මීතොටමුල්ල ඛිෙදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයකුගෙන් යුත් කමිටුවක් පත් කරන අතර එම වාර්තාවලට අනුව ඊට වගකිව යුත්තන්ට දඬුවම් දීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

කුණු කන්දේ වගකීම ඒ පිළිබඳ බලය සහ අයිතිය ඇති සියලු ආයතනවලට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ආයතනික බලය පිළිබඳ තියෙන කඹඇදීම නිසා මෙම ඛිෙදවාචකය ඇතිවූ බවද කීවේය.

පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (20) පෙරවරුවේ පැවැති විශේෂ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සතිය තුළ මෙම කමිටුව පත් කරන බවත් එහි වාර්තාව මසක් තුළ ලබා ගැනීමට බලා‍පොරොත්තු වන බවත් ජනාධිපතිවරයා කීවේය. අදාළ කමිටුව  ඉදිරියේ ඕනෑම පුද්ගලයකුට පැමිණ කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාව ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රුචිර දිලාන් මධුසංඛ