සංවර්ධනය වන රටක් ලෙස ලෝකයට එක්ව සිටින ශ්‍රී ලංකාවේ රජය ජනතාවගේ යහපැවැත්මට අදාළ ප්‍රමුඛ විෂයයක්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රය අළලා සාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක වන බව පැහැදිලි කරුණකි.

වර්ෂ 1970-72 වකවානුවේදී මුදල් ඇමැතිව සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් රජයේ රෝහල්වලින් බේත් ගැනීමේදී ශත 25ක මුද්දරයක් දිය යුතු බවට කරන ලද පැනවීම (බේත් සහ වෛද්‍ය සේවයට කිසියම් වටිනාකමක් ලබාදීමේ අරමුණින්) රජය විසින්ම වැඩිකල් නොගොස් අහෝසි කර දැමීමේ සිද්ධිය හැරුණු විට අදටත් වෛද්‍ය සේවය නොමි‍ලේම සිදු කෙරෙමින් ඇත.

හන්දියක් ගාණේ ‘චැනල් දොස්තරවරුන්’ පිරී සිටින අද මෙන් නොව එකල වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ද සිටියේ සුළු වශයෙනි. වත්මන් සංවර්ධන හා පාරිභෝජන රටාව විසින් රෝගීන් බිහි කරන නිසා වෛද්‍යවරුන් කොපමණ සිටියත් නොසෑහේ. එය මෙරටට පමණක් නොව ලෝකයේ අන් රටවලටද ‍පොදු වලංගු සත්‍යයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයන් 670කට වෛද්‍යවරු 1ක්වත් සිටිය යුතුය. එහෙත් අද මෙරට පුද්ගලයන් 1200කට පමණ සිටින්නේ එක් වෛද්‍යවරයෙකි. සංවර්ධන විශේෂඥයින් ලෙස පෙනී සිටින්නන් විසින් නොතකා හරින පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති වෛද්‍යවරුන් දස දහස් ගණනක්ද අපේ සෞඛ්‍ය සේවය තුළ නිහඬව අමිල මෙහෙයක යෙදී සිටිති. ඔවුන් මුදල් පසුපස හඹා නොයන, තරගකාරී නොවන, රජයට විරුද්ධව පෙළපාළි නොයන පිරිසක්වීම බටහිර-රජයේ වෛද්‍ය නිලධාරීන්ට වඩා ඇති වෙනසයි.

බටහිර වෛද්‍ය ක්‍රමයම ඉස් මුදුනේ තියා ගෙන ක්‍රියාත්මක වන මෙරට මිථ්‍යා දෘෂ්ටික අධ්‍යාපන ක්‍රමය විසින් පුහුණු කළ රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් දැනට මාස 4-5ක පමණ කාලයක් තිස්සේ කරගෙන යන ජනතා පීඩාව දැන් දැන් ප්‍රබලව තිබෙන හෙයින් තවදුරටත් අපට නිහඬව සිටිය නොහැකිය.

මෙහිදී අපගේ ප්‍රස්තුතය වන්නේ ‘සයිටම් විරෝධී’ ත්‍රස්තවාදයයි.
පසුගිය වකවානුවේ කොළඹ කොටුව කේන්ද්‍රගතව රජයේ වෛද්‍යවරුන් සහ ඔවුන් සමග නොමගට වැටුණු සරසවි සිසුන් සිය ගණනක් විසින් ‍පොදු ජනතාවට එල්ල කරන ලද පීඩනයේ තරම දන්නේ දවසේ ජීවිකාව නිමා කර ගේදොර බලා යන අහිංසක වැඩ කරන ජනතාවය. සතියකට වරක් දෙවරක් වන පරිදි පිකටින්, උද්ඝෝෂණ පවත්වමින්, මග අවුරමින්, කෑකෝ ගසමින් ‍පොලිස් ප්‍රහාර එල්ල කරවා ගැනීමට මග පාදා ගන්නා ත්‍රස්තවාදියෝ ලක්ෂ ගණනක් ජනතාවගේ ෙදෙනික කටයුතු අඩාළ කරවයි. ගමෙන් නගරයට පැමිණි අහිංසක ශිෂ්‍යයන්ගේ සරසවි අධ්‍යාපනය අඩපණ විය. ජාතික දේපළ විනාශ විය. ආරක්ෂක අංශවල සම්පත් අපතේ හැරිණ.

අදටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මෙම මහජන පීඩාව අවසන් නැත.
මෙහිදී අපගේ සිහියට නැගෙන්නේ රුහුණ සරසවියේ කරාපිටිය වෛද්‍ය පීඨයේ 2004-2005  වකවානුවෙහි ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියයි.  ළමා රෝග විශේෂඥ සුජීව අමරසේන  මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පාඨමාලාවක් එහි ආරම්භ කොට පවත්වාගෙන එනු ලැබිණි.  මෙරට  සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිමේ  පියවරක් ලෙස හෙද සේවා නියුක්තිකයින් අතරින් පිරිසක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් පැවැත්වූ මවුකිරි ලබාදීම හා කළමනාකරණය සඳහා වු ඩිප්ලෝමා පාඨමාලාව (ච්ඪනතධථචඪද ඹ්චජබචබඪධද ර්චදචඨඥථඥදබ) කඩාකප්පල් කෙරුණේ හෙද සිසු සිසුවියන්ට ගල්මුල් ‍පොලුවලින් පහරදී පන්නා දැමීමෙනි. (එම ත්‍රස්තවාදී ප්‍රහාරකයන් අද රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස වෙස්වළා  ගෙන සිටිනවාට සැක නැත.)

