උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට තමිල් අරසුකච්චි පක්ෂය පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ තුනම එම සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා රිවිරට පැවසීය.

මේ අනුව ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු හා පළාත් සභා කටයුතුවලදී ද වෙනම කටයුතු කරනු ඇති බවටද අනතුරු අ`ගවා සිටියේය. ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ තුනම රැුස්වී සාකච්ඡුා කර මෙම තීරණයට පැමිණ ඇති අතර මේ පිළිබ`ද දෙමළ සන්ධානයේ නායකත්වයට සහ තමිල් අරසු කච්චි පක්ෂයටද දැනුම් දී ඇත. ¥ෂණ චෝදනාවන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයට අනුව මහ ඇමැතිවරයා විසින් පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගත් තීරණය සාධාරණ බවත් මෙය හේතුකොට ගනිමින් තමිල් අරසු කච්චි පක්ෂය මූලිකත්වය ගනිමින් මහ ඇමැතිවරයා ඉවත් කිරීම ස`දහා විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් එම ක‍්‍රියාකලාපය සන්ධානයේ සෙසු පක්ෂ තුනම හෙළා දකින බවත් ඒ මහතා කීය.

මහ ඇමැතිවරයා විශ්වාසභංගයකින් ඉවත් කිරීමට කටයුතු නම් උතුරු නැගෙනහිර පළාත් සභාවල හා පාර්ලිමේන්තුවේත් අප පක්ෂවල නියෝජිතයින් වෙන්ව කටයුතු කරනු ඇති බවත් මෙතුළින් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීම හැර අන් ප‍්‍රතිඵලයක් නොවන බවත් සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා කියා සිටියේය.

එෆ්. අස්ලම්