වළකට වැටීම  මොළයට හොඳ බවට පැරණි කියමනක් ඇත. එලෙස වළකට වැටීම  හොඳ වන්නේ ඉන් ගොඩ ඒමට  මගක් සොයා ගන්නා  ප්‍රඥාවන්තයකුටය.  අප ජාතියක් ලෙස වැටී ඇති වළවල් සැලකූවිට  එවැනි  ප්‍රඥාවක් සහිතව කටයුතු කළේ නම් සිටිය යුත්තේ ලෝකයේ ඉහළම තැනකය. එහෙත් තවමත් අප කටයුතු කරමින් සිටිනුයේ  වළකින් ගොඩ ඒමට සැලසුම් හදමින්ය. මන්ද තවමත් අපට ප්‍රඥාව පහළ වී නැති සෙයකි.

පසුගිය මැයි මාසයේ ඇති වූ ජල ගැලීම් තත්ත්වයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකට  විශාල බලපෑමක් එල්ල විය. රත්නපුර සහ කළුතර සෙසු දිස්ත්‍රික්ක දෙකය.

එහිදී  ගිංගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව ඇති වූ ගංවතුර තත්ත්වය   වඩාත්  සැලකිල්ලට ගත යුත්තකි. මේ සම්බන්ධයෙන් දකුණු පළාත තුළ සැලසුම් සකස්වී ඇත්තේ මීට වසර 60-70කට ආසන්න කාලයකට පෙර සිටය.  එහෙත් ඒ කිසිවක්  ක්‍රියාත්මක නොවීම මෙවර ජල ගැලීම් සමග මතුපිටට පැමිණි කරුණකි. “අහසින්  වැටෙන එක් දිය බිඳක් හෝ  ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවමු” යැයි පරාක්‍රමබාහු රජතුමා පැවසූ බවට වන ඉතිහාසයේ සඳහන් ප්‍රකාශය අප කොතෙක් ඉගෙන ගත්තද රටට එබඳු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොතිබූ බව මෙවර ද සපථ වී ඇත.  කටින් බතල කොළ හිටුවන දේශපාලන න්‍යායාචාරීන් හැර ප්‍රායෝගික  මිනිසුන් නැති විය. අප රටේ මෙවර  ගංවතුර එය යළි යළිත් තහවුරු විය.  රට හමුවේ ඇති අභියෝගය නම් ඊළඟ මහා  ඛිෙදවාචකයට පෙර ප්‍රඥාවන්ත සහ ප්‍රායෝගික මිනිසුන් පිරිසක් බිහිකර ගැනීම සහ බඩගෝස්තර දේශපාලනය වෙනුවට රටට ආදරය කරන ප්‍රඥාසම්පන්න දේශපාලනඥයින් පිරිසක් මතුකර ගැනීමය. මෙහිදී වාරිමාර්ග ඉංජිනේරු අංශවල අදහස් සැලකිල්ලට ගැනීම ද අතිශය වැදගත් ය. මන්ද  මෙවර ජල ගැලීම් තත්ත්වය අරබයා පෙර දැක්මක් සහිතව වැඩසටහන් ඉදිරිපත් කළ පිරිස අතර  ඔවුන් ද ප්‍රමුඛ බැවිනි.  දැන් හෝ එම සැලසුම් වෙත යොමුවීම වෙනුවට ප්‍රදේශයේ දේශපාලනඥයින් සිය සුපුරුදු න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන ඇති තත්ත්වයක් මතුව ඇත.  එසේ වුවහොත් යළිත් සිදුවන්නේ මහා ජීවිත හානියක් දක්වා ජනතාව දක්කාගෙන යෑමය. ඊට පෙර දැන්වත් ඉහළ බලධාරීන් දැනුවත් සක්‍රිය වැඩපිළිවෙළක් වෙත යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි.  මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල මාතර ප්‍රධාන  ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා දක්වන  අදහස් වැදගත්ය. මන්ද ඔවුන් මතෛක් සකස් කළ ව්‍යාපෘති වාර්තා දේශපාලන හමස් පෙට්ටියට නොගියේ නම් ජල ගැලීම් හානිය බොහෝදුරට අවම තත්ත්වයකට පත්වන්නට ඉඩ කඩ තිබූ බව පැහැදිලිය.  මෙහිදී  වාමාංශික දේශපාලනයේ දැවැන්තයකු වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ සමයේ සිටම දකුණු පළාතේ ජල ගැලීම් සම්බන්ධයෙන් සංකල්පීය යෝජනා ඉදිරිපත්ව ඇත.

