ජයග්‍රාහී ශ්‍රී ලංකා මාධ්‍ය පිල ජායාරූපය - papare.com

ශ්‍රී ලංකා පිල ඉන්දියා පිල හමුවේ පිට පිට පරාජය වෙද්දී ශ්‍රී ලංකා මාධ්‍ය පිල ඉන්දීය මාධ්‍ය පිලට එරෙහිව කඩුලු 2ක ජයක් දෙපිල අතර පසුගියදා සීසීසී ක්‍රීඩාංගණයෙදී පැවැති ඕවර විස්ස-20 තරගයේදී ලබාගැනීම කැපී පෙනේ.
ඉන්දීය මාධ්‍ය පිල ඕවර 20 තුළ ලකුණු 175ක් ලැබූ අතර ශ්‍රී ලංකා මාධ්‍ය පිල ඕවර 17.4ක් තුළ ජයග්‍රාහී ඉලක්කය සපුරාලීමට සමත් විය. කෝසල සුරේෂ්චන්ද්‍ර නොදැවී ලකුණු 33ක් ලබා පන්දු යැවීමේදී ලකුණු 28ට කඩුලු 3ක් ලබා ශ්‍රී ලංකා මාධ්‍ය පිල වෙනුවෙන් තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත් විය. කසුන් කැළුම් ලකුණු 29ක්ද දමින්ද තාරක ලකුණු 25ක්ද, සංඛ විදානගම ලකුණු 21ක්ද ලබා අනගි සහායක් දැක්වීමට සමත් වූහ. මේ අතර ඉන්දීය මාධ්‍ය පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 26ක් ලැබූ සුන්දරන් ලීය. සුරේෂ්චන්ද්‍රගේ පන්දු යැවීමට දමිත් වීරසිංහ ලකුණු 39ට කඩුලු 2ක්ද විචිත්‍ර වීරසිංහ ලකුණු 27ට කඩුලු 2ක් ලබා අනගි සහායක් දෙනු ලැබිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙරටේ මාධ්‍යවේදීන්ගේ සුහදත්වය වැඩි කිරීම වෙනුවෙන් මෙම තරගය සංවිධානය කරනු ලැබිය.