නියගයෙන් දැඩි පීඩාවට පත්ව කුසට ආහාරයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක දිවිගෙවන මහවිලච්චිය ප‍්‍ර‍්‍රදේශයේ ගොවි මහතෙකු තම දරුවාට බෙහෙත් ගැනීම සඳහා නිවසේ තිබු මන්නා පිහියක් උකසට තබා රුපියල් 300ක මුදලක් ණයට ඉල්ලා ගත් පුවතක් මහවිලච්චිය ප‍්‍රදේශයෙන් අනාවරණය විය.

අවස්ථා කිහිපයක දී තම දරුවන්ගේ හා බිරි`දගේ කුස ගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැුසක් ණයට ගෙන ඇති මෙම තැනැත්තා එම ණය මුදල් ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින හෙයින් නිවසේ තිබු පිහිය උගසට තබා රුපියල් 300ක් ඉල්ලූ බව වෙළෙඳසල් හිමිකරු වන සරත් ප‍්‍රියන්ග රත්නායක මහතා පැවසීය.

මෙකී ගොවි මහතා කළ ඉල්ලීම කෙරෙහි අනුකම්පා සහගතව බැලූ වෙළෙඳසල් හිමියා ඔහුට රුපියල් 300 ලබා දී පිහියද ආපසු රැුගෙන යන ලෙසට පවසා තිබේ.

නමුත් තමන් කෙරෙහි දැක්වූ සහයෝගය අගයමින් එම මුදල හා පෙරදී ලබා ගෙන ඇති ආහාර ද්‍රව්‍යවලට ගෙවීමට ඇති ණය මුදල් ආපසු ලබා දෙන තෙක් තමන් රැුගෙන ආ පිහිය බලෙන් මෙන් වෙළෙඳසලේ තබා එම ගොවි මහතා වෙළෙ`දසලෙන් පිටව ගොස් තිබේ. එසේ තබා ගිය පිහිය රුපියල් 800ක් පමණ වටිනා බව වෙළෙඳසල් හිමියා පැවසීය. තමන් කිසි දිනක කිසිවක් උකසට තබා ගෙන වෙළ`දාමක් සිදු කර නොමැති බවත් හො`ද හිත ආරක්ෂා කර ගැනීමේ අදහසින් එම පුද්ගලයා පිහිය ඇපයට තබා යන්නට ඇති බවත් වෙළෙ`දසලේ හිමිකරු පැවසීය.

කෙසේ හෝ නිය`ගයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගනුදෙනුකරුවන් වශයෙන් මේ වන විට රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් ණය වශයෙන් කඬේට ගෙවීමට ඇති බවත් ඔවුන්ගේ දරු පවුල් බඩගින්නේ සිටින බව පවසන විට ව්‍යාපාරිකයකු වශයෙන් වෙළෙඳසලේ තිබෙන දෙයක් නොදී ආපසු හරවා යැවිය නොහැකි බවත් සරත් ප‍්‍රියන්ග රත්නායක මහතා කීය. කෙසේ වෙතත් තමන්ට ද මෙවැනි තත්ත්වයක් හමුවේ වෙළෙ`දසල පවත්වාගෙන යාම අපහසු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මහවිලච්චිය, නොච්චියාගම මාර්ගයේ බෝ ගහ හන්දියේ ඇති වෙළෙඳසලකින් එම ගොවි මහතා මෙම ගනුදෙනුව සිදු කර ගෙන තිබේ.

නිය`ගය හේතුවෙන් නොකඩවා කන්න හතරක් පමණ ගොවිතැනක් කර ගැනීමට නොහැකි වු මහවිලච්චිය ගොවීන් තම කනකර උකසට තබා අවසානයේ නිවසේ තිබෙන කෘෂි උපකරණ පවා උකස් කිරීමට හා විකිණීමට පෙලඹී ඇතැයි මහවිලච්චිය ගැමුණු ගොවි සංවිධානයේ සභාපති ආර්. එස්. එම්. ඒකනායක මහතා පැවසීය.

නිය`ගයෙන් දැඩි ලෙස පීඩාවට පත් මහවිලච්චිය ප‍්‍රදේශයේ ජනතාවගේ කුසගිනි නිවීමට නොව පිපාසයට වතුර උගුරක් හෝ ලබා දීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇතැයි මහවිලච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඒ. කවුරාල මහතා ප‍්‍රකාශ කළේය.

ආණ්ඩු කරන්නට තමන්ට බලය දුන් ජනතාව වි`දින දුක බලා ඔවුන්ට සහනයක් සැලසීමට කිසිදු දේශපාලනඥයකු මේ වන තෙක් මහවිලච්චියට නොපැමිණි බවත් සීත කාමරවල කැරකෙන පුටු රත් කරන්නට තම මනාපයෙන් වරම් ලැබූ මැති ඇමැතිවරයකු මතු දිනක ජන්දයක් ඉල්ලා ගම් වැදුණ හොත් කැත්ත අතට ගැනීමට සුදානම්ව සිටින බවත් රැුවටිලිකාර දේශපාලනඥයින්ට වැජඹෙන්නට උදව් කරන තම ප‍්‍ර‍්‍රදේශයේ කවරෙකුගේ හෝ මළගමකට පවා නොයන්නට තීරණය කර ඇති බවත් ආර්.එම්. අබේරත්න බණ්ඩා මහතා පැවසීය.

කිත්සිරි පරණගම – අනුරාධපුර