එහෙත් ඒවා ද කාලයත් සමග යටපත්ව ගොස් ඇත්තේ මෙරට දේශපාලන හැඩතල වෙනස්වීම  අනුවය.

මෙම ජල ගැලීම ව්‍යසනය දක්වාම දකුණු පළාතේ වාරි ඉජිනේරු අංශ ලබාදුන් විවිධ යෝජනා ද  දේශපාලන ගොහොරුවේ ගිලී ගොස් තිබිණි. හදිසියේ මෙරට රාජ්‍ය යාන්ත්‍රණය නින්දෙන් අවධි වූයේ  පැය  24 ක් වැනි කාලයක් තුළ ඇති වූ වර්ෂාව ඉහටත් උඩින් ගිය පසුවය. මෙම  යෝජනා පිළිබඳව එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසූ අදහස් මෙබඳුය.

“එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා වගේ අය සංකල්පීය  වශයෙන් ඉදිරිපත් කරපු යෝජනාවල ඉඳලා මේ දක්වා අප ක්‍රියාත්මක තලය දක්වා විවිධ යෝජනා  සකස් කරලා දීලා තියෙනවා. ඒ අනුව නිල්වලා ගඟ, ගිංගං ආර හුලංදාව ඔය වගේ  සැලකිය යුතු ධාරිතාවක් තියෙන ජලාශ හදලා උඩ ජල ගැලීම් නවත්වලා, පහළ ගංවතුර වේලි හදලා, පහළ පරිස්සම් කරන ගමන් එකවර ජලය කළමනාකරණය කරන ක්‍රමවේද සැලසුම් දිගින් දිගටම දීලා තියෙනවා. දැන් තියෙන තත්ත්වය  තමයි එක ගෙයක් හරි යට වෙනව නම් එතන වැවක් හදන්නත් බෑ.  කැලයක් යටවෙනවා නම්  එතන පරිසර පද්ධතියක් නිසා  එතන යට කරන්නත් බෑ. එහෙම නැති තැන් ලංකාවේ ඇත්තේ නෑ.

එහෙම නං මිනිස්සු කැමති වෙන්න ඕනැ ඔය දැන් තියෙන විදියට ජීවත්වෙන්න.  එක්කො කැප කිරීමක්  කරලා  මිනිස්සු  කොටසක් අයින් වෙලා  කැලෙනුත් ටිකක් දීලා ජලාශයක් හදලා වතුර ටිකක් නවත්තගෙන, ඊට අමතරව  යම් වතුර ප්‍රමාණයක් පහළට නිදහස් කරනකොට හානිය අවම කරන්න ගංවතුර වේලිත් හදලා විවිධාංගීකරණය වූ වැඩසටහනක් (ර්භතබඪ ච්ඪඵජඪනතඪදචපර පධඨපචථඥ) ක්‍රියාවට නංවන්න අවශ්‍යයි”

