මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියම රංගන ශිල්පිනිය ලෙසට සම්මාන හිමි කරගත්තේ නයනතාරා වික‍්‍රමආරච්චි.‘දෙවෙනි ඉනිම‘ නාට්‍යයේ ‘දෙව්මි‘ කියන ද`ගකාර චරිතයට පණ පොවන ඇය එලෙසම ද`ගකාර චරිතයක්ද කියල දැනගන්න මෙවර රිවිසරසි සොඳුරු කතාබහට අපි ඇයව එකතු කරගත්තා.

01.කොහොමද නයනතාරා මේ දවස්වල?
මේ දවස්වල නම් ගොඩක්ම සතුටෙන් තමයි ඉන්නේ.

02.ඒ තරම්ම සතුටු වෙන්න හේතු වුණ ඒ රාත‍්‍රිය ගැන මතක් කරොත්?
ඒ දිනයනම් මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන දිනයක් වෙයි.මං හිතන්නේ මගේ ජීවිතේ ලස්සනම දවසක් කිව්වොත් හරි.රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියම රංගන ශිල්පිනිය ලෙස සම්මානයට පාත‍්‍ර වුණා.

03.හිතුවද ඒ සම්මානේ ඔබට ලැබෙයි කියලා?
එහෙම ලොකු බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ.නමුත් නොහිතපු විදියට මං පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රියයි කියල දැනුනේ සම්මානේ ලැබුණම.‘දෙව්මි‘ චරිතයට ගොඩක් රසිකයන් ආදරෙයි නේද කියල දැනුණා.

04.‘දෙව්මි‘ කියන චරිතය ගැන කිව්වොත්?
‘දෙව්මි‘ කියන චරිතය හමුවෙන්නේ ටීවී දෙරණ තුළින් විකාශය වන ‘දෙවැනි ඉනිම‘ ටෙලි නාට්‍යය තුළින්. ඒ චරිතයේ හැටියට නම් ‘දෙව්මි‘ කියන්නේ හරිම කටකාර,දඟකාර චරිතයක්.ඇය තමන්ගේ මස්සිනාට හිතින් ආදරේ කරනවා.ඇය කොච්චර කටකාර දඟකාර වුණත් හිතින් හරිම අහිංසක,ඉක්මනට දුක හිතෙන චරිතයක්.

05.එතකොට නයනතාරා කියන්නේ දෙව්මි වගේ කෙනෙක්ද ඇත්තටම?
අප්පෝ නැහැ. මොකද මට ඇත්ත ජීවිතේ නම් ආදරේ කරන්න මස්සිනා කෙනෙක් නැහැනේ.ඒ නිසා දෙව්මි වගේ කෙනෙක් නෙවෙයි නයනතාරා කියන්නේ.නමුත් චුට්ටක් විතර දෙව්මිට වඩා වෙනස් කෙනෙක් තමයි නයනතාරා.

06.එතකොට නයනතාරා කොහොමද රංගනයට යොමු වෙන්නේ?
මම නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් කරා දම්මජිත් පුනර්ජීව යටතේ.එහිදී අපි වේදිකා නාට්‍යයක් කරා  ‘රැුගෙන අවි, මමද එමි‘ කියල.එහි රංගනයෙන් පස්සේ අවස්ථාවක් ලැබුණා ශිවගුරු නාදන් අධ්‍යක්ෂ යටතේ ‘හංස පිහාටු‘ කියන නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න.පස්සේ ‘එරන් ළන්¥‘ සහ මෑත කාලයේදී සම්මානය හිමි වුණු ‘දෙවැනි ඉනිම‘ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව හිමි වුණා.

07.රංගන ක්ෂේත‍්‍රය තෝරාගන්න විශේෂ හේතුවක් තිබ්බද?
පාසල් යන අවදියේදීම ඒ කියන්නේ මං තේරෙන වයසේ ඉ`දන්ම වැඩි ඇල්මක් තිබ්බ ක්ෂේත‍්‍රයක් තමයි මේ.ඒ නිසාම මට රඟපාන්න මාර්ගය හැදුණා.

