කසළ කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කොට, රටේම කසළ කළමනාකරණය මධ්‍යම පරිසර අධිකාරියකට වහා පැවරිය යුතු බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එමෙන්ම කොළඹ ආශ්‍රිතව සිදුකිරීමට අපේක්ෂිත වරාය, තාක්ෂණ, සේවා නගර වැනි ව්‍යාපෘතිවලින් අනාගතයේ මතුවන කිසිදු කුණු කැබැල්ලක හෝ වගකීම පළාත් පාලන ආයතනවලට ලබානොදෙන අතර එA සඳහා මුතුරාජවෙල කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බව හෙතෙම කියාසිටියේ එම අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී ය.

කැළිකසළ පිළිබඳ නීත්‍යනුකූල වගකීම ඇත්තේ අÞළ පළාත් පාලන ආයතනවලට. එනම් නගර සභාවලට, ප්‍රාදේශීය සභාවලට. අපිට කසළවල කිසිදු වගකීමක් නෑ. නමුත් බස්නාහිර පළාතේ විශේෂයක් තිඛෙනවා. එනම්, කසළ කළමනාකරණ අධිකාරියක් තිඛෙනවා. අපි ආරම්භ කළා කලකට පෙර පිළිසරු කියලා ව්‍යාපෘතියක්. එAක නිසා කසළ කඳු ගොඩක් නැතුව ගියා. නාගරික සංවර්ධන අධිකාරිය මේකට සම්බන්ධ වුණේ මෙහෙමයි. අලූත් ආණ්ඩුව ආවට පස්සේ නාගරික සංවර්ධන අධිකාරියට නියෝගයක් දුන්නා කරදියාන, ගම්පහ කළමනාකරණය වෙනුවෙන් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමක් කරන්න කියලා. කසළ ගැටලූව පළාත් පාලන ආයතනවලට පැවරුණත් ඔවුන්ට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීම් කරන්න බෑ. එAකයි මේක නාගරික සංවර්ධන අධිකාරියට පැවරුණේ. 2015 දී මේ ගැන දැන්වීම් Þලා දේශීය අය 103ක් සහ විදේශීය අය 19ක් ලෙසින් සමාගම් 122ක් මේ සඳහා ඉදිරිපත් වුණා. මේකෙ කිසිම පගා කතාවක් නෑ. විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළේ. ඉන්පසුව කරදියානට සමාගම් 4යි ගම්පහට සමාගම් 3 බැගින් තෝරා ගත්තා. ඔවුන්ගේ මුල්‍යමය යෝජනා කැඳවලා 2016 තාක්ෂ‚ක ඇගයීම් කළේ දේශපාලනඥයෝ නෙවෙයි විද්වත් මහාචාර්යවරු. එAවාට කැබිනට් අනුමැතිය 2017 මාර්තු 10 ලැබුණා. එAවා දුන්නා පළාත් සභාවලට දුන්නේ මාධ්‍ය ඉදිරියේ. ඉතින් නාගරික සංවර්ධන අධිකාරයට පැවරුණු ටෙන්ඩර් පටිපාටිය අවසන් කොට පළාත් සභාවලට පවරා තිබුණේ. නමුත් මේ විවෘත කි්‍රයාÞමයට තාක්ෂ‚ක දෝෂ නිසා රිංගන්න බැරිවූ අය දැන් කියනවා පගා ඉල්ලූවලූ. එහෙම කිසිම දෙයක් නෑ. මේ හැමදේම සිදුවුණේ විවෘතවයි. මේ අමාත්‍යාංශය ඉඩම් හෝ වෙනත් කිසිදු දෙයක් සම්බන්ධව මුදල් වංචා කරන්නේ නැති බව මම වගකීමෙන් කියනවා.

මීතොටමුල්ලේ වුණේ 2012 දී විසඳුමක් දුන්නා කසළ ගැන. වෙස්ටර්න් පවර් ආයතනයට අක්කර 10ක් දුන්නා. ඔවුන් සල්ලි බැන්දා. නගර සභාව කළේ එA ඉඩමෙත් කුණු දැම්මා. ඔවුන්ට ඉඩමත් නැතිවුණා කියලා අපිට දැන්වූවාම එA වැඩේට අපි මුතුරාජවෙල ඉඩමක් දුන්නා. කොහොමහරි කසළ ගැන තියෙන ලොකුම ගැටලූව ඉඩම් නැතිවීමයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කුණු පුත්තලමට දුම්රියෙන් ගෙනියන්න හදපු එක මේ ආණ්ඩුව ඇවිත් කඩාකප්පල් කළා කියලා චෝදනා තියෙනවා. එA වැඩපිළිවෙළ හොඳයි. ඊට ස්තූතියි. නමුත් එAක අපි කරගෙන යන්න පටන් ගත්තා. තාක්ෂ‚ක ගැටලූ නිසයි ප්‍රමාද වුණේ. එහෙම නැතුව හෙට අනිද්Þ කුණු එAකට ගෙනියන්න හිටියේ නෑ. දැනටත් එAකෙ වැඩ සිදුවෙමින් තිඛෙනවා. අපි කියන්නේ එA වැඩේ හොඳයි එAත් සමාජෙට බොරු කියන්න එපා. නගර නිර්මාණය කරනවා කියන්නේ ජොගින් ට්‍රැක් හැදිල්ල නෙවෙයි. සාලේ ලස්සනට තිබ්බට මදි. වැසිකිළියයි කුස්සියයි කුණුගොඩක් නම්. අනික මේ මීතොටමුල්ලේ ප්‍රශ්නෙට කාගෙවත් කඹ ඇදිල්ලක්වත් හේතුවුණේ නෑ. මේ කසළ අපේ වගකීමක් නෙවෙයි. බස්නාහිර පළාතේ දිනකට ටොන් 1600ත් 2000ත් අතර ප්‍රමාණයක් එකතු වෙනවා.

