untitled-9 Untitled-8