ශ්‍රී ලංකාව හමුවේ කඩුලු තුනක ජයක් ලැබූ පාකිස්තාන ක්‍රිකට් පිල චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්වෙමින් අවසන්  පූර්ව  තරගයේදී සත්කාරක එංගලන්ත පිලට එරෙහිව කඩුලු 8ක  පහසු ජයක් ලබා ප්‍රථම වතාවට චැම්පියන්ස්  කුසලාන තරගාවලියේ අවසන් තරගයට  ඒමට සමත් විය.
අපරාජිත එංගනන්ත පිල කාසිෆ් ක්‍රීඩාංගණයේදී මුලසිටම දැඩි ග්‍රහණයකට නතුකරගත් පාකිස්තානු පන්දු යවන්නෝ ඕවර 49.5ක් තුළ ලකුණු 211 කට සීමා කළේ කාසියේ වාසිය ලබා එහි උපරිම ප්‍රයෝජනය ගනිමිණි.
ජයග්‍රාහී ඉලක්කය පන්දු 77ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් පමණක් දැවී පාකිස්තානය ලබාගත්තේ අසාර් අලි (ලකුණු 76) ෆකාර් සමාන් (ලකුණු 57) ආරම්භක කඩුල්ලට ලකුණු 118 ක සබඳතාවක් තැබිමෙන් සවිමත් වූ පාකිස්තාන පි‍ලේ ජය තහවුරු කිරීමට  බාබර් අසාම් නොදැවී ලකුණු 38 ක්ද මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 31ක් ලබා ද ලබා 38 වන ඕවරයේදී තරගය නිමකළේ පැමිණ සිටි එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ සියලු බලා‍පොරොත්තු සුන් කරමිනි.
පාකිස්තාන පි‍ලේ හසන් අලී නැවතත් පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වෙමින් ලකුණු 35 ට කඩුලු 3ක් ලබා තරගයේ වීරයා සම්මානය ද ලැබුවේය.  ආබාධයකට ලක්වූ මොහොමඩ් අමීර් වෙනුවෙන් ක්‍රීඩා කරනු ලැබූ රුම්මාන් රායිස් හා  ජුනෙයිඩ් ඛාන් කඩුලු 2 බැගින් ලැබූහ. එංගලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 46 ක් ලැබූ  ජෝරුම්ය.

මේ සමගින් ඊයේ පැවැත්වීමට තිබූ ඉන්දීය -බංග්ලාදේශ තරගයේ ජයග්‍රාහාහකයින් සමග පාකිස්තානය 18 දා අවසන් තරගයට මුහුණදීමට  නියමිතය. කෙසේ වුවත් සත්කාරක  එංගලන්තය මතෛක් චැම්පියන්ස් කුසලානයක් දිනා නොමැති හෙයින්  ඔවුන්ගේ  මෙවර බලා‍පොරොත්තුව ද බිඳ දැමීමට පාකිස්තාන පිල සමත්විය.

හසන් අලී තරගවලියේ මේවන විට වඩාත්ම සාර්ථක පන්දු යවන්නා
හසන් අලී තරගවලියේ මේවන විට වඩාත්ම සාර්ථක පන්දු යවන්නා