“මේකට දැන් තනි වැඩපිළිවෙළක් නෑ. මිදුලෙ තණකොළ වවන එකේ සිට ජලාශ හදලා යම් වතුරක් නවත්වා ගැනීම දක්වාත් පහළ  ප්‍රදේශවල ගංවතුර වේලි තවත්  ශක්තිමත් කරන  ගමන්ම මිනිස්සු මේ ගඟට සලකන මට්ටම දක්වා වැඩපිළිවෙළක් අවශ්‍යයි.  ඒ කියන්නේ ගඟට කුණු ටික හරවන ගඟේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන හෝටල් හදන. ඒ මට්ටමෙන් ගැලවෙන්නෙ නැතිව  මේක විසඳන්න බෑ”
“මිදු‍ලේ තණකොළ වවනවා කියන්නේ ‍පොළවට වැටෙන වතුරෙන් කොටසක් ‍පොළවට උරන්න ඉඩ දෙනවා කියන එකයි. එතකොට හැම ගෙදරකින්ම අඩු කරන ජල ගැලීම් ගඟට එන්නේ අඩුවෙන්. ගඟ නිදහසේ තියෙන කොට ලැබෙන වතුර ඉක්මනින් පහළට ඇවිත් එකතු වෙන එක අඩුවෙනවා. ගඟ මිනිස්සු අල්ලගන්නේ නෑ කියන්නේ ගඟ  මිනිස්සු පටු කරන්නේ නෑ කියන්නෙ, ගඟට කුණු දාන්නේ නෑ කියන්නේ ගඟේ ඉඩ හැමදාම තියෙනවා. ඒක නිසා  ඉක්මනින වතුර ටික මුහුදට යනවා. ඊළඟට වැඩිපුර එන ජලය රඳවා ගන්න කුඩා ජලාශ කිහිපයක් හෝ එකක් හරි හදන්න අවශ්‍යයි. අපි යෝජනා කරලා තියෙනවා හැම අතු ගංගාවකම අඩු තරමේ මධ්‍යම ප්‍රමාණයේ වැවක් ඉදිකිරීම අවශ්‍යයි කියලා”

සූරියබණ්ඩාර මහතා ඉංජිනේරු වෘත්තිකයකු ලෙස පෙන්වා දෙන කරුණු පැහැදිලිය . වරද්දාගෙන ඇත්තේ අපිමය. පරිසරයට ඉවක් බවක් නැතිව රිදවූ විට එය සිය ප්‍රතිචාරය දක්වා තිබේ. වැඩි වර්ෂාපතනයක් සහිත දෙණියාය  වැනි ප්‍රදේශයක සිට අඩු වර්ෂාවක් ලැබෙන ප්‍රදේශ හඳුනා ගැනීම මෙහිදී  වැදගත් බව සුරියබණ්ඩාර මහතාගේ අදහසය.  එම ‍පෝෂක ප්‍රදේශවල හැසිරීම් නිරීක්ෂණය කිරීම අවශ්‍යයය. ඊට එංගලන්තයෙන් හෝ ජපාන විශේෂඥයින්ගේ උපදෙස් අනුගමනය කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකිය. මෙම පරිසර හැසිරීම් අධ්‍යාපනයෙන් අවශ්‍ය ගැලපුම් කළ යුතුය.

පිටතින් සකස් කළ විසඳුම් එම පරිසර මත එබ්බවීම අසාර්ථක වැඩපිළිවෙළක් බව සූරියබණ්ඩාර මහතාගේ අදහසය. නිදසුනක් ලෙස  ගිංගඟ ආශ්‍රිතව ගංවතුර ආරක්ෂක වේලි නොතිබුණේ නම් මෙම  මිනිස් ඛිෙදවාචකය මීට බොහෝ ඉහළ අගයක් ගන්නට  ඉඩ තිබිණි. එසේ වුයේ නම්  බද්දේගම වැනි ප්‍රදේශයක විනාශය කොතෙක් දැයි සිතන්නටවත් බැරි තරම්ය. ගාල්ල නගරය පවා මෙම ගංවතුරේ ගොදුරු බවට පත් නොවුයේ ගංවතුර ආරක්ෂක වේලි  හේතුවෙනි. සූරියබණ්ඩාර මහතා පවසන්නේ  මේ තත්ත්වය ජනතාව හෝ දේශපාලන බලධාරීන් තේරුම් ගත් බවක් දක්නට නොමැති බවය. මෙම ආරක්ෂක වේලි පිරිසිදු කිරීමට  පවා මෙවැනි ව්‍යසනයකින් අනතුරුවත් බාධා පමුණුවන බවය.

