කෘතහස්ත දේශපාලනඥයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 80 වැනි ජන්ම දිනය හෙට දිනට (22) යෙදී තිබේ. මේ ලිපිය එ නිමිත්තෙනි.

ජනතාව විසින් ඉහළට ඔසවා තබන දේශපාලනඥයන් අවසානයේ දී ජනතාව අමතක කරන රටක බිහි වූ අතළොස්සක් වන ජනතාවාදී නායකයන් අතුරෙන් ද මගේ පියා වන රෙජී රණතුංගයන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සිය ආසනයේ, දිස්ත්‍රික්කයේ මෙන්ම අවසානයේ රටේම පොදු මහජනතාව කෙරෙහි සැබෑ ලෙන්ගතුකමකින් සෑම මොහොතකම කටයුතු කළ ඔහු නිබඳව ජනතා ජයග්‍රහණයම පැතූ අපූරු දේශපාලනඥයකු විය.

මා ඔහු අපූරු දේශපාලනඥයකු යැයි කියන්නේ බහුතර දේශපාලනඥයන් ස්වකීය ජයග්‍රහණයම පතන සමයක ඊට හාත්පසින්ම විරුද්ධව ජනතා ජයග්‍රහහණය පැතූ ඔහු මෙරට දේශපාලන කරලියෙහි උඩුගම් බලා පිහිනූ අයකු වන බැවිනි. එවන් අපූරු දේශපාලනඥයකුගේ සෙවණෙහි වැඩෙමින්, ගුරුහරුකම් ලබමින් දේශපාලන ගමන අරඹන්නට ලැබීම මා සෑමවිටම සලකන්නේ මා ලැබූ මහත් භාග්‍යයක් වශයෙනි.

1977 මහ මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එළව එළවා පහර දුන්නේ රාජ්‍ය මැර බලය ද යොදා ගනිමිනි. අප පාක්ෂිකයන් රාජ්‍ය මැරයන් අතින් එසේ පහර කන විට බොහෝ දෙනා එවකට අනුගමනය කළ සැඟව සිටීමේ ප්‍රතිපත්තිය ඉවත ලු මගේ පියා පාක්ෂිකයන් බේරා ගැනීමට පෙරමුණ ගත්තේ සිය ජනතාවාදී හැඟ=ම් කිසි විටෙක යටපත් වන්නට ඉඩ නොදුන් නිසාය.
reji
තම ජනතාව වෙනුවෙන් පෙනී සිටි මේ අභීත මිනිසාට පිහි පහර එල්ල කළ එ.ජා.ප මැරයන් ඔහු සතු එකම වත්කම වූ අපගේ නිවස ගිනි තබා විනාශ කළේ මගේ ඇස් ඉදිරිපිටදීමය. පසුව ආරක්ෂාව උදෙසා     අප කොළඹ ගෙනවිත් ඇරලු මගේ පියා මවගේ දැඩි විරෝධය ද නොතකා දින කිහිපයකට පසුව නැවත මිනුවන්ගොඩ නිවස බලා ගියේ සිය ජනතාව අනතුරක සිටින විට සැඟවී සිටිය නොහැකි බව කියමිනි.

තාවකාලික ටකරන් මඩුවක වෙසෙමින්, භූමිතෙල් පහනේ එළියෙන් රාත්‍රිය පහන් කරමින් තමන් සතු කුඩා යතුරුපැදියෙන් මිනුවන්ගොඩ ආසනය පුරා කරක් ගැසූ මගේ පියා නැවතත් පාක්ෂිකයන් එක්රැස් කර ශක්තිමත් කිරීමේ කාර්යයෙහි දිවා රෑ නොබලා යෙදුණේය. එහිදී මගේ පියා සමග ආසනය පුරා සංවිධාන කටයුතුවලට මම ද සහභාගි වුණෙමි. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් පිබිදුණු ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා වශයෙන් මගේ පියා 1986 වසරේ දී පත්විය.

මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා වශයෙන් මගේ පියා කටයුතු ඇරැඹීමත් සමග ඔහුගේ සෙවනෙහි දේශපාලනයේ zඅZ යනු zආZ යනු කියවන්නට මට පුළුවන්කම ලැබුණි. නිරන්තරයෙන් ජනතාව සමඟ දේශපාලනයෙහි යෙදුණු මෙම පරිණත මිනිසාගේ ඇසුර මගේ දේශපාලන ගමන ද වඩාත් ඔපමට්ටම් කළ බව මම විශ්වාස කරමි. ඔහු මට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා කළේ කොයි තනතුරටත් වඩා ජනතාව වටින බව කියමිනි. අදටත් ජනතාවගෙන් තොර දේශපාලනයක් මගේ නැත්තේ ද මගේ පියා නිසාමය.

