රථ වාහන වැරදි සඳහා අය කිරීමට යෝජනා වූ රුපියල් 25,000ක අවම දඩ මුදල අය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතකර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගයක් හරහා අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කිරීම, වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම යන වැරදි සඳහා මෙම අවම දඩ මුදල ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අධික වේගය, වමෙන් ඉස්සර කිරීම, බාල වයස්කරුවන් විසින් රිය පැදවීම යන වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

සුජිත් කෝනාර