ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තම ක්‍රිකට් දිවියේ තවත් කඩඉමක් පසුකරමින් පළමු පෙළ 100 වැනි ශතකය වාර්තා කිරීමට පසුගියදා  සමත් විය.

එංගලන්තයේ  සරේ ප්‍රාන්ත පිලට ක්‍රීඩා කරන සංගා මේදිනවල පැවැත්වෙන ලන්ඩන් රෝයල් කුසලාන පළමු පෙළ  එක්දින තරගාවලියේදී යෝක්ෂයර් පිලට  එරෙහිව ලකුණු 121 ක් රැස්කරමින් 100 වැනි පළමුපෙළ ශතකය වාර්තා කරනු ලැබිය. සරේ පිල වෙනුවෙන් ලැබූ සංගාගේ මෙම ශතකය නිසා ලකුණු 24 ක තියුණු ජයක් ද ලැබිමට හැකිවිය.  පන්දු 121 ක් තුළ සංගා 4 පහර  9 ක් හා 6 පහර 4ක්  සංගාගේ ඉනිමට ඇතුළත් විය.

සංගාගේ 100 වන ශතකය රැස්කිරීමේදී පළමු පෙළ  ශතක 61 ක්ද  ‘ඒ’ කාණ්ඩයේ ශතක 61 ක්ද ඇතුළත් වී ඇත.මේවනවිට ප්‍රාන්ත තරගාවලියේදී සංගා ශතක 8 ක් රැස්කර ඇති අතර පිට පිට ශතක 5ක් රැස්කරමින් වාර්තා ‍පොතට ද ඇතුළත් විය.

ධම්මික