මේ කසළ ඉතිහාසයට කෂඩ දේශපාලනයක් තියෙනවා. නොයෙක් ආණ්ඩුවල නොයෙක් දේශපාලනඥයෝ තමන්ගේ දේශපාලන ඉරණම පරදුවට තියලා මේ කසළ ප්‍රශ්නයට විසඳුම් හෙව්වා. මුලින්ම මේ කසළ ප්‍රශ්නෙට ඉදිරිපත් වුණේ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා. එÞ කොළඹ නගරාධිපති. 1997 දී ලෝක බැංකුවේ ආධාර ඇතිව. මේක මීපේ කරන්න ගියා. මීපෙට කොළඹ කුණු එපා කියලා සීතාවක දේශපාලකයෝ පාරට බැස්සා. පළාත් සභා මැතිවරණයට කරු මහතා එජාප මහඇමැති ලෙස ඉදිරිපත් වුණා. ඔය මීපේ ගලවාගැනීමේ පෙරමුණ සියලූ පක්ෂ ගෙන්නලා අත්සන් ගන්නවා. අත්සන් නොකළේ කරු මහතා විතරයි. මොකක්ද ප්‍රතිඵලේ. එතුමා ඡන්ද 9000කින් පරදිනවා. ඊටපස්සේ රැස්වීමක් තියලා කියනවා කොළඹ කුණු මීපෙට ගෙන්නන්න හැදූ කරු පන්නපු ජනතාවට උත්තමාචාරය කියලා. එÞ කරු මහතා මහ ඇමැති වුණා නම් ලංකාවේ දේශපාලන අනාගතය එතැනින් තීරණය වෙන්න තිබ්බා. මොකද චන්ද්‍රිකා මැතිනියත් මහ ඇමැති අගමැතිනි ජනාධිපති විදියට තමයි ආවේ. කරු මහතාට එA ගමන යන්න තිබුණා. එAකෙ අනිත් ප්‍රතිඵලය මොකක්ද බ්ලූමැන්ඩල් කුණුකන්දක් ඇතිවුණා. අපි ගියා බ්ලුමැන්ඩන් කුණු කන්දට. එAක නතර කරනවා කිව්වා. එÞ අපේ කාර්යාලයට එන්න බැරිවුණා. එතැන පාතාල නායකයා අපේ හැමෝටම දුරකථනවලට කතා කරලා තර්ජනය කළා. zතොපි මේ පැත්තේ ආවොත් බානි රේමන්ඩ් එකෙන් නවත්තනවා කිව්වාZ ඉන්පසුව විශේෂ බළකාය Þලා නතර කළේ. කොළොන්නාව කුණු කන්ද ගඳ ගහන කුණුකන්දක් වුණාට සමහරුන්ට සුවඳ හමන මල් වත්තක්. ධන උත්පාදන උයනක්. කුණු කඳු පිටිපස්සේ කතා ගොඩක් තියෙනවා. වග ව්‍යාපෘතියක් කරන්න ගියත් දුන්නේ නෑ. වග ව්‍යාපෘතිය කළා නම් මීතොටමුල්ලේ අද කසළ කන්දක් නෑ.

මීතොටමුල්ලේ මීටර් 30ක උසකට වඩා කසළ ගොඩගහන්න එපා කියලා නායයාම් ගැන අධ්‍යයන ආයතන කලින්ම කිව්වා. අද වෙද්දී එහි වර්ග මීටර් මිලියනයක කුණු ගොඩගහලා. උසම තැන උස මීටර් 48.5යි. මහනගර සභාවට බැණලා වැඩකුත් නෑ. කසළ විසඳුමට ලොකුම ප්‍රශ්නය ඉඩම් ලබාදීමයි. මොනවා කරන්න ගියත් කොළඹ කුණු අපිට එපා කියලා පාරට බහිනවා. කොළඹ පදිංචිකරුවෝ ඉන්නේ ලක්ෂ 6යි. කොළඹට දෛනිකව පිටතින් එන ලක්ෂ 10ක පිරිස තමයි වැඩිම කසළ ප්‍රමාණයක් නිර්මාණය කරන්නේ. මේ ගැටලූව ගැන සංවේදීව බලන්න කියලා මම ඉල්ලනවා. දේශපාලන ළදරු වලිප්පුකාරයන්ට මේවා කියලා වැඩක් නෑ. කොළඹ විතරක් නෙවෙයි කසළ ගැටලූව මහනුවර, ගම්පොළ, ගල්කිස්ස, කෝට්ටේ, ගාල්ල, මාතරත් තියෙනවා. කොළඹ කුණු ප්‍රශ්නය අපි සාමූහිකව විසඳමු.˜ යැයි පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

මෙම අවස්ථාවට කසල ප්‍රතිචකී්‍රකරණය සඳහා විවෘත ටෙන්ඩර් ලබාදී ඇති සමාගම්වල නියෝජිතයන් සහභාගි වූ අතර ඔවුන් කියා සිටියේ දැනටමත් සිදුකෙරෙන එම කටයුතු සඳහා වසර 2ක පමණ කාලයක් ගතවනු ඇති බවය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඡායාරූප : ටෙරාන් නානායක්කාර