‘දූපත් මානසිකත්වයෙන්’ උමතු වූ කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යයින් අතකොළු ලෙස පාවිච්චි කළ  දොස්තරවරුන්ගේ ආකල්ප වූයේ “විශ්වවිද්‍යාලය තමනට අයිති දේපළක් බවත්, අන් කිසිවකුටත් එම දේපළ පරිහරණය කළ නොහැකි බවත්”ය. එම නීච මතයෙහි එල්බගත් වෛද්‍ය ශිෂ්‍යයින් හෙද සිසුසිසුවියන්ට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පාඨමාලාව අහෝසි කෙරිණ.  මිථ්‍යාදෘෂ්ටික දොස්තර සහ වෛද්‍ය සිසුන්ට ජය ලැබිණි. අපේ ශ්‍රී ලාංකීය තරුණ හෙද හෙදියන්ට ජාත්‍යන්තරයට පිවිසීමේ රන් දොරටුව වැසිණි.

අද ඇරඹී තිබෙන සයිටම් විරෝධයෙහි පදනම ද එම ත්‍රස්තවාදී අධිෂ්ඨානයමය. ඉන් බැට කන්නේ සාමාන්‍ය ජනතාවමය. වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින දේශපාලන අවස්ථාවාදීන් දැන් දැන් ප්‍රචාරක ‍පෝස්ටර්වලින් ලබා දෙන්නේ තම සාහසික පණිවුඩයයි.

“‍පොදුජන හඬට යටත්ව මාලඹේ වෛද්‍ය පීඨය රජයට පවරා ගත යුතුය”යි ඔවුහු හඬ නගති. මෙරට ‍පොදු ජනතාව වන්නේ  රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් සහ වෛද්‍ය සිසුන් සිය ගණනක් වන  සයිටම් විරෝධීන් පිරිස ද? කොයි  මොහොතක හෝ ඔවුන්ගේ තීරණයක් අනුව අඛණ්ඩ වැඩවර්ජනයක් කරන බවට ඔවුහු රජයටත්, ජනතාවටත්, මාරාන්තිකව තර්ජනය කරමින් සිටිති.

දැන් එළඹ තිබෙන්නේ අතිශය බිහිසුණු තත්ත්වයකි.  පරාර්ථයේ සහ ජීව හිතවාදයේ මූලධර්ම පදනම් කරගත් අනභිභවනීය  වෛද්‍ය ක්‍රමයක උරුමකරුවන් වූ ලක්වැසියන් අද වැටී ඇත්තේ ඉතා දුක්ඛිත තත්ත්වයකටය. වෛද්‍ය මූලධර්ම, සමාජ ආචාර ධර්ම, මානවීය ගුණධර්ම  ආදී  යහගුණ සියල්ල යටපත් කර දේශපාලන බලකාමය හා උද්දච්චකම මතුකර ගෙන ඇත. රජය සමග කළ යුතුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ගනුදෙනුව වෙනුවට, රෝගීන් සහ ජනතාව ප්‍රාණ ඇපකරුවන් කර ගැනීමට සැලසුම්ව ඇත. වෛද්‍ය හා සිසු සංගම් ප්‍රදර්ශනය කරන බැනර්වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමයෙන් රෝගීන් මරණයට පත්වනු ඇතැයි ලියා තිබුණත්, ඇත්ත  වශයෙන්ම රෝගී ජීවිත මරු කටට ගෙන යන්නේ වෛද්‍යවරුන් විසින්ම බව ඔවුන්ගේ තීන්දු තීරණවලින් පැහැදිලි වේ. මෙරට තිබෙන්නේ එකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකි.

ශේ්‍රෂ්ඨාධිකරණයේ  නීතිවලට අනුව එම ආයතනය විධිමත්ව ගොඩනැගීමෙන් සමස්ත ගැටලුව විසඳීමට මුල පිරෙනු ඇත. මෙම විද්‍යාලයේ යාන්ත්‍රණය අධීක්ෂණය කිරීම සහ එහි ගුණාත්මක ප්‍රමිතිය නැංවීමට රජයට මැදිහත් විය හැක. රජය එය කළ යුතුය. ජනතා පරමාධිපත්‍ය මෙන්ම නීතියේ ආධිපත්‍යය ද  සහතික කිරීමට ජනාධිපති, අගමැති අමාත්‍යවරු ප්‍රමුඛ ආණ්ඩුවේ උත්තරීතර වගකීම බවත්, එම වගකීම ඉටු කිරීම පමාකිරීමෙන් එක් එක් පටු හැඟීම් සහිත කල්ලි, කණ්ඩායම්වල හිතුවක්කාර ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම්වලින් රටත්, ජනතාවත් පීඩිතව අසරණවීම නිසැකවම සිදුවන බවත් අවසන් වශයෙන්  සඳහන් කරමු.

අශෝක හරිස්චන්ද්‍ර

Untitled-21