මීතොටමුල්ල ඛිෙදවාචකයට ආණ්ඩුව වගකිව යුතු වන බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තියට අනුව ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට ජවිපෙ සූදානම් වේ.

මේ වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බව ජවිපෙ මධ්‍යම කාරක සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මීතොටමුල්ල ඛිෙදවාචකය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පක්ෂය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. බත්තරමුල්ල පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී ඊයේ (20) පැවැති මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් වටගල මහතා පෙන්වා දුන්නේ මෙය ස්වභාවික ආපදාවක් නොව නොසැලකිලිමත්කමින් කළ මිනීමැරුමක් බවයි.

මහ නගර සභා ආඥා පනතේ 129 වන වගන්තියට අනුව බල ප්‍රදේශයේ කැළි කසළ එකතු කිරීම ආයතනයේ ජනතා යුතුකමක්. එය 130 වගන්තියට අනුව එසේ එකතු කරගත් කසළ ආයතනයට ආදායමක් ලැබෙන ලෙසට කළමනාකරණය කර උපයන මුදල් අදාළ ආයතනයේ ගිණුමට බැර කිරීම නීති ගතවී තිබෙන බවද හෙතෙම පැවසීය. දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තියට අනුව නොසැලකිලිමත්කම වරදක් ලෙස සැලකෙන අතර මෙම ඛිෙදවාචකය සිදුවූයේ ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය නිසා බැවින් පාලකයන් ජනතාව නොසලකා හැරීම නිමිත්ත වශයෙන් ගෙන මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වන බවද හෙතෙම අවධාරණය කළේය.

කුණු කන්දේ අවදානම පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදී ආණ්ඩුවට, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හා කොළඹ මහ නගර සභාවට දැනුම් දුන් නමුත් දේශපාලනඥයන් හා නිලධාරීන් ඒවා නොතකා හැරීම නිසා මිනිස් ජීවිත 30කට අධික සංඛ්‍යාවකට දිවි පිදීමට සිදුවූ බවද වටගල මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

තිලක් පුෂ්පකුමාර