1988-9 භීෂණ සමයේ නිල හා නොනිල වධ කඳවුරුවලට ගාල් කෙරෙන තරුණ තරු‚යන් බේරා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ සටනට ශක්තිය සපයමින් මගේ පියා වෙහෙසුණු අයුරු අදටත් මට හොඳින් මතකය. තරුණ තරු‚යන්ගේ මවුපියන් ඇ~ූ කඳුළින් යුක්තව කියන කතා අසා සිටින පියා මා ද කැටුව පොලිසි, කඳවුරු ගාණේ යන්නේ ඔවුන්ගේ දරු දුක තමාගේ කර ගනිමිනි.

රෙජී රණතුංගයන් මියගියේ ඇමැතිකමක් නොලැබීම හේතුවෙනි යන සාවද්‍ය මතය ඇතැමුන් සමාජගත කිරීමට උත්සුක වනු දක්නට ලැබීම මගේ හද මහත් පාරවන කරුණකි. කිසි දිනක තනතුරු තාන්න මාන්න පසුපස නොගිය මගේ පියා ඇමැතිකම් අලූයම ලු කෙළපි~ක් මෙන් ඉවත දැමූ දේශපාලනඥයකු බව නොකියාම බැරිය.

වරක් චන්ද්‍රිකා ජනාධිපතිනිය වයඹ ආණ්ඩුකාර ධුරය පිරිනැමීමට සූදානම් බව දන්වා එවා තිබුණු අතර දිවුරුම් දීමට සුදුසු වේලාවක් ද සකස් කරගෙන ජනාධිපති මන්දිරයට ගිය විට ආපසු හරවා එවා තිබුණේ මේ අවස්ථාවේ දී එය දිය නොහැකි බව කියමිනි. තවත් වරක වරාය කැබිනට් ඇමැති ධූරයේ දිවුරුම් දීමට සූදානම් ව සිටි මගේ පියා ඇමැති ධුරය රාවුෆ් හකීම් ඇමැතිවරයා වෙත පරිත්‍යාග කළේ ජනාධිපතිනියගේ ඉල්ලීමක් මතය.

එසේම 2008 වසරේ දී ශ්‍රීලන්කන් ගුවන් සේවාව නැවත රජයට පවරා ගැනීමේ උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි‚. එම උළෙලේ දෙවැනි පෙළ අසුනක සිටි මගේ පියා දුටු ජනාධිපතිවරයා වහාම ඉදිරි පෙළ වෙත කැඳවා කියාසිටියේ මෙම අවස්ථාවේ ඇමැති ධුරයක් දීමට නොපුළුවන් බැවින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පත් කරන බවයි. වහාම දිවුරුම් දී එය භාර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබු‚.

එහෙත් මගේ පියා එය ප්‍රතික්ෂේප කළේ යුද්ධයේ ආරම්භය සනිටුහන් කර ඇති මොහොතක ඇමැතිකම් පිළිබඳ තම බලාපොරොත්තු ගැන නොවෙහෙසී රට නිදහස් කර ගැනීමට සිත යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරමිනි. මගේ පියා මිය ගිය අවස්ථාවේ දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට පිටත්ව යාමට පෙරාතුව ජයරත්න මල්ශාලාව වෙත පැමිණ අවසන් ගෞරව දැක්වීය.

තම අත තිබුණු බත්වේල පවා අසරණයකුට පිදීමට තරම් උත්තරීතර මනුෂ්‍ය ගති පෑ මගේ පියාට කරන ලොකුම අගෞරවය නම් මෙවැනි අසත්‍ය ප්‍රකාශ ජනගත කිරීම බව මාගේ විශ්වාසයයි. රෙජී රණතුංගයන්ට වුවමනා වූයේ තනතුරු නොව ජනතා සේවය බව මා නොබියව කියන්නේ වසර ගණනාවක් තිස්සේ ඔහුගේ දේශපාලන ගමනේ සෑමතැනකදීම ඔහු අසලම සිටීමට මා හට හැකි වූ නිසාය.

අද උදා වී ඇත්තේ රෙජී රණතුංග වැනි උදාරතර දේශපාලනඥයන් දහස් ගණනින් රටට වුවමනා කරන යුගයකි. ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු ගොස් ජනතා වුවමනාවන්ට පයින් ගසනා දේශපාලනඥයන් සිටිනා තැන උපන් දා සිට මියෙන තෙක්ම ජනතාව වෙනුවෙන් සිටි ඔහු වැනි දේශපාලනඥයන්ගේ අඩුව අද රටට වඩාත් දැනෙමින් පවතී. රෙජී රණතුංග නමැති උදාරතර මිනිසා අද සිටියා නම් කියා බොහෝ දෙනකුට සිතෙන්නේ එබැවිනි.

ප්‍රසන්න රණතුංග
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු