චීනයේ, සිචුවාන් පළාතේ සිදුවුණු ප‍්‍රබල භූකම්පනයකින් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 175ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් ප‍්‍රවෘත්ති සේවාවල සඳහන් වේ.

එරට වේලාවෙන් ඊයේ පස්වරු 6.49ට පමණ සිචුවාන් පළාතේ නිරිතදිග කඳුකර ප‍්‍රදේශයට රිච්ටර් මාපාංක 7.0ක ප‍්‍රබල භුකම්පනයක් සිදුවුණු බව එක්සත් ජනපදයේ භූවිදයා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.
එම ප‍්‍රබල භූකම්පනයට පසුව පසුකම්පන 08ක් පමණ සිදුවී ඇති අතර එයින් අද අළුයම 4.57ට සිදුවුණු කම්පනය ර්ච්ටර් මාපාංක 6.3ක් පමණ වන බව එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබේ.

එම කම්පනය සිදුවී ඇත්තේ ප‍්‍රථමයෙන් භූ කම්පනය සිදුවුණු සිචුවාන් පළාතේ සිට කිලෝ මීටර් 2000ක් පමණ දුරින් පිහිටි වයඹදිග චීනයේ ෂින්ජියෑං පළාතේ බව සඳහන් වේ.