වීරකැටිය, පස්මංහන්දියේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් තුළ තිබී තරුණයකුගේ මළ සිරුරක් අද (17) අළුයම හමු වුණු බව වීරකැටිය පොලීසිය සඳහන් කරයි.

වීරකැටිය නගරයේ දින කිහිපයක් පුරා පැවති ඇසළ සැණකෙළියේ අවසන් දින (16) රාත්‍රී පැවැති සංගීත ප‍්‍රසංගය නැරඹීමට පැමිණි දෙපිරිසක් අතර ඇති වුණු ගැටුමකින් මෙම තරුණයා මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මියගිය තරුණයාගේ මළ සිරුරේ කැපුම් කෙටුම් තුවාල ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල, පහලගොඩ ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

වීරකැටිය හා තංගල්ල පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකරනු ලබයි.

නුවන් ජයසේකර- සූරියවැව