“මේ ගංවතුර තත්ත්වය තුළ  ඇතිවු හානි වැඩිපුර වූණේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා ගංවතුර වේලිවල අඩුපාඩු නිසා නොවෙයි.  මේවයේ ඉන්න අනවසර පදිංචිකරුවන්  අනවසර වගාකරුවන් අයින් කරන්න ගියාම අයින් වෙන්න වෙන්නෙ අපිට.  මම මේ කාරණේ ජනාධිපති ආපු වෙලාවෙත් කිව්වා.  මේක ආරක්ෂා කරන එක ‍පොදු දෙයක් කරන්න ඕනෑ” සූරියබණ්ඩාර මහතා පැවසීය.

දීපිකා ත්‍රීමාවිතාන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂිකා ගාල්ල-මාතර
දීපිකා ත්‍රීමාවිතාන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂිකා ගාල්ල-මාතර

සත්‍ය තත්ත්වය ඇත්තේ ව්‍යසනයෙන් පසුව මවා පෙන්වන තත්ත්වය තුළ නොවේ. මේවන විටත් අවදානම් කලාපවල සිටින ජනයා වෙනත් ස්ථානවල පදිංචියට දේශපාලන බලාධිකාරිය මැදිහත්ව හරස් කපමින්  සිටී. මන්ද  විපත යනු දේශපාලන බලාධිකාරියේ පැවැත්මය.  හිඟන්නාගේ තුවාලයය. විපතට පත් ජනයා පවා මේ තත්ත්වය  අවබෝධ කර ගන්නේ නැත. තමන් සිටින ස්ථානයෙන් වෙනත් තැනකට යෑමට ඔවුන් දැන් වුව සූදානම් නැත. රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය  මත සියලු දොස් පවරා මෙවැනි කාර්යකදී  අත පිසදාගත නොහැකිය. කිසියම් නිලධාරියකු මත  පැවරෙන වගකීම් සම්භාරය ඉහළ ගිය විට අනුගමනය කළ හැක්කේ ක්‍රම දෙකකි.

එකක් පද්ධතියෙන් ඉවත්වීමය. දෙවැන්න වැඩි කොටස අතහැරීමය. බොහෝ දෙනා තෝරාගන්නේ දෙවැනි නියාමයයි. මේ වනවිටත් දකුණු පළාතේ හානියට පත් ජනයාට සහන සැලසීමේදී යළි සුපුරුදු දේශපාලන භාවිතය  පෙරමුණකට පැමිණ ඇති බව අසන්නට ලැබිණ. ඇතැම් අමාත්‍යවරු රාජ්‍ය නිලධාරීන් වෙහෙසවී වසර ගණන් ගතකර සකස් කළ සැලසුම් තමන්ගේ ඒවා ලෙස රට හමුවේ ඉදිරිපත් කරමින් සිටිති.

එය ද  සුබවාදී  අරුතින් නොවේ.  ඒ සඳහා  වෙන් කරන මුදල් ප්‍රතිපාදන  ඩැහැගන්නටය. තම හිතෛෂීන්ට බෙදා දෙන්නටය. තවත් දේශපාලන බලධාරීන් ව්‍යසනය දැන දැන නැවත එම ප්‍රදේශවලම ජනයා රඳවන්නට කැසකවමින්  සිටිති.

