ඉංගිරිය සහ හොරණ ප්‍රදේශවල ජනතාව කිසිදු ආගම් භේදයකින් තොරව සහජීවනයෙන් සිටියදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අභූත චෝදනා නගමින් රටට අහිතකර වන රට ගිනි  තැබීමේ ප්‍රකාශ කරන නීතීඥ ලක්ෂාන් ඩයස් නමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ඉංගිරිය නගර මධ්‍යයේ ඊයේ:18 දහවල් සාමකාමී උද්ඝෝෂණයක්  පැවැත්විණි. නගර මැද බෝ ගස අසළට ඒකරාශීවූ ඉංගිරිය ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ මහ සඟරුවනත්, දහම් පාසල් සිසුන්, දෙමව්පියන් ඇතුළු ප්‍රරදේශවාසී ජනතාවත් මේ විරෝධතාවට සහභාගිවී සිටියහ.

2-(2) 3-(2)