විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් කළ සේවාවන් හා දේශපාලනික වශයෙන් ලබාගත් ජයග‍්‍රහණයන් හා කළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන්Top “50” Professional & Career Women Awards Sri Lanka-2017 සම්මාන උළෙලේදී ‘වසරේ කාන්තා රන් සම්මානය’’ විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවිය.

IFC (International Finance Cooperating) ආයතනය හා Women in Management ආයතනය මෙම සම්මානය පිරිනැමූ අතර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා එම උත්සවය පැවැත්විණි.

2015 වසරේ විදේශ රැුකියා අමාත්‍ය ධුරයේ වගකීම භාරගත් අතුකෝරළ මහත්මිය, විදේශ රැුකියාවල නිරතවන ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශේෂ සුබසාධන වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇති අතර  2016 වසරේ විගමණික ශ‍්‍රමිකයින් සපයන රටවල් හා ශ‍්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවැති කොළඹ කි‍්‍රයාදාමය සමුළුවේ වසර දෙකක් සඳහා සභාපති ධුරයට තේරී පත්වූවාය. එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධුරය ද අමාත්‍යවරියට හිමිවිය.