දිවයිනේ සිදුවූ සමස්ත ආපදා තත්වය වෙනුවෙන් රුපියල් බිලියන 50ත් සියයත් අතර මුදලක් අවශ්‍ය වෙතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවසූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ වනතෙක් සමස්ත ආපදාව සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර නැතත් මහබැංකුව පවසන පරිදි දළ වියදම එවැනි මුදලක් බව අගමැතිවරයා පැවසුවේ කොටපොළ, මොරවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගියදා (16* පැවැති සාකච්ඡුාවක දී නිලධාරීන් අමතමිනි.

මෙම මුදල් ලබා ගැනීමට දැන් සිදුව ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් කීය. එ් කටයුතු වෙනුවෙන් විදේශ ආධාර මෙන්ම රටේ මුදල් ද යෙදවීමට කටයුතු කරන බව අගමැතිවරයා සඳහන් කළේ ය. ඉදිරි වසර පහ හය ඇතුළත ආපදාවට පත්වූවන් නැවත පදිංචි කිරීමේ හා නායයෑමකට ලක්නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ කටයුතු අවසන් කරන බව ද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි/
 නිමල කොඩිතුවක්කු