කුඩාවැල්ල ධීවර වරායේදී ඩොල්ෆින් මත්ස්‍යයින් දෙදෙනකු ඝාතනය කරන ලද බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාව ශරීර ඇප මත මුදා හැරීමට තංගල්ල වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

ඊයේ (15) පස්වරුවේ මෙම සැකකරුවන් තිදෙනාව මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අතර නඩුව ලබන 26 දක්වා කල්තැබීමටද මහේස්ත‍්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.

සැකකරුවන් වයස අවුරුදු 33, 30හා 55 යන වයස්වල පසුවන අඟුණුකොළලැස්ස, කුඩාවැල්ල හා නාකුළුගමුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට

d2