හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කරන ලද කොළඹ කසළ දුම්රියෙන් පුත්තලමට ගෙන ගොස් විද්‍යානුකූලව කසළ රැඳවීමේ වැඩපිළිවෙළ අදියර 3ක් යටතේ වහාම කි්‍රයාත්මක කරන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එබැවින් පුත්තලමට කොළඹ කුණු එපා කියමින් තවත් මීතොටමුල්ල වැනි ඛේදවාචකයක් ඇති කරන්නට එපා˜ යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එම ව්‍යාපෘතියේ සැලසුම් සකස් කර අවසන් වී ඇති අතර මේ වනවිට එහි පාරිසරික ඇගයීම් වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේ එම අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී ය.

එ අනුව පුත්තලම, අරුවක්ආරු ප්‍රදේශයේ විද්‍යානුකූල කසළ රඳවන මධ්‍යස්ථානය ඉදිකිරීමේ වගකීම තම අමාත්‍යාංශය භාරගෙන ඉදිරි වසර 2 තුළ වැඩ අවසන් කරන බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.

එ වැඩපිළිවෙළ ඇත්තටම හොඳයි. එAකට ස්තූතියි. මේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ලැබී තිබුණේ 2014 වසරේ අගෝස්තු මාසයේදී. එAකෙන් සූÞනම් වුණේ පුත්තලමේ තිබුණු එකල හොල්සිම් සිමෙන්ති සමාගමේ හුණුගල් වළවල්වලට විද්‍යානුකූල හා විධිමත් ක්‍රමවේදයකට දුම්රියෙන් කසළ ගෙනිහින් බැහැර කරන්නයි. එA කාලයේදී මේක කරන්න දෝහා කියලා කොරියානු උපදේශක සමාගමක් සහ ඊඑම්එල් ආයතනයේ දේශීය උපදේශකත්වය භාරදීලා තිබුණා.

2015 වනතුරු එ ගැන අධ්‍යයනය කළා. එAකට විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි. ඊටපස්සේ පරිසර අධ්‍යයනයක් කළාම 2016 ජනවාරි 16 වැනිÞ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දුන්නා එතැන කසළ Þන්න බෑ එAක තියෙන්නේ විල්පත්තුවේ ප්‍රේරක කලාපයේ කියලා. 2016 ජනවාරි 26 වැනිÞ මධ්‍යම පරිසර අධිකාරිය අපිට දැනුම් දුන්නා.

නමුත් මම එA කරුණට එකඟ වෙන්නේ නෑ. මොකද මීතොටමුල්ලේ වෙන පරිසර විනාශයෙන් Þහෙන් එකක්වත් පුත්තලමට වෙන්නේ නෑ. හැබැයි අපි අධෛර්යමත් වුණේ නෑ. අපි එක වෙන තැනක බලනවා. එහි පරිසර අධ්‍යයනය කෙරීගෙන යනවා. මේකට රේල් පාරක්, දුම්රිය මැදිරි බත්තල්, කසළ දමන තැනක්, ආදී බොහෝ දේ අවශ්‍ය වෙනවා. දැන් අපි එAක අදියර 3කට කඩලා එ ව්‍යාපෘතිය වහාම කි්‍රයාත්මක කරන්න සැලසුම් සියල්ල ඇඳලා තියෙන්නේ. අපිට දැන් ඉක්මනින් මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වෙලා තිඛෙනවා. එAක ලද වහාම අපි ඉතිරි වැඩ කරගෙන යනවා.

එහෙම නැතුව හිටපු ජනාධිපතිවරයා කියනවා වගේ හෙට අනිද්Þ කුණු Þන්න හිටියේ නෑ. මේ වැඩෙත් හොඳයි. නමුත් අපි කියන්නේ සමාජෙට බොරු කියන්න එපා කියලා. විරෝධතාවලින් තමයි මේක කසළ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.˜ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසී ය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි