මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මියගිය පිරිස සිහි කරමින් ඉටි පන්දම් දල්වා ශෝකය පලකිරීමේ නිහඬ විරෝධතාවයක් නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වුණි.

මුහුණු පොත ඇතුළු සමාජ ජාලවල සිටින මාධ්‍යවේදීන්, පරිසරවේදීන් සහ කලාකරුවන් විසින් මෙම නිහඬ විරෝධාතාවයවය සංවිධානය කර තිබුණි.

ඊයේ (19) පැවැත්වුණු මෙම විරෝධතාවයට විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් ‘මීතොටමුල්ල සමූහ ඝාතනය හෙළා දකිමු’ ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් තම විරෝධතාවය දැක්වීය.

ඡායාරූප – කසුන් ප්‍රනාන්දු

M1M2M3M4M5