මිනිස් ජීවිත බිලි නොදී කුණු කන්දේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට ආණ්ඩුවට ඕනෑතරම් කාලය තිබූ නමුත් එය මගහැරියේ ආණ්ඩුවේම ඇතැම් දේශපාලනඥයන් හා නගර සභා, මහ නගර සභා  සමහර නිලධාරින්. මෙය සල්ලි උල්පතක් බවට පත්කරගෙන සිටින නිසා බව ජවිපෙ ප්‍රචාරක ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
බත්තරමුල්ල පැලවත්ත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (20) පැවති මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

2008දී කොළොන්නාවේ මීතොටමුල්ලට කොළඹ නගරයේ කුණු දැමීම ආරම්භ කළා. 1979 සිට මීතොටමුල්ලට දැම්මේ කොළොන්නාව නගර සභාවේ කුණු පමණයි. කොළඹ කුණු දාපු බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ නීතිමය ප්‍රශ්නයක් නිසා මීතොටමුල්ල තෝරාගත්තා. ඒ අවස්ථාවේදී එම ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වී තිබුණු නිසා කුණු දාන්න එපා කියලා ජනතාව විරුද්ධ වුණා. කුණු දාන එක ගැන  කොළොන්නාව නගර සභාවට ආපු විශේෂ යෝජනාවට විරුද්ධ වුණේ ජවිපෙ මන්තී්‍ර ධම්මික විජයමුණි සහෝදරයා විතරයි. අනෙක් පක‍ෂ දෙකේ මන්තී්‍රවරු සියලූ දෙනාම කුණු දාන එකට පක‍ෂව අත ඉස්සුවා. ජනතාව ඊට විරුද්ධව උද්ඝෝෂණ කළා. ගෝඨාභය රාජපක‍ෂ හමුදාව පොලිසිය දාලා මිනිස්සු බිය වද්දලා කුණු දැම්මා. වසර ගණනකට පසුව එම ප්‍රදේශය කුණු කන්දක් බවට පත්වුණා. අවසානයේ ඒ කුණු කන්ද කඩා වැටිලා විශාල ඛේදවාචකයක් ඇතිවුණා.

අද මහ ඇමැතිවරු, ආණ්ඩුවේ ඇමැතිවරු එක එක කතා කියනවා. බස්නාහිර මහ  ඇමැතිවරයා මෙගා පොලිස් ඇමැතිවරයාට වගකීම පවරනවා. බි්‍රතාන්‍ය සමාගමක් ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය චම්පික රණවක ප්‍රතිෙක‍ෂ්ප කළා කියලා මහ ඇමැති කියනවා. ඇමැතිවරු කඹ අදිනවා. මහ ඇමැති එකක්, මෙගා පොලිස් ඇමැති තව එකක් කියනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න සමාගම් 108ක් ඉල්ලූම් කළා. මෙම කුණු දහනය කොට විදුලිය නිපදවන්න, ජීව වායුව හදන්න, පොහොර හදන්න, ඔවුන් ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කළා. ලැඛෙන ලාභයෙන් ආණ්ඩුවට කොටසක් ගෙවන්නත් යෝජනා වුණා. නමුත් ඒ කිසිවක් කි්‍රයාත්මක වුණේ නැහැ.

දැන් ආණ්ඩුව විසඳුමක් කියලා තවත් පැලැස්තරයක් අලවන්න යනවා. මේ කුණු තව ස්ථානයකට ගෙනිහින් දාන්න යනවා. කලින් ආණ්ඩුව පුත්තලමට ගෙනියන්න හැදුවා. මේ ආණ්ඩුව ඒකල ඔතේ කැලේට කුණු දාන්න හදනවා. එම ප්‍රදේශයත් ජනාකීර්ණ ප්‍රදේශයක්. අනෙක් පැත්තෙන් අත්තනගලූ ඔය තියෙනවා. සුළු වැස්සකටත් ගංවතුරෙන් යට වෙනවා. ඒ නිසා අනතුරක් තිඛෙනවා. ඒ නිසයි ඒකල ජනතාව මීතොටමුල්ලේ කුණු එපා කියන්නේ. ආණ්ඩුව කරන්න හදන්නේ මීතොටමුල්ලේ ප්‍රශ්නය ඒකලට ගෙනියන එකයි. ඒක උත්තරයක් නෙවෙයි. අනෙක් පැත්තෙන් කොළඹ කුණු කරදියානට ගෙනියන්න හදනවා. එතැනත් ටොන් ලක‍ෂ ගාණක කුණු එකතු වෙලා. කරදියානත් ජනාවාසකරණය වූ ප්‍රදේශයක්. අනෙක් පැත්තෙන් බොල්ගොඩ ඔය. ඒ නිසා තමයි පක‍ෂ භේදයක් නැතිව පොදු ජනතාව මේකට විරුද්ධ වෙන්නේ. ආණ්ඩුවේ නායකයෝ කියනවා, මේක දේශපාලන උසිගැන්වීමක් කියලා. ඒ චෝදනාවලින් ආණ්ඩුව කියන්න හදන්නේ තමන්ගේ බැරිකමයි. තමන්ට ස්ථීර විසඳුමක් නැතිකමයි.
ජනතා විමුක්ති පෙරමුණේ අපි 2002 දී තිස්ස ප්‍රාදේශීය සභාවේ බලය ගත්තා. ඒ වෙලාවේ ප්‍රාදේශීය සභාවට තිබූ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කැළි කසළ ප්‍රශ්නය. ප්‍රාදේශීය සභාවක් ලෙස පළමු වතාවට කසළ ප්‍රතිචකී්‍රයකරණය අපි ආරම්භ කළා. zඋඩුගම් බලා යන පරිසර ව්‍යාපෘතියz ලෙස අපි ඒක නම් කළා. මුලින්ම අපි කළේ අක්කර 10ක  ජනශ+න්‍ය ප්‍රදේශයක් තෝරා ගත්ත එක. ඉන් පසුව වල්අලි එන එක නවත්වන්න ඉඩම වට කරලා විදුලි වැටක් ගැහුවා. පසුව කුණු වෙන් කරලා එම ඉඩමට ගිහින් දැම්මා. ටැංකි 04 ක් නිර්මාණය කරලා එකතු වුණු කුණු ප්‍රතිචක්‍රීයකරණය කරලා කාබනික පොහොර හැදුවා. කාබනික පොහොර මල්ලක් රු. 25 ගණනේ සහන  මිලකට දුන්නා. අපි කසළ ප්‍රතිචකී්‍රයකරණය පිළිබඳ ආදර්ශයක් දුන්නා. විවිධ ප්‍රාදේශීය සභා ගෙන්වලා තිස්ස ප්‍රාදේශීය සභාවේ කසළ ප්‍රතිචකී්‍රයකරණ ව්‍යාපෘතිය පෙන්වුවා. අද වන විටත් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා යම් තරමකට මේ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන තියෙනවා. නමුත් ආණ්ඩුවට විසඳුමක් හොයාගන්න බැරිවෙලා තිඛෙනවා. අද කයිවාරු ගහන රාජපක‍ෂ ආණ්ඩුව එදා තිස්ස ප්‍රාදේශීය සභාවේ කසළ ප්‍රතිචකී්‍රයකරණ ව්‍යාපෘතිය විනාශ කරලා දැම්මා.  රාජපක‍ෂලා ගොඩගහපු කුණු තමයි අද මීතොටමුල්ලේ තියෙන්නේ.  ගෝඨාභය කොළඹ ලස්සන කරනවා කියලා මීතොටමුල්ලේ කුණු පිරෙව්වා. මෙහි පළමු වගඋත්තරකරුවන් වෙන්නේ රාජපක‍ෂ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රාජපක‍ෂලා ගොඩගහපු කුණු පවත්වාගෙන ගියා. මෙම කුණු ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් තිඛෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම විද්‍යාත්මක විසඳුම් යොදාගෙන තිඛෙනවා.

කසළ ප්‍රතිචකී්‍රයකරණයේ ප්‍රධාන කරුණු දෙකක් තිඛෙනවා. එකක් තමයි, මූලාශ්‍රයේදී වෙන් කිරීම. අනෙක් කාරණය වෙන්නේ 3 ආර් සිස්ටම් එක. රෙඩියුස්, රී යූස් සහ රීසයිකල්. මෙම ක්‍රමය යටතේ කසළ කළමනාකරණය කළ යුතුයි. අපේ රටේ මහ ඇමැතිවරු, කැබිනට් ඇමැතිවරු, අපේ රටේ නායකයෝ ඕනෑ තරම් ලෝකයේ වෙනත් රටවල්වලට ගිහින් මේවා පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒත් ලංකාවේ කි්‍රයාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කුණු මාෆියාව කි්‍රයාත්මක වීම. කුණු ඉවත්කරන කොන්ත්‍රාත්තුව ගන්නේත් දේශපාලකයින්. ආණ්ඩුවත් මේ මාෆියාව පවත්වාගෙන යන කොටස්කාරයෙක්.

පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා අදහස් දක්වමින්…
මේ සිදුවීමෙන් පස්සේ විදේශගත ශී්‍ර ලාංකිකයින්ට පවා ඒ රටවල පාරේ බැහැලා යන්න ලැජ්ජාවක් ඇතිවෙලා. විදේශගතව ඉන්න මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා, ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ගුවන්තොටුපොළෙන් බැහැලා කොළඹට එන විදේශකයකුට කැලණි පාලමේදී වම බැලූවම පේන්නේ කොළොන්නාවේ කුණු කන්ද. දකුණ බැලූවාම පේන්නේ බ්ලුමැන්ඩල් කුණු කන්ද. ඉතියෝපියාවෙන් පස්සේ කුණු කන්දකට යටවෙලා මිනිස්සු මැරුණු රට ලංකාවයි. ලැජ්ජාවට කරුණක් තමයි.

කොළොන්නාවේ මෙම භූමිය කුණු දාන්න තෝරා ගත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකට අනුව නොවෙයි. ඒ වගේම මේ ආණ්ඩුවට අවස්ථා 3කදී මෙම විපතෙන් ජනතාව බේරගන්න කටයුතු කරන්න තිබුණා. එක වෙලාවක මේ කුණු කන්ද ගිනි ගත්තා. ඒ මොහොතේදී මෙම කුණු කන්දේ වපසරිය පිළිබඳව නිසි ඇගයීමක් කළේ නැහැ. මෙම කුණු කන්ද තිබුණේ මඩ සහිත භූමියක.

මේ මෑතකදී සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවුණා. එහිදී අසාමාන්‍ය ලෙස නිවාස යටවුණා. ඒ වෙලාවේදීත් අපි අදාළ ආයතන දැනුවත් කළා. මෙම ස්ථානයේ අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ආසන්නම බරපතළම සිදුවීම සිදුවුණේ අප්‍රේල් 11 රාති්‍රයේ. අප්‍රේල් 12වැනිදා මම එතනට ගිහින් බැලූවා. අසාමාන්‍ය ලෙස එම ප්‍රදේශයේ කොටසක් ඉරි තළා ගිහින් තිබුණා. කොන්කී්‍රට් තට්ටුවක් පැළිලා ඈත් වෙලා තිබුණා. ඒ මොහොතේදීත් අපි අදාළ බලධාරීන් දැනුවත් කළා. නමුත් මේ අවස්ථා හැම එකකදීම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන එක මගඇරියා.

තිලක් පුෂ්පකුමාර
ඡායාරූප : ටෙරාන් නානායක්කාර