මන්නාරම, මඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මාතා මංගල්‍යයට සහභාගි වීම සඳහා පැමිණි තරුණියකට අකුණු සැර වැදී මියගොස් තිබේ.

ඊයේ (09) පස්වරු 1.55ට පමණ දේවස්ථානය ආසන්නයේ ලැගුම්හලක් ඉදිරිපිටදී එම තරුණියට අකුණුසැර වැදී තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව පොලිිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ හලාවත ප‍්‍රදේශයේ සිට බැතිමතුන් කණ්ඩායමක් සම`ග මඩු වන්දනාවේ පැමිණි 25 හැවිරිදි තරුණියකි.