එල්.එස්. සූරියබණ්ඩාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව  ප්‍රධාන ඉංජිනේරු ගාල්ල-මාතර
එල්.එස්. සූරියබණ්ඩාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රධාන ඉංජිනේරු ගාල්ල-මාතර

ඉංජිනේරු අංශ සැලසුම් ඉදිරියට ගෙනයෑමට නම් දැනුම, බුද්ධිය සහ ප්‍රඥාව සහිත ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය බව පැහැදිලිය. සිදුවීම් සංවේදී කිරීමෙන් ඔබ්බට මාධ්‍ය කාර්යභාරයක් ඇති බව තේරුම් ගැනීමට කාලය එළඹ තිබේ.  මෙම අවශ්‍යතාව පිළිබඳව ජනතාව බුද්ධිමත්ව සිතන තැනකට  ගැනීමට මාධ්‍ය කාර්යභාරයක් ඇති බව සූරියබණ්ඩාර මහතාගේ අදහසය.  මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල-මාතර අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය දක්වන කරුණු ද වැදගත්ය.

“ගංවතුර වර්ගීකරණයක් තියෙනවා වසර 05කට වරක් වසර 10කට වරක් සහ වසර 20 කට වරක් එන ගංවතුර හැටියට.  වසර 10කට හෝ 20කට  වරක් එන ගංවතුර තත්ත්වය  වඩාත් වැඩියි.  වසර 100 කට වරක් එන එකක් නම් විශාලයි. ලෝකෙ දියුණු රටවල ගංවතුර පාලන වේලි සැලසුම් කරන්නේ වසර 100කට පමණ නගර ආශ්‍රිතව ගංවතුර පාලන වේලි නොතිබුණානම් සියල්ලම  ගසාගෙන යනවා. නිල්වලා ගඟට දාල තියෙන්නේ වසර 10කට  වරක් එන ගංවතුර පාලනයට යොදන වේල්ලක්.

මේ සැරේ ආව ගංවතුර  ඊට වඩා හුඟක් වැඩියි. දෙණියායට වර්ෂාව  මෙච්චරයි, පිටබැද්දර වර්ෂාව මෙච්චරයි කියන කොට අපි දැනගෙන හිටියා පහළට ජලය එන බව. ඒ අනුව කට්ටිය ස්ථානගත කරලා  තිබුණා. නමුත් ‍පොම්පාගාර උපරිමයට ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා ඒක නවත්වන්න වුණා. මේකෙ භයානකකම තියෙන්නේ මාතර පැත්තෙ ‍පොම්පාගාර හැදුවට පස්සේ මිනිස්සු ගංගාවෙ ආරක්ෂිත ප්‍රදේශවල පදිංචිවෙලා. ඒ නිසා  ආපු ගංවතුර හිස්කර ගන්න බෑ”
“මේ වගේ එකකදී කරන්න ඕන ප්‍රධාන සැලසුමකින් (ර්චඵබඥප තචදඥ) ප්‍රධාන නගරවත් යට නොවෙන විදිහට හැම දෙයක්ම  සැලසුම් කරලා උස්සන එක. දේශගුණ, කාලගුණ, විපර්යාසවල හැටියට  වෙනද වසර 100 සැලසුම් දැන් ඉක්මන, ඉක්මනට එන තත්ත්වයක් තියෙන්නේ”

දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය පෙන්වා දෙන කරුණු අතිශය වැදගත්ය. මොරවක වැනි ඉහළ කොටසේ නගරයක් යටවීමට හේතු මෙහිදී අවධානයට ගැනීම වැදගත් බව ත්‍රිමාවිතාන මහත්මිය පෙන්වා දෙන්නීය.  ඊට හේතුව ගඟේ ජලය විහිදී ගොස් ක්‍රමයෙන්  බැසයන තෙක් ජලය රැඳී තිබෙන ප්‍රදේශය ද විවිධ පුද්ගලයින් අත්පත් කරගෙන ඉදිකිරීම් සිදුකර තිබිම ඊට හේතුවයි.  එම භූමි පස් පුරවා උස්කර තිබිම  හේතුවෙන් ජලය බැස යෑම  වැළකී ගියේය. මෙහිදී පළාත් පාලන ආයතනවල අදුරදර්ශී ක්‍රියා පිළිවෙත පැහැදිලිය. එම ආයතනවලට පත්වන ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සමාජ මට්ටම ගත්විට එවැනි තීරණ ගැන පුදුම විය යුතුද නැත.

