ගම්මිරිස් මිල අධික ලෙස පහල වැටීම පිළිබඳව ගම්මිරිස් වගාකරන්නන්ට පිළියමක් ලබා දෙන්නැයි බල කරමින් ඊයේ පල්ලෙබැද්ද නගරයේ පැවැත්වුණු උද්ඝෝෂණයට බාහිර පිරිසක් පැමිණ පහරදීම පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රදේශවාසීහු පවසති.
හූ හඩ නගමින් ආණ්ඩුවට විරෝධය දැක්වූ අවස්ථාවේදී පොලීසිය පසෙකට වී බලා සිටියදීම එම පහරදීම සිදු කළ සිවිල් ඇඳුමෙන් සැරසුණු බීමත් එම පිරිස දහ දෙනෙකුගේ පමණ වන කණ්ඩායමක් බවත්, කිසියම් දේශපාලකයෙකුගේ මැර පිරිසක් ද යන්න හෙළි කළ යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

ගැටුම සිදුවී පැය කාලක් ඇතුලත එම ස්ථානයට නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්චා කළ අතර අමාත්‍යවරයා කියා සිටියේ මේ විරෝධතාවය ඉතාම සාධාරණ එකක් බවයි.මේ රජයේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලතාවයක් හේතුවේන් මෙසේ ගම්මිරිස් මිල පහත වැටී ඇති බවත් විදේශීය රට වලින් ගම්මිරිස් ආනයනය කිරීම හේතුවෙන් ලංකාවේ ගම්මිරිස් ගොවියාට අසාධාරනයක් වී ඇති බවත් ඇමතිවරයා කීය.
පහර දුන් පිරිස අනාවරණය කරගැනීමට තමා උත්සාහ දරන බවද ඒ මහතා පැවසීය.

pallebedda paharadeema (3) pallebedda paharadeema (8)