ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට දෙවැනි නිල සංචාරය යෙදෙන ලබන 12 වැනිÞට ති්‍රකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ වන ගිවිසුමක් අත්සන් තැබීමට අපේක්ෂා කරන බව නවදිල්ලියේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය අගමැතිවරයාගේ මෙරට නිල සංචාරයට පෙර එනම්, මේ මස අගදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

එහිදී ති්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දු-ලංකා ද්විපාර්ශ්වීය සහයෝගීතාවයෙන් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බව ද නවදිල්ලි වාර්තා සඳහන් කරයි.

ඉන්දීය අගමැතිවරයාගේ මෙරට දෙදින නිල සංචාරයේ අරමුණ වී තිබුණේ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම බව මීට පෙර වාර්තා විය.

කෙසේවෙතත් මෝදි මහතාගේ මෙම සංචාරයෙහි තවත් විශේෂත්වයක් වන්නේ අසල්වැසි රාජ්‍යයකට දෙවැනි නිල සංචාරයක් සඳහා පැමිණෙන පළමු අවස්ථාව බවට පත්කරමින් ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිŒමයි.
වසර 28කට පසු ඉන්දීය අගමැතිවරයකුගේ මෙරට නිල සංචාරය සටහන් කරමින් 2015 වසරේදී ද ඔහු මෙරට නිල සංචාරයක නිරත විය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි