මැදවච්චිය, පූනෑව නාවික හමුදා කඳවුරේ පුහුණුව ලබන නාවික හමුදා සෙබළෙකු කඳවුරු බිමේ ඇති ගසක ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ 19 හැවිරිදි මීකලාව, කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (18) උදෑසන මෙය සිදුවී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) අනුරාධපුර රෝහලේදී සිදුකිරීමට නියමිතය.