පාහියන්ගල, ජයලත්ගොඩ, නාගහදොළ  කන්ද නාය ගොස්   මාස දෙකක කාලයක්   ඉක්ම ගොස් තිබුණද   ඉන් අවතැන් වූ ජනතාවට  මේ වන තුරුත් කිසිදු  පහසුකමක් ලැබී නැති අතර  නිසි පරිදි ආහාරයක් සපයා ගැනීමට නොහැකි වීම නිසා ඊයේ (16* දහවල් ආහාරයට රඹුටන් කෑමට සිදු වූ පුවතක් වාර්තා වේ.

අවතැන්ව සිටින  මෙම පිරිසට  නායයෑමෙන්  පසු  සති දෙකක් පමණක්  නොකඩවා ආහාර පාන  ලබාදීම සිදු කෙරුණද මේ වන විට  ආහාරයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර ඊයේ (16* දහවල් ආහාරයට ගැනීමට කිසිවක් නොමැතිව රඹුටන් ආහාරයට ගැනීමට සිදු වු බවද   ඔවුහු ස`දහන් කළහ.

පසුගිය මැයි මාසයේදී  නාගහදොළ කන්ද නායයෑම නිසා පුද්ගලයින් 21 දෙනකු මිය ගිය අතර නිවාස 12 ක පුද්ගලයින් 150 කට අධික පිරිසක් මේ වන විට  අවතැන්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ  ශාන්තිනි ලියනගේ මහත්මිය.
”අපිට මේ අනතුර සිදු වුණාට පස්සේ  ටික දවසයි හැමදේම ලැබුණේ. ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලොකු දුකක් වි`දගෙන.  ඒ දවස්වල චීන රජයෙන් දුන්න ඉටිරෙදි කුඩාරම් 10 ක  අපේ පවුල් 10 ක් පදිංචි වෙලා ඉන්නවා.  සති දෙකක් විතරයි  හරියට කෑමක් බීමක් ලැබුණේ. ඊයේ (16* කන්න දෙයක් නැතිව මම කෑවෙත් රඹුටන් ගෙඩි කීපයක්. අනික් ඉන්න අයටත් මේ ගැටලූව මේ විදියටම තියෙනවා. මේ කුඩාරම්වල ඉන්නත් බෑ. අව්ව සැර වැඩියෙන් දැනෙනවා. වහිද්දී තෙමෙනවා. අපි විතරක් නෙවෙයි පොඩි දරුවොත් ඉන්නවනේ අපිව මේ නරා වළෙන් ගොඩගන්න කිසිම කෙනෙක් අපිව බලන්න එන්නේ නෑ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුලත් සිංහල එක්සත් ජාතික පක්ෂ සංවිධායක අභ්‍යන්තර වෙළෙ`ද කටයුතු, වයඹ සංවර්ධන  හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා,

”මේ අයට කෑම, වතුර ඉල්ලපු දේවල් දීලා තියෙන්නේ. ගෙවල් ඉල්ලූවා  ඒවා හදන්න ඉඩම් කෑලි 120ක්  වෙන් කරලා තියෙන්නේ. මේ තියෙන ගැටලූව පිළිබ`දව සොයා බලා  විස`දුමක් ලබා දීමට කටයුතු කරනවා.”

සිරි සුනන්ද – පාලින්දනුවර