ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක්‌ ඇති නව බැක්‌ටීරියාවක් ශ්‍රී ලංකාවේද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙය ඕස්ට්‍රේලියාවේ සොයාගෙන ඇති නව නිපැයුමකි.
දැනට එය වියට්‌නාමය, ඉන්දුනීසියාව, වැනි රටවල අත්හදා බලා ඇත.එය ශ්‍රී ලංකාවටද සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්‌ටීරියාව ඇතුළු කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කළේය.