ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි යනුවෙන් කියමින් හිටපු විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිය කතාව ආරම්භ කළේ ය. දීර්ඝ කතාවකින් අනතුරුව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ මන්තී්‍රවරයා අනතුරුව පසුපෙළ මන්තී්‍රවරුන්ගේ ආසනයකට ගොස් අසුන් ගත්තේය.
රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කළ විශේෂ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.
පසුගිය දින කිහිපයේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකුත් භාර දී තියෙනවා.
ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි. කොළඹ 03 මොනාක් නිවාස සංකීර්ණයේ නිවෙසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක් මතු වුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා.˜

මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්. අප පදිංචිවී සිටි බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විෙජ්සූරිය මහතාගේ දිය‚යට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.˜

නහිල් විෙජ්සූරිය මහතාගේ දිය‚ය මගේ දිය‚යගේ පාසල් මිතුරියක්. නමුත් ඇය දේශපාලනඥයකුගේ නමට නිවෙස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසල් මිත්‍රයෙක් වූ අර්ජුන ඇලෝසියස්ගේ සමාගමක් වෙත මේ නිවෙස බදු දෙන ලෙස මගේ දිය‚ය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවස බදු දුන්නා. අපේ දිය‚ය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා.

පසු කලෙක නිවෙස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක් විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තා. ීැහක්බ ඊ්බන – ඍැෙ  භද – උඔඛරැක‍ඍෘරැ2016 – 1535, 29ීැචඑැපඉැර 2016 දරන එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා.

මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි.  මේ සියලූ ගෙවීම් සමාගමේ ගිණුම්ගත වී තියෙනවා. මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙත, අවශ්‍ය අවස්ථාවන්වලදී ලබා දීමට අපට පුළුවන්.

නීති විරෝධී ලෙස හෝ, අනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. අනික් පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡාවලට ආවා. හිතවත් කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්ෂ මාරු කරන්නත් ආවා.

ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බව, මට විරුද්ධ විශ්වාසභංග යෝජනාව අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකවම දන්නවා.

ඉස්සර ඇමැතිවරයෙක් තියා ඇමැතිවරයකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමැතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවා වෙන්න උත්සාහ කරනවා.
—අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්ෂි කරුවෙක් ලෙස ගිහින් සාක්ෂි ලබා දී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.˜
බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක් ගැනයි.

බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්ෂපාතී ලෙස කටයුතු කොට සත්‍යය සොයා ගන්නා බව මට විශ්වාසයි.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාගේ හැසීරීම ගැන හෝ, වෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්.

නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට, තමන්ගේම රජයේ ඇමැතිවරයෙක්ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමැතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තියා ඇමැතිවරයෙක් සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්තිය තිබුණේ නෑ.   අනික් අතට, මේ අවස්ථවේ පිටු 8803 ක් පැය 48 ක පමණ කෙටි කාලයක් තුළ විමර්ශනය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්ෂණයක්.  මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු 32 ක් තිස්සේ වෙහෙසුණා. පක්ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගවලට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාෂයන් සියල්ල පක්ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10 ක් තිස්සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහ බැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්ෂයේ දී අපව දේශපාලන පළිගැනීම්වලට ලක්කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.

ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මාට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියලූ දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්ෂය දෙකඩ කරන උත්සාහයන් වැළැක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්ෂයත්, පක්ෂ නායකතුමාත් ආරක්ෂා කළා.

මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටනවා. අපේ පාක්ෂිකයාත්, පක්ෂයත්, පක්ෂ නායකත්වයත් ආරක්ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා.

2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සියලූ ප්‍රගතිශීලී බලවේග එක්විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්ෂකයෙකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසූවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි.

මේ තනතුරු, මැති ඇමැතිකම්, බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත් කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැඛෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක් නෑ.  නමුත් ජනවාරි 08 වැනි දා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස් සමාජයක් බිහි කරන්නයි.
මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය දොළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි.  ඔවුන් මාව කුරුසියට දක්කා ඇණ ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ.

නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා.

මේ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට යහපාලන රජය බිඳදමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්‍රජාන්ත්‍රවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්ෂ රෙජීමයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ.
ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින්, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා.
මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නෙවෙයි. ආඩම්බරයෙන්.

මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමැතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්ෂයට ආදරය කරන සියලූ දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.

මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්, දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියලූ පීඩනයන් හා අපහාස වි`දිමින්. ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දිය‚යන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.

 රන්මලී සෝමසිරි