අද වනවිට ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් බිහිවී ඇති බැවින්  ඉදිරියේ දී ඔවුන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර  ඔවුන් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට  පියවර ගන්නා බව සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

රාජගිරියේ ආයුර්වේද රෝහ‍ලේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බිහිකිරීම සඳහා  දැනට ක්‍රියාත්මක  විෂය නිර්දේශය සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ බව අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම ආයුර්වේද රෝහල්වල පවතින ෙදෙනික ඖෂධ හිඟය මගහැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටද තීරණයකර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එවැනි මෘදුකාංගයක් හඳුන්වා දීම මගින් මහ රෝහල්, ශික්ෂණ රෝහල්, දිසා රෝහල් සහ ප්‍රාදේශීය රෝහල්වල පැවැති ඖෂධ හිඟය මගහැරවීමට කටයුතු කළ බවද පැවසීය.

දීපා වසන්ති එදිරිසිංහ