එහෙත් ගැටලුව පවතින්නේ රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමේ විපාක ගෙවන්නේ ඊට වගකිවයුතු නැති අසරණ පිරිසක් වීමය.  මෙහිදී  වාරිමාර්ග නිධාරීන්ට මෙම නීති විරෝධී ඉදිකිරීමවලට මැදිහත්වීමට අවශ්‍ය ෙනෙතික රාමුවක්ද නොමැති  තත්ත්වයක් තුළ බලවත් පුද්ගලයෝ හිතුමතයේ ඉදිකිරීම් සිදුකරති. නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිතව මේ වන විටත් ඇති එවැනි ඉදිකිරීම තවදුරටත් පවතින්නේ අවනීතියේ අනුග්‍රහයෙනි.

දැන් හෝ වෘත්තීය නිලධාරීන්ගේ සැලසුම්වලට ඉඩදී මෙම ව්‍යසනය මැඩපවත්වාගත යුතුය.  ඒ සඳහා මහජනතාවට ද මාධ්‍යයට ද කාර්යභරයක් ඇති බව පැහැදිලිය. ව්‍යසනයක් සිදුවූ විට ආධාර ගෙනයෑමෙන් හෝ දේශපාලනඥයින් බොරදියේ මාළු බාන පිළිවෙතින් බැහැර නොවුවහොත් මීළඟ ජල ගැලීම් ව්‍යසනය වඩා බරපතළ බව නොකිව යුතුය. රැවුලත්, කැඳත් දෙකම බේරා ගන්නට නම් දැනුවත් බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත තැනකට රටම ගමන් කළ යුතුව ඇත.

අශෝක වීරසිංහ
asoka.veediyabandara@gmail.com

gyu
නිල්වලා ගඟේ මෝය කට දෙපස ඉදිකිරීම් කර ඇති අයුරු
tyu
ගංවතුර පාලනයට ආරක්ෂිත වේල්ලක් කපා ඉවත් කර ඇති අයුරු
fgyuitd
ගං ඉවුරේ ඉදිකිරීම් සිදුකර ඇති අයුරු

hujiu

 

SHARE

3 COMMENTS

  1. eelangata ena mahaa kedawachakaya UMAOYA langadeema UMAOYA nisa irithala thibena kandu pahalata ena dinaya atha langayi oka nathara karanna kiyala kagahana ekama pudgalaya JVP eke Samantha Vidyarathna pamanayi , 2 mona vinashayak unath ema vinashaya ape rate balalobee thakkadi deshapaluwan unge wasiyata harawagena newathath eeta wadaa vinashaykata rata harawanawa ape rate itha pasugamee janthawage hadagesma owun handunanawa eken oya thakkadi rela uparimayen prayojana ganna eka vitharayi venne ape minsuntath hama deyakma mathaka sathiyak 2 k vitharane . api bala indimu .newatha gam bim pitin welalena thuru.

  2. If the government start supporting Irrigation Department to come up with their planning and design work inorder to implement as soon as possible with local funds, there will be a hope for the future. Instead if they continue with traditional politics there will not be a country for next generation. The surprise is that the government does not understand the potential of Irrigation Department!

  3. It is a hearten feeling to note that at least a few professionals open out their mouths and writing capabilities to come out with the truth. It is high time that majority of the professionals follow suit and expose the ulterior intentions of the corrupted politicians. The Irrigation Department pocess all knowhow and resources to over come or minimise this type of disasters. It is high time that that the rulers and managers listen to them and inplement their proposals. Otherwise occurring of worst disasters of this nature is imminent and the future of the country as a whole looks very, very bleak.

LEAVE A REPLY

Previous articleවිග්නේෂ්වරන්ගෙන් ඉගෙන ගන්න
Next articleමදුරු උවදුරෙන් රටම මුදවන්න මෙන්න වයඹින් සූත්තරයක්