හැටන් සිරිකුරුස දේවස්ථානයේ ශුද්ධ ආනාමුණිවරියගේ වාර්ෂික දේව මංගල්‍ය මධ්‍යම පළාත් ප‍්‍රධාන රදගුරු ව්‍යාන් ප‍්‍රනාන්දු පියතුමාණන් හා එම දේවස්ථානයේ ලෙස්ලි පෙරේරා ප‍්‍රධාන පියතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පැවැත්වුණි.

දේව මෙහෙය පැවැත්වීමෙන් අනතුරුව ශුද්ධ ශාන්ත ආනා මුණිවරියගේ ප‍්‍රතිමාව දේවස්ථානයේ සිට හැටන් නගරය වටා වීදි සංචාරය කර නැවත දේවස්ථානය වෙත වැඩම කරනු ලැබීය.

වසර සියයකටත් වඩා පැරණි මෙම දේවස්ථානයේ සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි ති‍්‍රත්ව භාෂාවෙන් දේව මෙහෙය පැවැත්වේ.

මේ සඳහා ප‍්‍රදේශයේ කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි විය.

රංජිත් රාජපක්ෂ – හැටන්

h2h3h4h6