08.ක්ෂේත‍්‍රයේ පිරිස එක්ක රඟපාද්දී ලැබෙන අත්දැකීම් කොහොමද?
මං හිතන්නේ ජීවිතේට බොහෝ දේවල් රැුස් කරගන්න පුළුවන් ක්ෂේත‍්‍රයක්. තනි කෙනෙක් විදියට නම් රැු`දිලා ඉන්න බැහැ.රංගනය සාර්ථක වෙන්න නම් බොහෝ දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරන්න  ඕනි.මං හිතන්නේ මගේ සමවයසේ වගේම ප‍්‍රවීණයන් එක්ක වැඩ කරද්දී මගේ වැරදි වුණත් ඒ දේවල් හදාගන්න හරි ලේසියි.මොකද ඒ වැරදි නොදැනෙන්න ඒ දේවල් හදාගන්න උදව් කරනවා සියලූදෙනාම.හැම කෙනාම එක වගේ නැහැ.නමුත් මං හිතන්නේ මං රඟපාපු හැම නාට්‍යයක්ම වගේම විශේෂයෙන් ‘දෙවෙනි ඉනිම‘ නාට්‍යයේ සියලූම දෙනාම එකට එකතුවෙලා එකා වගේ වැඩ කරනවා.ඒ නිසයි මං හිතන්නේ සාර්ථක වුණේ.

09.අම්මා සහ තාත්තා දෙදෙනාගෙන් ලැබෙන සහාය කොහොමද?
විශේෂයෙන්ම ඒ දෙන්න තමයි මගේ හෙවණැල්ල වගේ පස්සෙන් ඉ`දන් හැමදේම කරන්නේ.අම්මා තමා ගොඩක්ම හරි වැරදි කියන්නේ හො`ද නරක දේවල් තෝරලා දෙන්නේ  ඒ වගේම තමා මගේ පස්සෙන් ඉ`දන් හැම වැඩකදීම මං ළඟ ඉ`දන් උදව් කරන්නේ ඒ දෙන්න.

10.සම්මාන ලැබෙද්දී සමහරු ආඩම්බර වෙනවා.නයනතාරාත් එහෙම වෙයිද?
මං හිතන්නේ එහෙම සම්මාන ලැබීම ආඩම්බර වෙන්න  ඕනි කාරණාවක් නෙවෙයි.ඒක රංගනයට ආලෝකයක් කරගන්නයි  ඕනි.

11.මේ ක්ෂේත‍්‍රයට එන්න බලාපොරොත්තු වෙන ඔබ වගේ නවකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ?
ජනප‍්‍රියත්වයම නෙවෙයි.අපේ කලා ක්ෂේත‍්‍රය කියන්නේ හරිම සුන්දර තැනක්. ස්වර්ණමය අවදියක් තිබුණ ක්ෂේත‍්‍රයක් මෙය.ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ රංගනය කියන විෂය ගැන හො`ද අධ්‍යාපනයක් ලබල එන්න කියල තමයි.

12.නයනතාරා ටෙලි නාට්‍යවලට විතරක් සීමා වෙයිද?
නැහැ.මොකද දැනට නම් ‘දෙවෙනි ඉනිම‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා.හො`ද නිර්මාණ ලැබුණොත් ඒ කියන්නේ හොද චරිතයක් කරන්න ලැබුණොත් සම්බන්ධ වෙනවා.ඒක ටෙලි නාට්‍යයද චිත‍්‍රපටයක්ද කියල නැහැ.මම රඟපාපු චිත‍්‍රපට තුනක් වගේ ඉදිරියේදී තිරගත වෙන්න තියනවා.

13.විශේෂයෙන්ම ස්තුති කරන්න කව්ද ඉන්නේ?
මගේ ළඟින් ඉන්න අම්මයි, තාත්තයි.ඒ වගේම මගේ මේ ගමනේදී මට උගන්නපු හැම ගුරුවරයෙක්ටම විශේෂයෙන් ස්තුති කරනවා.ඒ වගේම අනිවාර්යෙන්ම මතක් කරන්නම  ඕනි පිරිසක් ඉන්නවා. ඒ තමයි මට ජනප‍්‍රියම නිළිය කියන සම්මානේ ලැබෙන්න මට පාර  හදපු ‘දෙවෙනි ඉනිම‘ නාට්‍යය සහ එහි අධ්‍යක්ෂතුමා වන සාරංග මෙන්ඩිස් මහත්මයා සහ එහි කණ්ඩායම වගේම ටීවී දෙරණ ආයතනයටත් මගේ හදපිරි ස්තුතිය පුද කරනවා.ඒ වගේම මගේ රසික රසිකාවියන්ටත් බොහොම ස්තුතියි.

චාරුන්දි කරුණාතිලක
ඡුායාරූප: තුෂාර සංජීව

nayanathara (3) nayanathara (2) nayanathara (1)