මීතොටමුල්ල කසළ කන්ද නායයෑමේ සිද්ධියට අදාළව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අගමැතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය, කථානායක කරු ජයසූරිය මහතාට ද ඊයේ (20) දිනයේ ම දැනුම් දී ඇත.

ජීවිත සහ දේපළ අහිමි කරමින් මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳව විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
වියට්නාම සංචාරය නිමකර පෙරේදා (19) දිවයිනට පැමිණි අගමැතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමෙන් අනතුරුව අදාළ විවාදය ලබා දීමට පියවර ගෙන ඇත.

නිමල කොඩිතුවක්කු